බුදුන් වහන්සේ සහ දෙවියන් වැඩවසන ස්ථානය මන්දිර නමින් හැඳින්වේ. ඍෂි මතය අනුව මේවා ප්‍රාසාද නමින්ද දක්වා ඇති අතර විමාන ලෙසද සැලකෙන්නේ දෙවියන් වැඩ සිටින ස්ථානයි. වෘක්ෂ දේවතාවුන් හා දේවතාවියන් වැඩසිටින බැව් දැක්විය හැකිය. අනුර නැකැතින් අනුරාධ කුමරු ගොඩනඟන ලද අනුරාධපුර පින්බිමේ තෙලඹු ගසේ වැඩ සිටි ස්වර්ණමාලි දෙව්දුවගෙන් අවසර ලැබුණේ දුටුගැමුණු රජු නිර්මාණය කරන ලද සෑයට ස්වර්ණමාලි හෙවත් රුවන්වැලි සෑය නමින් සිය නම තබන ලෙසට වරම් දීමෙන් පසුවය.
මිනිස් වාසිය නිවාස සෑදීමේදී වඩු රියන් ඔත්තේ සංඛ්‍යාවක්ද බුදු හා දෙව් මැදුරු ගොඩනඟන විට ඉරට්ටේ සංඛ්‍යාවක් ගතයුතු බැව් ඍෂි මතයකි. සමචතුරස්‍ර වීම යහපත්ය. ෂඞ්කෝණ (සය පට්ටම්) අෂ්ට කෝන අටපට්ටම් හැඩැතිව මන්දිර සෑදීමට උපදෙස් දී තිබේ. තැන්පත් කරන පිළිම සංඛ්‍යාව වැඩි නම් පළලට වඩා දික් වීමද යහපත් වේ. විෂම චතුරඝ්‍රාකාරව බුදු මැදුර හා හින්දු දේව මන්දිර තනා තිබේ.
පිළිමය බ්‍රහ්ම පාදයේ හරි මැද තැන්පත් කිරීම යහපත්ය. තවද උතුර, දකුණ, නැඟෙනහිර යන සුබ දිසාවකට මුහුණලා පිළිම වහන්සේලා තැන්පත් කළයුතු වේ. මෙය වාස්තු විද්‍යානුකූලයි. තමා පදිංචි නිවසේ බ්‍රහ්ම පාදයේ සිට දිසා නිර්ණය කළ යුතුවේ. බ්‍රහ්ම පාදයේ සිට බැලීමේදී නිවස තුළද, පිටතද බුදු කුටිය තැනීමට නැඟෙනහිර, උතුර, දකුණ, ඊසාන ඉතාම අගනේය.
නිරිත, වයඹ සමඵල ලැබේ. ආගමික කටයුතුවලට නිවසේ ඉතාම සුබ තැන බ්‍රහ්ම පාදයයි.
ගිනිකොන හා බස්නාහිර දිසාවේ බුදුකුටි සඳහා වතාවත් කිරීම සුදුසු නොවේ. විශ්වීය ශක්තිය ඒකරාශි වන තැන බ්‍රහ්ම පාදයයි. මේසයක් තබා දෙපා බිම නොපෑගෙන සේ ලෑල්ලක් හෝ පාතලයක් සහ ඒ මත දෙපා තබා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ නම් ධාරන ශක්තිය ඉගෙනීමේ උනන්දුව, වනපොත් කිරීමෙදී මතක ශක්තිය වැඩිවේ. යන්ත්‍ර මන්ත්‍රවලටත් වඩා මෙය ඉතා බලවත් බැව් අත්දැකීමෙන් පවසමු.
හෙළයේ මහා ගත්කරු සිය නිවසේ හරි මැද බ්‍රහ්ම පාදයේ මේසය තබා ලෝපතල මහා ග්‍රන්ථ සිය පන්හිඳෙන් එළිදක්වන ලද බවට අදත් සාක්ෂි තිබේ. ඒ මහා සම්පත් නිවස බැලූ විට නිවස තුළ බුදුන් වඳින්නේ නම් කුඩා ප්‍රමාණයක බුදු පහන තැබිය යුතුවේ. සුබ දිශාවේ පිහිටි උතුර, ඊසාන, නැඟෙනහිර නම් වඩාත් යහපත්ය. නිවසක් පිට මිදුලේ බුදු කුටියේ බිත්තියේ හරි මැදින් තැබීම යෝග්‍ය වේ.
දොර උතුර, ඊසාන, නැඟෙනහිර, දකුණට සුබයි. දොර පළල මෙන් දෙගුණයක් විය යුතුයි. පිළිම වහන්සේ බ්‍රහ්ම පාදයේ නැඟෙනහිර, උතුර, ඊසාන යන ප්‍රධාන දිශාවන්ට මුහුණලා තැන්පත් කිරීම සුබයි. පිළිම වහන්සේ බටහිර හෝ ගිනිකොන දෙස බලා සිටින සේ මන්දිරයේ හෝ නිවස තුළ හෝ තැන්පත් කිරීම අසුබයි. එයින් ලැබෙන ප්‍රතිඵල ඍණාත්මක වේ. එවැනි දිශාවන්ට තැබීමෙන් අනාර්ථකාරී සිදුවීම්වලට මුහුණපෑමට සිදුවන බැව් පෙනේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ වාස්තු විද්‍යා විශාරද දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල
0771892842