යුආන් වැන්ග් 5 නෞකාවේ ලංකා ගමන අත්හිටුවන ලෙස ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබියදීත් එය නොතකා අදාළ නැව මේ වනවිටත් හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
එම නැව අද පෙරවරු 10 ඉන්දුනීසියාව ආසන්න මුහුදේ පැයට කිලෝමීටර් 26ක වේගයෙන් යාත්‍රා කරමින් සිටින බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කොට ඇත.
බ්‍රහස්පතින්දා ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.30ට එම නැව හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බව ඉන් පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් තවත් මාධ්‍ය වාර්තාවක් පෙන්වා දෙන්නේ මෙම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ගමන වෙනස් කළ බවකි.
යාත්‍රා සම්බන්ධ වෙබ් අඩවියක් වන Maritimeoptima.com අඩවියට අනුව, චීන යාත්‍රාව දැනට හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 600 ක් පමණ දුරින් ඇති අතර එහි වේගය මන්දගාමී කොට ඇති බවක් දැකගන්නට තිබේ.