චීනය, රුසියාව සහ සෞදි අරාබිය සමග යුවාන්වලින් තෙල් මිලදී ගැනීමට සාකච්ඡා පටන් ගෙන තිබේ. 1970 සිට ඔවුන් තෙල් ගනුදෙනු කළේ ඩොලර්වලිනි. චීනය ඩොලර්වලට කරන අභියෝගය සෙලියුලර් දුරකතන විද්‍යුත් භාණ්ඩ දක්වා ව්‍යාප්ත විය හැකිය. කැනඩාවේ බුද්ධි විශ්ලේෂකයන් පවසන්නේ චීනය ඩිජිටල් මුදල් භාවිතය හරහා ඕනෑම මූල්‍ය ගනුදෙනුවක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවය. එම බුද්ධි වාර්තාවලට අනුව යමකු කොපමණ උපයනවාද, ජනතාව බදු ගෙවනවාද යන්න දැනගැනීමටත් මෙම ඩිජිටල් මුදල් භාවිතය උපයෝගී වනු ඇති බවය. චීනයේ මේ යුවාන් ඩිජිටල් මුදල් ඒකකය චීන රජයට ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමය වෙනස් කිරීමටත් හේතු වනු ඇත. චීනයට වාසි නොවන මූල්‍ය ගනුදෙනු වෙනස් කිරීමටත් මෙම ඩිජිටල් මූල්‍ය ඒකකය උදව් වනු ඇත. මෙය ඇමෙරිකානු මූල්‍ය ක්‍රමයට විශාල අභියෝගයක් වනු ඇතත් ඇමෙරිකාවට එයට නතු වීමට අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය.