ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා පැවති 18 වැනි SLIM Brand Excellence සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම නිර්මාණශීලී සමාගම් 3 අතරින් එකක් ලෙස ඇගයීමට ලක්වීමට සමත් විය. ‘Innovative Brand of the Year 2019’’ කාණ්ඩය යටතේ ෆෙයාෆස්ට් සමාගම මෙසේ සම්මාන හිමිකර ගත් අතර මෙම කාණ්ඩයේ සම්මානයකින් පිදුම් ලැබූ එකම මූල්‍ය සේවා සමාගම ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් වීම විශේෂත්වයකි.
SLIM Brand Excellence සම්මාන උළෙල යනු මෙරට විශිෂ්ටතම සන්නාම ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ සම්මාන උළෙලකි. මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ෆෙයාෆස්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සංජීව් ජා මහතා මෙසේ පැවසීය. “ෆෙයාෆස්ට් මේ වනවිට තම රක්ෂණ විසඳුම් හා සේවාවන් සඳහා සාර්ථක ලෙස නව්‍යකරණය සහ නවීන තාක්ෂණය යොදා ගනිමින් සිටින බවට මෙය මනා සාක්ෂියක්. එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින්, අලුත් දේවල් අත්හදා බලමින්, පැහැදිලිව දියුණුව කරා යමින් සිටින බවත් මෙමගින් සනාථ වනවා.”











