රුවන් දාපු ෆොටෝ එකෙන් රනිල්ගේ බ්‍රිතාන්‍ය ගමන පත්තු වෙයි!
ජූලි චන්ග්ට ආණ්ඩුව පල නොකියා පළා බෙදයි!
පුංචි ජන්දෙට ජවිපෙ සද්ද නෑ! විමල් බෑම කියයි!
කතා කරන්න අවසර ගන්න ඩලස්ලාත් ජිනීවාවලට!
රනිල්ගේ බ්‍රිතාන්‍යය ගමනට එක්වූ අය ගැන ආන්දෝලනයක්!
එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා තමන් බි්‍රතාන්‍යය බලා පිටත්ව යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ දිනයේ සිටම එම සංචාරය මහත් ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබිණි. ඇතැමුන් ඒ පිළිබඳ ප්‍රශ්න කරමින් කියා සිටියේ මුළු රටම මේ මොහොතේ බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියදී විශාල මුදලක් වියදම් කරමින් අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම අනුමත කළ හැකිදැයි කියාය. පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ඒ කිසිවක් කනකට නොගෙන ජනාධිපතිවරයා බි්‍රතාන්‍යය බලා පිටත් වුවද නිකුත් වූ කිසිදු නිවේදනයක ජනාධිපතිවරයා සමග ගිය පිරිස පිළිබඳ හෝ ගමන් ගත් සංඛ්‍යාව පිළිබඳ හෝ කිසිවක් සඳහන් වූ බවක් දැකගන්නට ලැබුණේ නැත. මේ නිසාම සමාජ මාධ්‍යවල මෙන්ම පාර්ලිමේන්තුවේදීද විවිධ කතා, ප්‍රකාශ සිදුවන ආකාරයක් දැකගත හැකි විය. වරෙක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියේ වත්මන් ජනාධිපතිවරයාද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිය බිරිය අතුලු කණ්ඩායමක් සමග බි්‍රතාන්‍යය බලා පිටත්ව ගොස් ඇතැයි කියාය. එම ප්‍රමාණය අට දෙනකු බවට වාර්තා වන බවත්, එයද මේ මොහොතේ අනවශ්‍ය බවත්, අවශ්‍යම නම් තිදෙනකු පමණක් මේ සංචාරයට එක්ව සිටියේ නම් වඩාත් සුදුසු බව තමන්ට සිතෙන බවත් වෙල්ගම එහිදී කියා සිටියේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ බි්‍රතාන්‍ය ගමන තරමක් උණුසුම් එකක් බවට පෙරළෙන්නට වූ අතර ඒ සමගම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් කියැවුණේ ජනාධිපතිවරයා සමග ජනාධිපති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත්, ආරක්ෂක නිලධාරියා සහ තවත් නිලධාරින් තිදෙනකුත් පමණක් මෙම සංචාරයට එක්ව සිටින බවත්, සමාජ මාධ්‍යවල වාර්තා වන ආකාරයට විශාල පිරිසක් සංචාරයට එක්ව නොමැති බවත්ය.
රුවන්ගේ ෆොටෝ එකෙන් වැඩේ පත්තු වෙයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ලන්ඩන් ගමන වඩාත් ආන්දෝලනාත්මක වූයේ හිටිහැටියේම එම සංචාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළවීමත් සමගය. ජනාධිපතිවරයා ලන්ඩනයේ සිටින සිංහල ඩයස්පෝරාව සමග පැවැති සාකච්ඡාවකදී ගෙන තිබුණු මෙම ඡායාරූපයෙන් දැක්වුණේ ජනාධිපතිවරයාගේ මස්සිනා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධනද මෙම සංචාරයට එක්ව සිටින ආකාරයකි. එම ඡායාරූප ප්‍රසිද්ධියට පත්වන තෙක්ම රුවන් විජයවර්ධන ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයට එක්ව සිටි බවක් කිසිදු ස්ථානයක වාර්තා නොවී තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව මේ පිළිබඳ සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තවත් නිවේදනයක් නිකුත් කෙරුණු ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම නිවේදනයෙන් කියැවුණේ රුවන් විජයවර්ධන ජනාධිපතිවරයා සමග ලන්ඩන් සංචාරයට එක් නොවූ බවත්, වෙනත් සමුළුවකට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණ සිටියදී ජනාධිපතිවරයා සමග එක්වූ බවත්ය.
මෛත්‍රීට වෙච්ච දේම වෙයිද?
කෙසේ වෙතත් රට මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදී තිබියදී සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරයා සිදුකරනු ලබන විදෙස් සංචාරවලදී රටට යමක් එකතු කරනු ඇතැයි කියාය. එසේ නොමැතිව ජනාධිපතිවරයා සුළු මොහොතකට චාල්ස් කුමාරයා සමග කතා කරන ආකාරයේ ඡායාරූපවලින් රටට ආර්ථික ලාභයක් අත්වන්නේ හෝ කන්න නැතිව පාසල් යන සිසු දරුවන්ගේ බඩකට පිරෙන්නේ නැත. මේ ආකාරයටම ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බි්‍රතාන්‍යය බලා පිටත්ව ගිය අවස්ථාවේදී එලිසබෙත් රැජිනද මෛත්‍රී හමුවීමට පෞද්ගලිකවම පැමිණියාය. සාමාන්‍යයෙන් රැජින අමුත්තන් මුණගැසීමේදී සිය අත් මේස් ගලවා ඔවුන්ට අතට අත නොදෙන නමුත්, මෛත්‍රීට දැක්වූ ගෞරවයක් ලෙස සිය අත්මේස් ගලවා මෛත්‍රීට අතට අත දීමට ඇය කටයුතු කළාය. ඊට අදාළ ඡායාරූපවලට එකල විදෙස් මාධ්‍යවල මෙන්ම මෙරට මාධ්‍යවලද විශාල ප්‍රචාරයක් ලැබී තිබිණි. නමුත් අවසානයේදී ජායාරූපයක් පමණක් එකතු වූවා විනා එම සංචාරයෙන් මෙරටට ලැබුණු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති විය. අවසානයේදී මෛත්‍රීට හිස් අතින් ගෙදර යෑමටද සිදුවිය.
ජපානෙට යන්නෙත් අවමගුලකට!
මේ ආකාරයට රැජිනගේ අවමගුලට ගොස් නැවත ලංකාවට පැමිණි ජනාධිපතිවරයා ඊළඟට සංචාරයට කිරීමට නියමිතව ඇත්තේ ජපානයටය. එයද අවමගුල් උත්සවයකට වීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා එසේ යන්නේ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගි වීම සඳහාය. නමුත් ගැටලුව වී ඇත්තේ මෙම සංචාරය හරහාද රටට ආර්ථික ප්‍රතිලාභ අත්වනු ඇද්ද යන්න සම්බන්ධවය.
අමෙරිකාව-චීනය-ඉන්දියාව මොනවා කරයිද?
මෙම තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම වරින් වර අප අවධාරණය කොට කියා සිටියේ පවතින ආර්ථික, දේශපාලන අර්බුදය හමුවේ යම් තරමකින් හෝ ලංකාවට හිස එසවීමට නම් ප්‍රබල රටවලින් විශාල ප්‍රමාණයේ ආර්ථික ආධාර හිමිවිය යුතු යැයි කියාය. එම රටවල් ලෙස ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය අපි පෙන්වා දුන්නෙමු. නමුත් ගැටලුව වන්නේ දැනටමත් ආණ්ඩුව මෙම ප්‍රබල රටවල් තුන සමගම යම් යම් මට්ටමින් දේශපාලන අර්බුදය නිර්මාණය කරගෙන සිටීමය.
චන්ග්ට ආණ්ඩුවෙන් කෙනෙහිලිකම්!
ඇමෙරිකාව ගතහොත් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මේ වන විට සිටින්නේ මෙරට සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය සමග කිසියම් හිත් අමනාපයකිනි. ඒ, ඇය පසුගිය කාලය පුරාම අරගලය වෙනුවෙන් පෙනී සිටි බවට සහ අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා එල්ල කරමිනි. මෙම අමනාපය පැහැදිලිව දැකගන්නට ලැබුණේ මීට සතියකට ඉහතදී සිදුකෙරුණු යූ.එස්. ඒඩ් ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. එම සංචාරයේදී සමන්තා පවර් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබුණු අතර ඇය එම හමුවට නිල වශයෙන් ඇමෙරිකානු තානාපතිවරිය වූ චන්ග්වද එක් කරගැනීමට කටයුතු කළාය. නමුත් ගැටලුව මතු වූයේ සාකච්ඡාවට මොහොතක් තියා පැමිණි නිලධාරීන් මෙම හමුවට පෙර සමන්තා පවර් සමග ජනාධපතිවරයා මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට අදහස් කර ඇති බව කියා සිටීමත් සමගය. සමන්තා ඊට කැමැත්ත පළ කර සාකච්ජාවට අසුන් ගත්තත් චන්ග් කියා සිටියේ තමන්ද ඊට සහභාගී විය යුතු යැයි කියාය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවසරය අවශ්‍ය බව නිලධාරීන් දැනුම් දීම නිසා පසුව නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමට පියවර ගෙන තිබිණ. අවසානයේ චන්ග්ට එම හමුවට සහභාගී වීමට හැකිවූයේ ජනාධිපතිවරයාගේ අවසරය මතය.
විශේෂඥයන් දුන් උපදෙස!
කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වීමත් සමග උපදේශක මට්ටමේ සිටින කිහිප දෙනකුම ආණ්ඩුවට උපදෙස් දී ඇත්තේ චන්ග් සමග ගැටුමකට නොයන ලෙසත්, එය ජාත්‍යන්තර සබඳතාවලදී ආණ්ඩුවට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවත්ය. විශේෂයෙන්ම ජිනීවාහි මානව හිමිකම් කොමිසම තුළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළත් ඇමෙරිකාව ප්‍රධාන භූමිකාවක් නිරූපනය කරන බැවින් ඇමෙරිකානු තානාපතිවරිය සමග මෙසේ ගැටුම් ඇතිකර ගැනීම බරපතළ අර්බුදයක පෙරනිමිත්තක් විය හැකි බවද ඔවුහු ආණ්ඩුවට දැනුම් දී සිටියහ.
ඉන්දියාවෙනුත් ප්‍රබල පණිවුඩයක්!
මේ ආකාරයට ආණ්ඩුව ඇමෙරිකාව සමග විරසකයක් ගොඩනඟා ගනිද්දී අපට ආධාර කිරීමට සිටින ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාවද පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ, තමන් ශ්‍රී ලංකාවට ගෙවුණු මාස කිහිපය තුළ ඩොලර් බිලියන 4ක ආධාර ලබාදී අති බවත්, තවදුරටත් ඒ අයුරින් ආධාර කළ නොහැකි බවත්ය. ඉන්දියාව කළ මෙම ප්‍රකාශය සමග ආණ්ඩුව බරපතළ අර්බුදයකට මුහුණ දුන්නේ ආධාර ලබාදීමට සූදානමින් සිටින අනෙකුත් රටවලට පවා ඉන්දියාවේ මෙම ප්‍රකාශය ඍණාත්මක බලපෑමක් කරනු ඇති බවට ඇතිවූ සැකය හේතුකොට ගෙනය. මේ හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ බරපතළ කඩාවැටීමක් සිදුවන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මොරගොඩ ලොකු මෙහෙයුමක!
මේ නිසාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා පසුගිය සතියේ පාලක භාරතීය ජනතා පක්ෂ නිලධාරීන් මුණගැසෙමින්, ඉන්දීය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් මුණගැසෙමින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී විශේෂයෙන්ම මිලින්ද පෙන්වා දී තිබූ කාරණය වුණේ ඉන්දීය රජයේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ආධාර මුදල කෙරෙහි අහිතකර ලෙස බලපෑමේ ඉඩක් ඇතැයි කියාය. ඒ අනුව එම ප්‍රකාශය නිවැරැදි කරන ලෙසට මිලින්ද ඉන්දීය බලධාරීන්ගෙන් කෙරුණු පෙරැත්ත හමුවේ තවත් ප්‍රකාශයක් සිදුකිරීමට පසුගිය සතියේ ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. එහිදී ඉන්දියාව ලංකාවට උදව් කරන බව වචනාර්ථයෙන් ප්‍රකාශ කර තිබුණද එම ප්‍රකාශයේ පවා යටි පෙළෙහි දැක්වුණේ මීට කලින් කර තිබූ ප්‍රකාශයේම දිගුවකි. වෙනසකට දැකගන්නට ලැබුණේ වචන පොඩ්ඩක් එහා මෙහා කර තිබීම පමණි.
චීනයත් වැඩි වෙනසක් නෑ! මෝඩිගෙන් වෙලාවකුත් නෑ!
ඇමෙරිකාව සහ ඉන්දියාව මේ ආකාරයට කටයුතු කරද්දී චීනයෙන්ද වැඩි වෙනසක් දැකගන්නට ලැබී නොමැත. ජනාධිපතිවරයා තේරී පත්වූ දින සිටම චීනය සිය රටේ සංචාරය කරන ලෙස දැනුම් දීමක් කර තිබුණද ජනාධිපතිවරයා එම ආරාධනාව පිළිගෙන තිබුණේ නැත. ජනාධිපතිවරයා චීනයට දැනුම්දී තිබුණේ ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව තමන් චීනයට පැමිණෙනවා යැයි කියාය. නමුත් ගැටලුව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක් බලාපොරොත්තුවෙන් සිටියද තවමත් ඉන්දියාවෙන් ඒ සඳහා දින වකවානු ලබාදී නොතිබීමය. ආණ්ඩුව පැත්තෙන් ඒ සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කොට තිබුණද තවමත් ඉන්දියාව පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබි ඇති ආකාරයක් දැකගන්නට නැත. එපමණක් නොව, අවම වශයෙන් තවමත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර දුරකතන සාකච්ඡාවක් හෝ පවත්වා නොමැත. වෙනකක් තබා මෝදි ජනාධිපතිවරයාට සුබපැතුම් පණිවුඩයක් හෝ එවනු ලැබුවේ ධුරයට පත්ව මාසයක් පමණ ඉක්ම යෑමෙන් පසුවය. එම නිසා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කොට චීනයට පැමිණෙන බවක් චීන තානාපතිවරයාට දැනුම්දී තිබුණද ඉන්දියාවෙන් ලැබෙන මෙම ප්‍රතිචාර හමුවේ ජනාධිපතිවරයාගේ චීන ගමනද පත්ව ඇත්තේ තරමක් අවුල්සහගත තත්ත්වයකටය.
චීන තානාපති එවපු පණිවුඩය!
කෙසේවෙතත් ලංකාව මේ මොහොතේ චීනයෙන් ආධාර උපකාර බලාපොරොත්තු වන බව චීනයද නොදන්නවා නොවේ. නමුත් අපට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් දැනගන්නට ඇත්තේ චීනය මේ වන විට සිටින්නේ ලංකාවට උදව් නොකරන ස්ථාවරයක බවය. මේ බව චීන තානාපතිවරයා විසින් පසුගිය සති දෙක තුළ තමන්ව මුණගැසීමට පැමිණි ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරුන්ටද නිල නොවන වශයෙන් දැනුම්දී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එහිදී ඔහු සඳහන් කොට ඇත්තේ ආණ්ඩුව තම රටෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් බලාපොරොත්තුවෙන් සිටියත්, එය කළ නොහැකි බවකි. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ අලුතින් ණය ලබාදීමට හෝ නව ජන වරමක් සහිත ආණ්ඩුවක් පැවැතිය යුතු බවත්, එවැනි ආණ්ඩුවක් සමග ගනුදෙනු කිරීම පහසු බවත් චීන තානාපතිවරයා එහිදි දැනුම්දී ඇති බවක් ආරංචිය. චීනය මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපතිවරයා චීනයට පැමිණෙන්නේ එම හේතුව නිසා බව හොඳහැටි දැන්නා නිසා එය මඟහැරීමේ උපක්‍රමයක් ලෙසද යන්න කීමට තවම කල් වැඩි නමුත්, චීන තානාපතිවරයාගේ එම ප්‍රකාශය හරහා ජනාධිපතිවරයා චීනයට ගියද, එරටින් කිසිදු ආධාරයක් නොලැබෙන බව නම් හොඳහැටි පැහැදිලිය.
ඔක්කොම කියන්නේ එකම කතාවක්!
මේ සියල්ල අතරවාරයේ දැනට පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාද ඇත්තේ ඇදි ඇදී යන වාතාවරණයකය. මූල්‍ය අරමුදල සමග මුලින්ම සාකච්ඡා ආරම්භ කළේ හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අලි සබි්‍ර මහතාය. දැන් සබි්‍ර දරන්නේ විදේශ අමාත්‍ය ධුරයය. විදේශ අමාත්‍යවරයා වශයෙන්ද සබි්‍ර පසුගිය දින කිහිපයේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග කිසියම් අදහස් හුවමාරු කරගැනීමක නිරතව තිබිණි. එහිදීද ඔවුන් අනියම් ආකාරයෙන් සබි්‍රට දැනුම්දී ඇත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් නව ජනවරමක් සහිත ආණ්ඩුවක් ලංකාවේ ස්ථාපනය විය යුතු යැයි කියාය. ඒ අනුව මේ සියලු කරුණු කාරණා එක මිටකට ගත් කල එකක් හොඳහැටි පැහැදිලිය. ඒ, ලංකාවට ආධාර කරන සියලු රටවල් මේ වන විට ජනවරමක් සහිත ආණ්ඩුවක් බලාපොරොත්තු වන බවය. ඒ සම්බන්ධයෙන් මුළු ජාත්‍යන්තරයම එක මතයකට ඇවිත් ඇති බවය. එසේ ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආණ්ඩුව වහාම මහ මැතිවරණයකට යා යුතුව තිබේ. එසේ නොමැති නම් ලංකාවට ආධාර ලබාගන්නා සාකච්ඡා විවිධ කරුණු කාරණා මත කල් යනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.
තවත් කැබිනට් 12ක්!
ඒ සියල්ල අතරේ මේ දිනවල ආණ්ඩුව ඇතුළේ අලුත් මාතෘකාව බවට පත්ව ඇත්තේ නව කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමය. අප පසුගිය සතියේත් මේ තීරය ඔස්සේ රටට කියා සිටියේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ පොහොට්ටුවෙන් පත්කළ යුතු කැබිනට් ඇමැතිවරුන් කවුද යන්න පිළිබඳ වූ ලැයිස්තුව ජනාධිපතිවරයා අතට පත්කිරීමෙන් අනතුරුවය. තවත් කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත්කිරීමට හැකි බැවින් බැසිල් ලබාදුන් ලැයිස්තුව තුළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ නම් ඇතුළත්ව තිබිණි.
රනිල් දෙකක් තියාගනී!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ වන විට පොහොට්ටුවට දැනුම්දී ඇත්තේ මින් කැබිනට් ඇමැති ධුර දෙකක් සඳහා තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු නම් කිරීමට අවශ්‍ය බවකි. ඒ අනුව කැබිනට් ඇමැති ධුර 10ක් පොහොට්ටුවට ලබාදිය හැකි නමුත් එවා ඇති ලැයිස්තුවේ නම් 4ක් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රසාදයක් නොමැති බව ජනාධිපතිවරයා බැසිල්ටත්, පොහොට්ටුවටත් දැනුම්දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
අවුරුදු 20කට පසු බැසිල්ගේ ෆෝන් වැහෙයි!
ඒ අනුව පසුගිය සතියේ පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් බැසිල් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කළත් එක්තරා විශේෂ කරුණක් හේතුකොට ගෙන ඔවුන්ට බැසිල් සම්බන්ධ කරගැනීමට නොහැකි විය. ඒ, බැසිල්ගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් බැසිල් පසුගිය වසර 20ක කාලයක් පුරාම එකම ජංගම දුරකතන අංකයක් භාවිත කළ අතර ලෝකයේ කොතැනක සිටියද බැසිල්ගේ එම දුරකතන අංකය ක්‍රියාත්මකව පැවැතිණි. ඇමෙරිකාවේ හෝ වේවා වෙනත් රටකට හෝ වේවා බැසිල් සංචාරය කළද එහි සිට බැසිල් සිය රාජකාරි වැඩකටයුතු සියල්ල කළේ එම ජංගම දුරකතනයේ ආධාරයෙනි. නමුත් මෙවර බැසිල් ඇමෙරිකාවේ ගිය දින සිට එම ජංගම දුරකතන අංකය ක්‍රියා විරහිත වී තිබීම පුදුමයට කරුණක් විය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්ව සිටින පොහොට්ටුවේ බොහෝ දෙනා පසුගිය දින කිහිපය ඇතුළත බැසිල්ව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද පළමු වතාවට ඔහු ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ බැවින් ඔවුන්ට හෝ බැසිල්ව සම්බන්ධ කරගැනීමට අවස්ථාව හිමිවූයේ නැත. ඒ කෙසේ වෙතත් කැබිනට් ඇමැතිවරුන් පත්කිරීම පිළිබඳ යම් අවුලක් තිබෙන බව ඇමෙරිකාවේ සිටින බැසිල්ට වෙන යම් මාර්ගයකින් දැනගන්නට ලැබී තිබිණි. ඒ අනුව බැසිල් වෙනත් දුරකතන අංකයක් ඔස්සේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුටම කතා කොට ඒ පිළිබඳ විමසා දැනුම්දී තිබුණේ මේ මොහොතේ ආණ්ඩුව සමග ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ නොකරන ලෙසත්, තමන් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරන බවත්ය. බැසිල් මෙසේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී සිටියද පොහොට්ටුවේ අය නම් මේ වන විට තැන් තැන්වල කල්ලි ගැසෙමින් ඊළඟට කළ යුතු දේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
පුංචි ජන්දෙට ලෑස්ති වෙන්න වෙයිද?
ආණ්ඩුව ඇතුළේ ඊළඟට සාකච්ඡා වන ප්‍රධාන කාරණය වන්නේ පළාත් පාලන මැතිවරණයය. අප පසුගිය සතියේ මේ තීරය ඔස්සේ රටට අනාවරණ කළ කරුණක් වූයේ ජනාධිපතිවරයා විසින් කෙසේ හෝ මෙම ඡන්දය කල් දමා ගැනීම සඳහා විවිධ සැලසුම් දියත් කරමින් සිටින ආකාරයය. සමන්තා පවර් සමග පැවැති සාකච්ඡාවේදී ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලු පවතින බැවින් ජනමත විචාරණයක් පැවැත්වීමට අදහස් කර ඇති බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවත්, ඒ හරහා ජනාධිපතිවරයාගේ සැලසුම එළියට පැන්න බවත් අපි පසුගිය සතියේ වාර්තා කර සිටියෙමු.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ ස්ථාවරය වී ඇත්තේ දැනටමත් අවුරුද්දකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය නැවත කිසිසේත්ම කල්දැමිය නොහැකි බවත්, ලබාදී ඇති අධිකරණ තීන්දුවකට අනුව ලබන මාර්තු මාසය වන විට නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතුව ඇති බවත්, මැතිවරණ කොමිසට සැප්තැම්බර් මාසයේ සිට ඊට අදාළ බලතල ලැබෙන බවත්ය. ඒ අනුව එම බලය පසුගිය සතිය වන විට මැතිවරණ කොමිසම වෙත හිමිව තිබිණි.
සජබය සටනට සූදානම්!
මෙම තත්ත්වය යටතේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නියෝජිතයන් කණ්ඩායමක් පසුගිය සතියේ ගොස් මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හමුවීමට කටයුතු කළහ. එහිදී ඔවුන් කොමිසම වෙත දැනුම් දී සිටියේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත්, කිසිදු හේතුවක් මත එය ප්‍රමද කිරීමට කටයුතු නොකරන ලෙසත්ය. ඒ සම්බන්ධයෙන් ලිපියක් පවා කොමිසම වෙත භාරදීමට සජබ නියෝජිතයෝ කටයුතු කළහ.
ජවිපෙ සද්දයක් නෑ!
සජබය මේ අයුරින් පළාත් පාලන මැතිවරණය ඉල්ලා බලපෑම් කළත් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් දැඩි නිහඬ බවක සිටීම විශේෂ කාරණයක් ලෙස දැකිය හැකිය. තවමත් ජවිපෙ පාර්ශ්වයෙන් කිසිදු නියෝජිතයෙක් පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් ඉදිරිපත් කොට නොමැති අතර දේශපාලන ආරංචිමාර්ගවලින් පැවැසෙන්නේ ජවිපෙද පළාත් පාලන මැතිමරණය කල්දැමිය යුතු බවට වූ ආණ්ඩුවේම ස්ථාවරයේ සිටින බවකි.
පැරදුනත් බැසිල් ගහන්න යන ගේම!
කෙසේ වෙතත් ඊට පොහොට්ටුවේ සහාය ලැබේද යන්න සැක සහිතය. මන්ද යත් ඇමෙරිකාව බලා යෑමට ප්‍රථම බැසිල් විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රහසිගත ජනමත විමසුමක් පවත්වා ඇති අතර එහිදී ලැබී ඇති ප්‍රතිඵලවලට අනුව 35%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පොහොට්ටුවට මේ අවස්ථාවේ ලබාගත හැකි බවට එහි සඳහන්ව තිබීම ඊට හේතුවය. ඒ අනුව බැසිල්ගේ ගණන් හැදීම වී ඇත්තේ මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට සැලකිය යුතු බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය හිමිවුවද දේශපාලන පක්ෂ වශයෙන් සජබයටත්, පොහොට්ටුවටත්, ජවිපෙටත් ඡන්ද බෙදී යෑම තුළ එම ඡන්ද අතරේ තුන්කොන් සටනක් නිර්මාණය වනු ඇතැයි කියාය. එවිට එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පොහොට්ටුවෙන් කැඩී ගොස් ස්වාධීනව සිටින විමල් පාර්ශ්වයට කිසිදු දේශපාලන බලයක් බිම් මට්ටමේ නොමැති බව තහවුරු වන බවත්, දේශපාලන පක්ෂ වශයෙන් සජබය, පොහොට්ටුව වටා බලය කේන්ද්‍රගත වන බවත් බැසිල්ගේ ගණන් බැලීම වී තිබේ. ඒ අනුව බැසිල්ද සිටින්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයේය.
විමල් නම් බෑම කියයි!
බැසිල්ගේ මේ ගණන් බැලීම නිවැරැදි බව පෙනෙන්නේ පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින විමල් වීරවංශ මහතා පසුගිය සතියේ කළ ප්‍රකාශයත් සමගය. විමල් එහිදි කියා සිටියේ මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වා පලක් නොමැති බවත්, එය අනවශ්‍ය වියදමක් පමණක් බවත්ය. මේ වන විට ‘උත්තර ලංකා සභාගය’ නමින් වෙනම කණ්ඩායමක් පිහිටුවාගෙන සිටින විමල් ඇතුළු පිරිස දැනටමත් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී පොහොට්ටුව සමග කිසිදු දේශපාලන කටයුත්තකට එකතු නොවන බවත්, සියලු මැතිවරණවලට තනිව ඉදිරිපත් වන බවත්ය. නමුත් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් විමල්ලාට ඊට ඉදිරිපත්ව තරග කළ නොහැක්කේ ගම් මට්ටමින් කිසිදු දේශපාලන බලයක් ඔවුන් සතුව නොමැති වීම නිසාය. ඒ අනුව විමල්ලාද මේ වන විට සිටින්නේ රනිල් සිටින පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතුය යන ස්ථාවරයේ වීම විශේෂ සිදුවීමකි.
ජිනීවා සාකච්ජාත් බරටම යනවා! ලංකාවෙන් ගිය අය මෙන්න!
මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසම තුළද ලංකාව සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී තිබිණි. මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ විවිධ පාර්ශ්වයන්ට අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර ලංකාව නියෝජනය කරමින් පසුගිය සතියේ කිහිප දෙනකු සිය මත ප්‍රකාශ කර තිබීම ඒ අතරින් කැපී පෙනුණි. එම පිරිසට නීතිඥ නුවන් බෝපගේ, අමීර් ෆයිස්, සන්ධ්‍යා එක්නැලිගොඩ, නීතිඥ භවානි ෆොන්සේකා ආදීහු ඇතුළත් වූහ. නීතිඥ නුවන් බෝපගේ අදහස් දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කොට ගෙන අරගලකරුවන් මර්දනය කරමින් සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවත්ය. සන්ධ්‍යා එක්නැලිගොඩ මෙවර ජිනීවා බලා පැමිණ තිබුණේ 11 වැනි වතාවටය. වතාවන් දහයකදී සිය සැමියා වූ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත තමා පැමිණ ඇති බව කී සන්ධ්‍යා, තව කී වරක් ඒ වෙනුවෙන් තමන් පැමිණිය යුතුදැයි කොමිසමෙන් ප්‍රශ්න කර සිටියාය. අමීර් ෆයිස් කොමිසම හමුවේ මුස්ලිම් ජනතාවට සිදුව ඇති හිරිහැර පිළිබඳ අදහස් පළකර සිටියේය.
යෝජනාව ඉදිරිපත් වෙයි!
කෙසේ වෙතත් ලංකාව සම්බන්ධයෙන් වන ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ පැවැත්විණි. මේ සාකච්ඡාව සඳහා ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරන මධ්‍ය කණ්ඩායම Core group නියෝජනය කරන බි්‍රතාන්‍යය, ඇමෙරිකාව, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව, මලාවි සහ මොන්ටිනීග්‍රෝ යන රටවල නියෝජිතයන්ද ලංකාව නියෝජනය කරන නියෝජිතයන්ද සහභාගි වී සිටියහ. එහිදී සාකච්ඡා වූයේ ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිතව ඇති යෝජනාවේ අන්තර්ගතවී ඇති කරුණු පිළිබඳවය.
රනිල් කියපු ඒවාවත් කරලා නෑ!
මෙහිදී ඇමෙරිකා සහ බි්‍රතාන්‍ය නියෝජිතයන් යෝජනාවේ ඉතිහාසය සඳහන් කරමින් 2015දී එවක යහපාලන ආණ්ඩුවේ සම අනුග්‍රහය ඇතිව සම්මත කළ යෝජනාවේ තිබූ කරුණු පවා ආණ්ඩුව විසින් ඉටුකොට නොතිබීම කනගාටුවට කරුණක් බව පෙන්වා දී තිබිණි. නමුත් ලංකාව නියෝජනය කරන නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබුණේ මේ වන විට එම යෝජනාවෙන් ඉවත් වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි. ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කොට එකඟතාවකින් යුතුව ඉදිරිපත් කරන යෝජනාවකට පමණක් ලංකා රජය එකඟ වන බව පෙන්වා දුන් නියෝජිතයන් එසේ එකඟතාවකින් තොරව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවකට ලංකා රජය එකඟ නොවන බවද පෙන්වා දුන්නේය.
ලංකාවට පක්ෂ රටවල් මෙන්න!
ලංකාවේ මෙම ස්ථාවරයට පක්ෂව අදහස් දැක්වූ රටවල් අතර චීනය, රුසියාව, වෙනිසියුලාව, කියුබාව සහ පාකිස්තානයද විය. එම රටවල නියෝජිතයන් කොමිසම හමුවේ පෙන්වා දී තිබුණේ ලංකාව වෙනුවෙන් තමන් නිරතුරුවම පෙනී සිටින බවකි.
සුමන්තිරන් කරපු කතාව!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ලංකාවෙන් තවත් විශේෂ නියෝජිතයෙක්ද සහභාගි වී සිටියේය. ඒ, දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්ය. සුමන්තිරන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියට ගෙනැවිත් අරගලකරුවන් මර්දනය කිරීමට උපයෝගී කොට ගෙන ඇතැයි කියාය.
‘මම නොකඩවා අවුරුදු 32ක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. වත්මන් ආණ්ඩුව කරන්නෙත් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන එකයි. පුදුමෙ කියන්නේ එදා 2015දී වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් සම අනුග්‍රහය දක්වලා ජිනීවාවලට යෝජනාවක් ඉදිරිපත් කළා. එතකොට අධිකරණ ඇමැතිවරයා විදියට හිටියෙ විජයදාස රාජපක්ෂ මහතායි. අද රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ජනාධිපති. අදත් අධිකරණ ඇමැතිවරයා විජයදාස රාජපක්ෂ මහතායි. හැබැයි පුදුමෙ කියන්නේ එදා මේ දෙදෙනාම එකතු වෙලා ඉදිරිපත් කරපු යෝජනාව අද ඒ දෙදෙනාම මැදිහත් වෙලා ඉවත් කරගෙන තියෙන එකයි. ඊටත් වඩා එදා ඔවුන් විරුද්ධ වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කොට ගෙනම අද ඔවුන් අරගලකරුවන් මර්දනය කරන්න යොදාගෙන තියෙන එකයි. ඒ නිසා මීට එරෙහිව ජාත්‍යන්තරය දැඩිව ප්‍රතිචාර දක්වන්න ඕනෙ’ යනුවෙන් සුමන්තිරන් එහිදී කියා සිටියේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව එදින සවසම ලංකාව සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් මානව හිමිකම් කොමිසම තුළ පැවැත්විණි. එහිදී ලංකාවට පක්ෂව චීනය, රුසියාව, පාකිස්තානය සහ වෙනිසියුලාව අදහස් දක්වනු දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ මේ දිනවල යුක්රේනය ආක්‍රමණය කර සිටින රුසියාව ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වද්දී මෙය ලංකාව ආක්‍රමණය කිරීමක් වැනි බවට අදහස් දැක්වීමය. රුසියානු නියෝජිතයා එලෙස අදහස් දක්වද්දී රැස්ව සිටි පිරිස ඔලොක්කුවට මෙන් කට කොනකින් සිනාසෙන ආකාරයක්ද දැකගත හැකි විය.
ජන්දය 7 වැනිදා!
කෙසේ වෙතත් ලංකාව සම්බන්ධයෙන් වන තීරණාත්මක යෝජනාව පසුගියදා බදාදා දිනයේ කොමිසමට ඉදිරිපත් කළ අතර එහි ඡන්ද විමසීම ලබන 07 වැනිදාට යෙදී තිබේ. ලංකාවේ ඉදිරි ගමන තීරණය වනු ඇත්තේ මෙම ඡන්ද විමසීමට අනුවය.
ලසන්ත යළි කරළියට!
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාව සඳුදා (19) සිය තීන්දුව ඉදිරිපත් කළ අතර, මෙක්සිකෝ, ශ්‍රී ලංකා සහ සිරියාවේ රජයන්ට එරෙහිව ගෙන එන ලද සියලු මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඔවුන් වැරදිකරුවන් බව ප්‍රකාශ කළේය. එපමණක් නොව, අදාළ රජයන් විසින්ම තහවුරු කිරීමට කැපවී සිටින වෙනත් සම්මුතීන්, ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික නීතිමය උපකරණ ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව විනිශ්චය මණ්ඩලයේ අදහස විය.
ස්ථිර ජනතා විනිශ්චය සභාව ජාත්‍යන්තරව පිළිගත් මහජන විනිශ්චය සභාවක් වන අතර, එහි ප්‍රඥප්තියට අනුව, ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අර්ථ දක්වා ඇති රාමුවේ පදනම මත රාජ්‍ය බලධාරීන්ගෙන් ස්වාධීනව ක්‍රියාත්මක වේ. එය පිහිටුවන ලද්දේ දේශසීමා රහිත වාර්තාකරුවන්, ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව විසිනි.
ලසන්ත වික්‍රමතුංග, මිගෙල් ඒන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල් ෂර්බාජි යන අයගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා, සිරියාව සහ මෙක්සිකෝ රජයන්ට මෙහිදී චෝදනා එල්ල විය.
ඔවුන්ගේ කාර්යය සම්බන්ධයෙන් තැතිගන්වනසුලු මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව පෙන්වා දෙන මහජන විනිශ්චය සභාව පවසන්නේ, 1992 සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් 1,400ක් ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ වැදගත් කාර්යය ඉටුකිරීම හේතුවෙන් බවය. විශ්වාසදායක තොරතුරු මහජනතාවට ගෙන ඒම හේතුවෙන් බවය. අවම වශයෙන් මෙම සිද්ධීන් 900කදී මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුවේ ඔවුන්ගේ වැඩ සඳහා ඍජු පළිගැනීමක් ලෙස වන අතර, මෙම සිදුවීම්වලින් 86% ක්ම අපරාධකරුවන් කිසිවකු නීතිය ඉදිරියට ගෙන විත් නැති බවද එහිදී කියැවිණි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී රජය ඔවුන්ගේ ක්‍රියාවන් සහ අතපසුවීම් හරහා ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ දේශපාලන මතය මත පදනම්ව වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීමේ අයිතිය උල්ලංඝනය කළ බව මහජන විනිශ්චය සභාව එහිදී පවසා සිටියේය.
ජී.එල්. බරටම වැඩ!
පාර්ලිමේන්තුවේ 13 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන ජී.එල්. පීරිස් පහුගිය කාලයේ මෙන් නොව, වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් බවට පත්ව තිබේ. පොහොට්ටුවේ සභාපතිවරයා වුවත් පොහොට්ටු කාර්යාලයේ සභාපතිවරයා වූ ජී.එල්.ට එදා කාර්යාල කාමරයක්වත් නොතිබුණි. සැබැවින්ම එහි ඉන්න හිටින්න තැනක් එතුමාට තිබුණේ නැහැ කීවොත් නිවැරදිය.
වර්තමානයේ පොහොට්ටුවේ ‘නිදහස‘ මන්ත්‍රී කණ්ඩායම හා කටයුතු කරන ජී.එල්. පීරිස්ට තුන්වැනි පටුමගේ කාර්යාලයේ නිදහසේ කටයුතු කිරීමේ පසුබිම සැකසී ඇත. ඒ සදහා අවශ්‍ය තරම් පහසුකම් සපයා තිබේ.
නිරන්තරයෙන් ‘නිදහස‘ කාර්යාලයට පැමිණෙන ජී.එල්. පසුගිය දිනෙක හවස 6ට පමණ හිටිහැටියේ කාර්යාලයට පැමිණියේය. නමුත් කාර්යාලයේ කිසිවෙක් නොවිණි. පසුව නිලධාරීන් කීප දෙනෙක් එහි පැමිණයේය.
‘ඇයි සර් හදිස්සියේ එන්න කිව්වෙ’ යැයි නිලධාරීන් විමසද්දී ජී.එල්. කීවේ, ‘පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න කාලය නොලැබීම ගැන ලිපි ටිකක් හදාගන්න තියෙනවා. අපි ඒ ටික හදමු. අන්තර්ජාතික වශයෙන් ලිපි කීපයක් වහාම යැවීමට අවශ්‍යයි. මේ වෙනුවෙන් ඉදිරියට පැමිණ සටන් කළ යුතුයි.’ කියාය.
මේ අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එහි පැමිණියහ.
‘අපි මේ කතා කර කර හිටියේ පාර්ලිමේන්තු කතා කාලය නොලැබීම ගැන’ ජී.එල්. කීය.
‘මේ වැරදි අපි නිවැරදි කරන්න ඕනේ. නමට ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන බව පේන්න ඕනේ’ ඩලස්ගේ පිළිතුර විය.
‘අපි මේ ප්‍රශ්නය ජනතාව අතරට අරන් යන්න ඕනේ. බැරිම වුණොත් අපි මේ ප්‍රශ්නය ජිනීවා අරගෙන යන්න වුණත් සූදානම් වෙන්න ඕනෙ…’ යනුවෙන් ගොඩහේවා කී කතාවට සියල්ලන්ගේම එකඟත්වය පළවිය.
පිට්ටනියේ මාධ්‍ය හමුවට පොල්ලක්!
‘මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළෙ කතා කරන්න කාලය නොලැබෙන නිසා අපි පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳන් කතාකරමු.’ ඩලස් කීය. ඊට සියල්ලන්ගේම එකඟතාව ලැබිණ.
ඒ අනුව පසුගිය දා පාර්ලිමේන්තු භූමියේ පැවැති මාධ්‍ය හමුවට පසුබිම සැකසිණි.
මන්ත්‍රීවරු එකිනෙකා සිය අදහස් දැක්වීය.
‘එහෙනම් මාධ්‍ය හමුව ගැන අපි මීඩියාවලට දැනුම් දෙමු’ පිරිස අවසන් එකඟතාවට පැමිණියහ.
මාධ්‍ය හමුව පැවැත්වීමට යොදාගත් දිනයේ සංවිධායකයන් එහි යන විටත් ආරක්ෂක අංශ ඒ පිළිබඳ දැනුවත්ව තිබිණි. කැමරා ආම්පන්න පාර්ලිමේන්තුව දෙසට එල්ල වීමත් සමග ආරක්ෂක අංශ එතැනට විත් විරෝධය දැක්වීය. ඒ සමග ආරක්ශක අංශ හා නිදහස් මාධ්‍ය හමුවේ සංවිධායක පිරිස අතර වචන හුවමාරුවක් දක්වා ප්‍රශ්නය දුරදිග ගියහ. පසුව මාධ්‍යවේදීන් එහි පැමිණීමත් සමග මාධ්‍ය හමුවට බාධා නොකර ආරක්ෂක අංශ පසුබැස්සේය.
ඩලස්ලාත් ජිනීවා යයිද?
මේ අතර මේ දිනවල ලංකාවට පැමිණ සිටින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාටින් චන්ගොන්ග් සමගද තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වෙලාව ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඩලස් පිල තීරණය කර ඇත. එම සාකච්ඡාව මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය.