• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

භික්ෂුන් වහන්සේලා දවල්ටත් පෙනී නොපෙනී යන ආරණ්‍යය

August 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
භික්ෂුන් වහන්සේලා දවල්ටත් පෙනී නොපෙනී යන ආරණ්‍යය
Share on WhatsAppShare on Facebook

බුද්ධ ධර්මයේත් සංඝයා වහන්සේගේත් අතීතය ගැන සොයා බලද්දී අසන්නට, දකින්නට ලැබෙන කාරණා අතර අහසින් වැඩම කළ හිමිවරුන් ගැනද කියැවේ. එසේම පෙනී නොපෙනී යන භික්ෂුන් වහන්සේ ගැනත් යම් යම් ප්‍රාතිහාර්ය පාන්නට හැකියාව ඇත්තාවූ භික්ෂුන් ගැනත් අප අසා ඇත්තෙමු. එහෙත් වර්තමානය එවැනි පුවත් ඇසෙන කලක් නොවේ. එහෙත් පසුගියදා එවැනි විශ්වාස කළ නොහැකි කාරණාවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ප්‍රචාරය වීමට පටන් ගත්තේය. එයින් කියැවුණේ අනුරාධපුර පිහිටි එක්තරා ආරණ්‍යයක වැඩවසන භික්ෂුන් වහන්සේලා දහවල් කාලයේදීත් පෙනී නොපෙනී යන බවකි. ඇත්තටම මොකක්ද මේ කතාව කියලා බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවෙද්දී අපිත් යම් සොයාබැලීමක් කරන්නට සිතුවා.
හෙළිවන තොරතුරු අනුව විජයාරාම යන නමින් හඳින්වෙන මෙම විස්මිත ආරාමය පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමයත්, කුට්ටම්පොකුණත් අසලින් වැටී ඇති රණවිරු ඉන්දික අරුණ මාවතේ. ක්‍රි.ව. හත්වැනි සියවස හෝ අටවැනි සියවසට අයත් යැයි සැලකෙන ඉපැරැණි වන වාසයක් හෙවත් පබ්බත විහාරයක් වන මෙය අක්කර විසිතුනක් පුරා විහිදී ගිය ආරණ්‍යයකි. මුළුමනින්ම වනාන්තරයක් සේ දිස්වන මේ ප්‍රදේශයෙන් මේ වන විට පැරැණි ආරාමික නටබුන් රාශියක්ද සොයාගෙන තිබේ. එම නටබුන් ප්‍රමාණය 43කි.

දහවල් කාලයටත් පෙනී නොපෙනී යන භික්ෂුන් වහන්සේලාගේ රූප මෙම වනාන්තරය තුළින් මතුව පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලට යැයි පවසා එහි යටිරෝපණ කැලය කපා ඉවත් කිරීමෙන් පසුවය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි ගවේෂණ කටයුතු අරඹා ඇති බවටත් පැවසෙනවා.
මේ වනාන්තරය ගැන ගොඩනැඟුණු ජනප්‍රවාද අතිවිශාලය. ඒ අතර වඩාත් ප්‍රසිද්ධ කතා කිහිපයක්ද වෙයි. එයින් එක් ජනප්‍රවාදයකට අනුව මේ කැලෑව තුළ අතීතයේ වලිගය තිබුණු මිනිසකු සිටි බවත් පැවසෙනවා. එනිසා මේ අහල පහළ අයවත් සිය කිසිදු අවශ්‍යතාවකට මේ වනයට ගිහින් නැහැ. එහෙත් මෑතක සිට ප්‍රසිද්ධව ඇත්තේ වනවාසී භික්ෂුන් වහන්සේලාගේ රූප මේ වනයේ තැනින් තැනින් මතුවී පෙනෙන බවයි. මෙලෙස විවිධ අවස්ථාවන්හි ස්වාමීන් වහන්සේලාගේ රූප දැක ඇති බොහෝ දෙනෙක් මීට පෙර මෙවැනි සිද්ධියක් ගැන කිසිවක් නොදන්නා අය වීමද විශේෂත්වයකි.
චමිලා ප්‍රියදර්ශනී

SendShareShare
Previous Post

කතරගම දෙවියො පෙරහැරට ආපු විදිහ

Next Post

කෝටි ගණනක වස්තුව සමග හමුවූ සුගලා දේවිය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.