• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොදු රාජ්‍ය මණ්ඩල අහසෙ පායපු අපේ තරු…

August 7, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
පොදු රාජ්‍ය මණ්ඩල අහසෙ පායපු අපේ තරු…
Share on WhatsAppShare on Facebook

2022 වසරේ පදක්කම් ඉඩෝරය නිම කරමින් පළමු පොද වැස්ස වුණේ ඉසුරු ඩිලංක. සුපුරුදු විදියටම මේ පදක්කම් අපිට ගෙනාවේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන්. සාමාන්‍යයෙන් අපි දන්නවා පදක්කම් නැතිව සුසුම් හෙළමින් ඉන්න අතරෙ අපිට යම් සැනසුම් සුසුමක් ගෙනාපු ක්‍රීඩාවක් තියෙනවා නම් ඒ බර ඉසිලීමේ ක්‍රීඩාව. සුපුරුදු විදියටම මේ වසරෙත් ඒක ඒ විදියට වුණා.

ඉසුරු ඩිලංක කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග කරලා ස්නැක් ක්‍රමයට කිලෝග්‍රෑම් 105කුත්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 120කුත් විදියට සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 225ක් ඔසවන්නට සමත් වුණා.

අවුරුදු ගානක් තිස්ස 225ක බර උස්සන අපි වෙනුවෙන් ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා 225ක බර උස්සලා පෙන්නපු අපේ පරම්පරාවට අයිති එකෙක්ට හරි ඒ වෙනුවෙන් පදක්කමක් ලැබුණු එකත් ලොකු දෙයක්. කොහොම වුණත් මේ ජීවන බර උස්සගෙන ඉඳලම හති වැටිලා ඉන්න පරම්පරාවකට මේ සැනසිල්ල අසවැසිල්ලක්.

අපි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලෙ බලාගෙන හිටියෙ සුපුරුදු විදියටම යුපුන් දිහා. යුපුන් අබේකෝන් දාහක් ප්‍රශ්න තියෙන රටක මිනිස්සු සතුටු කරවූ ක්‍රීඩකයා. යුපුන් සහභාගි වුණේ මීටර 100 තරගයට.

මේ තරගයේ පළමු මූලික තරගය යුපුන් ඉවර කළේ පළමුවැනියා විදියට. අපේ ක්‍රීඩකයෙක් ධාවන තරගයකදි කුමන හෝ මට්ටමේ අවස්ථාවක පළමු වැනියා වෙන්නෙ කලාතුරකින්. මේ වගේ පිළිගත්ත තරගයක, ඒ වගේම ලෝකයේ වේගෙන් දුවන් උන් ඉන්න බවට පිළිගත් රටවල නම් අස්සෙ අපේ පුංචි රටේ නම කියවෙන කොට ඒක වෙනමම ආතල් එකක්. එහෙම කලාතුරකින් කියවෙන හැමදාකම වගේ අපේ එකා රේස් එක ඉවර කරන්නෙ පහ හය හතර වගේ තැනක. නැත්නම් එතැනින් ඉස්සරහට යන්න බැරිව.

අපේ පත්තරවල ඊළඟ දවසෙ මේක පළවෙන්නෙ ‘එයත් පරාදයි අරයත් පරාදයි…’ කියලා. ඊළඟ දවසේ ලියනවා ‘මෙයත් පරාදයි’ කියලා. ඒ ලිවිල්ලෙත් අවුලක් තියෙනවා. ඒක වෙනමම කතාවක්. කොහොම වෙතත් මේ වෙලාවෙ අපිට වාසනාව ලැබුණා ‘ලාංකාව එක’ කියලා කියන්න. අපේ පාලකයන්ටවත් ලංකාව ‘එක’ නොවුණු කාලයක, රටේ රජ වෙලත් මේක එක කරන්න උත්සාහ නොකරකොට, අපේ එකෙක් ලංකාව එක කළාම ඒ සතුට අන්ලිමිටඩ්.

හැබැයි යුපුන්ගෙ අවසන් පූර්ව වටයෙදී අපි ගැස්සුණා. තප්පර 10ට අඩුවෙන් රේස් එක ඉවර කරන්න පුළුවන් එකෙක් එදා ඒ රේස් එක ඉවර කළේ හතර වැනියා විදියට. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ තරගයේ තියෙන ස්වභාවය ගැන. අවසන් පූර්ව තරගවලදී පළමු ස්ථාන දෙක ලැබූ ක්‍රීඩයන්ට තමයි අනිවාර්යයෙන්ම අවසන් තරගයට සහභාගි වීමේ දොර ඇරෙන්නෙ. ඉන් පස්සෙ හොඳම තරග කාලය වාර්තා කරන තවත් ක්‍රීඩකයො දෙන්නෙක්ට අවස්ථාව තියෙනවා අවසන් තරගයට එන්න. හුඟක් වෙලාවට ඒ ඉඩ ලැබෙන්නෙ අවසන් පූර්ව තරගවල තුන්වැනියන්ට.
‘යුපුන් හතරවැනියා’

එහෙම වෙලාවක වෙන්න ඕනෙ අනෙක් අවසන් පූර්ව වටේ දෙකේම තුන් වැනියන්ගෙ තරග නිමි කාලය යුපුන්ට වඩා අඩුවෙන්න ඕනෙ. ලෝකයේ පිළිගත්ත ධාවකයො දහසය දෙනෙක් අතරින් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

බෑ, කිසිසේත්ම බෑ. ඒත් එදා රෑ අපිට දෙයියො බැලුවා. ඒ දෙයියොම ආයෙත් බැලුවා අවසන් තරගයෙදී. එදා ඒ වෙලාවෙ යුපුන්ව පහුකරගෙන ගිහිල්ලා අවසන් පූර්ව වටය දිනපු ක්‍රීඩකයො තුන් දෙනෙක් ඉන්න අතරෙයි යුපුන් ලෝකඩ පදක්කම ගත්තෙ. හැබැයි කොල්ලො උඹ උඹේ පර්සනල් බෙස්ට් එකට ආව නම් අපි අද කිරිබත් කනවා. එක එක හාල්පාරුවො වෙනුවෙන් කිරිබත් කාලා කාලා වමාර ගන්න බැරුව ඉන්න අපිට මේ වගේ එකකට කිරිබත් කන්න තිබ්බ නම් හාල් පන්සීයට ගියත් කමක් නෑ.

ඒ අස්සෙ යුපුන්ගෙ දිනුමට සුබ පතන්න ‘අඩෝ යුපුනා….’ කියලා පිට්ටනිය මැද්දට දුවපු ඒ කොල්ලා පාලිත. ඒ දුක් කරදර දාහක් ඈතට විසිකරලා. පාලිත තරගය දිනලා ඉවර වෙලා කිව්වෙත් ඒක.

‘මම ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ලංකාවෙන් ආවෙ’ කියලා. උඹට නෙමෙයි බන් උඹ දුවගෙන ගිහිල්ලා යුපුනව බදාගන්නවා දැක්කම අපිටත් ප්‍රශ්න අමතක වුණා. ඒ රිදී පදක්කම වැටුණෙ උඹේ බෙල්ලට වුණාට ඒ දිස්නෙ වැටුණෙ අපේ මූණට.

මේ ලිපිය ලියන මොහොත වෙනකොට කතාව එච්චරයි. හැබැයි ලබන සතියෙ මේක මීට වඩා දිග ලියවිල්ලක් වෙයි. කොහොම නමුත් නන්නත්තාර වෙච්ච දේශයකට සතුට සැනසුම මොහොතකටවත් ගෙනාවට උඹලට පිං….

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවේ ඡන්දයක් ඉල්ලා කොරියාවේ පාර්ලිමේන්තුව ඉදිරිපිටත් උද්ඝෝෂණ! (VIDEO)

Next Post

ලංකාවේ ක්‍රීඩකයන් කොමන්වෙල්ත් ගිහින් පනින සෙල්ලම හොඳටම කරයි! දැනට 10ක් අතුරුදන්!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper