මුදල් අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් අනුව පොලී අනුපාත අඩු කිරීමට කටයුතු නොකිරීම මත ප්‍රධාන පෙළේ බැංකු 3ක් ඇතුලුව බැංකු 7කට අනතුරු ඇගවීම් නිකුත් කිරීමට මහබැංකුව කටයුතු කර ඇත.
මෙසේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහජන බැංකුව, සම්පත් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ඉන්දියන් ඔවර්සීස් බැංකුව, පබ්ලික් බැංකුව, කාගිල්ස් බැංකුව යනාදියටය.
මූල්‍ය මණ්ඩලය සමග සාකච්ජා කර අදාළ බැංකු සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට මහබැංකුව සූදානම් වන බවද දැනගන්නට තිබේ.










