ඉන්දියාවෙන් සහ මැදපෙරදිග ඇතැම් රටවල අංකවලින් ලංකාවේ ජංගම දුරකතන ග්රාහකයන්ගේ අංකවලට එක් වරක් පමණක් නාදවන ඇමැතුම් මේ දිනවල ලැබෙන බවත්, එම අංකවලට යළි ඇමැතුම් ලබා ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අවධාරණය කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අංකවලට නැවත ඇමැතුම් ගැනීමට ගොස් එම පාරිභෝගිකයන් සිය සිම්පත්වල ඇති සියලුම ගිණුම් ශේෂයන් අවසන් කරගෙන ඇති බවට වූ පැමිණිලි රැසක් තම ආයතනය වෙත ලැබී ඇති බවකි.
මේ නිසා +94 නොවන +24, +21, +25, +60, +81, +96, +91, +22, +90, +97, +33 යනාදී කිසිදු අංකයකට නැවත ඇමතුම් ගැනීමෙන් වැළකී සිටින ලෙසද එම ආයතනය පෙන්වා දී ඇත.










