හේමාස් රෝහල් සමූහය පසුගිය නොවැම්බර් 07 වැනි දින තම කාර්ය මණ්ඩලයේ සැඟවුණු දක්ෂතා එළිදක්වනු වස් සංවිධානය කළ Hemas Got talent ප්රසංගය සාර්ථක ලෙස පවත්වන ලදී. හේමාස් සම්මාන රාත්රියට සමගාමීව පැවැත්වූ මෙම ප්රසංගය බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස හෝටලයේදී පැවැත්වීය.
මෙම ප්රසංගයට විවිධ වූ අංග 25ක් පමණ ඇතුළත් වූ අතර වත්තල සහ තලවතුගොඩ හේමාස් රෝහල් ජාලයේ කාර්ය මණ්ඩලයෙත් හේමාස් රසායනාගාර ජාලයේ කාර්ය මණ්ඩලයේත් 500කගේ පමණ මෙම උළෙල වර්ණවත් කිරීම සඳහා එක් වූහ.
හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ මානව සම්පත් අංශය මගින් සංවිධානය කළ මෙම ප්රසංගය සඳහා සමූහයේ ප්රධාන විධායක නිලධාරි ස්ටීවන් එන්ඩර්බි, හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලයේ සභාපති මුර්ටාසා යුසුඵලි, හේමාස් හෝල්ඩින්ග්ස්හි අධ්යක්ෂ මණ්ඩලය ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගි වූහ.











