• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තෙල තෛලය සහ නුවණ

December 10, 2019
in Astrology
Reading Time: 1 min read
A A
තෙල තෛලය සහ නුවණ
Share on WhatsAppShare on Facebook

වර්තමානය සුවපහසුය. රූප පෙට්ටියෙන් කෑම පිසීම සරලව උගත හැකිය. සුකොමළ සිනාව, කතාව සපිරි අභිනයෙන් සියල්ල සුන්දරව කියැවෙයි. බලා සිටින්නට ප්‍රියජනකය. ලියාගන්නට කොළයක්, පෑනක් වුවමනාය. අමුද්‍රව්‍ය කරල් හෝ ග්‍රෑම් ගණනින්ය. අඩුවැඩිය තේ හැන්දෙන්, මේස හැන්දෙන් කිරා ගැනෙයි. සරල දේ අර්ථාන්විත නැත. එදා ආත්තම්මා හොද්දට ලුණු දැම්මේ හිතේ මනාපයටය. හිතේ මිම්මටය. ඇය හොද්දේ ලුණු නොබැලුවාය. හොද්ද හැඳිගාමින් එහි අඩු වැඩිය හඳුනා ගැනීමට ඇය සමත් විය. දැනෙන පදම සහ සුවඳ එය මූලික වූවා විය හැකිය.
පදම සහ සුවඳ අපට අතීතයේ සිට උරුම වී ඇත. ආයුර්වේදයේදී පදම සහ සුවඳ විශේෂිතය. ඒ අතරින් තෙල් වර්ග සැකසීමේදී පදම කැඩුම් – බිඳුම් ප්‍රතිකාර සඳහා සන්ධි තෙල් සැකැසීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත විමසුම් කරනු වටී.
තෙල් යනු පොදු නාමයකි. එක් වර්ගයකින් සිඳගන්නේ තෙල්ය. පොල්තෙල් නිදසුනකි. වර්ග කිහිපයක් සංයෝග කර තෛල සිඳගනු ලබයි. නිර්ගුණ්ඩ්‍යාදි තෛලය නික මූලිකව සංයෝග රැසක් පරිපූර්ණ වූ තෛලයකි.
කැඩුම් – බිඳුම් වෙදකමේදී සන්ධි තෙල් ආබාධිත ස්ථානයේ ගෑම, ගෑම සහ තැවීම ප්‍රධාන වෙයි. ගෑම හෙවත් ආලේපය පළමුව සිදුකර දෙවනුව තැවිලි පොට්ටනියෙන් තැවීම සිදුවෙයි. පළමුව තැවීමද, දෙවනුව ආලේපයද සිදුවන අවස්ථාද ඇත. එය ගුරුකුල සහ වෙදැදුරන්ගේ ප්‍රතිකාර ක්‍රම අනුව සිදුවන්නකි.
ආයුර්වේද පංචකර්ම චිකිත්සාවේදී තෙල් ගෑම ස්නේහකර්ම යනුවෙන් හඳුන්වනු ලබයි. තෙල් ගැල්වීමද නිසි ක්‍රමවේදයක් අනුව සිදුවිය යුත්තකි. පළමුව හිසද, දෙවනුව දෙකන්ද, තෙවනුව අත්-පා ආශ්‍රිතවද තෙල් ගැල්වීම කළ යුතුය.
වාත වේදනා, කැක්කුම්, කැපීම්, කෙටීම්, උළුක්කු, ගෙඩි, වණ, ඉදිමීම් සහ සමේ රෝග සඳහාද හිසරදය හිරිවැටීම් වෙනුවෙන්ද තෙල් ගැල්වීම සිදුවෙයි.
පෙර ඍෂිවරුන් මිනිස් සිරුර උඩු යටිකුරු කළ ගසකට උපමා කරන ලද්දේ හේතු සහගතවය. උඩු යටිකුරු කළ ගසෙහි මුදුන් මුල හිස, මොළය සහ ඇස, කන, කට, නාසය ආදී ඉඳුරන් පිහිටා ඇති හිස ශරීරයේ පාලනයට ඉතා වැදගත්ය. හිස මුදුනේ එබෙනසුලු ස්ථානය තෙල්වළ නමින් හැඳින්වෙයි. ඇතැම් දරුවන්ගේ නාඩි වැටෙන ආකාරය මෙම ස්ථානයෙන් දැකගත හැකි අතර, වයසින් මුහුකුරායත්ම එය දක්නට නොලැබෙයි. හිසෙහි තෙල් ගැල්වීමට වඩාත් සුදුසු මෙම ස්ථානය බව පැරැණියන්ගේ මතයයි.
තෙල් සිඳ ගැනීමේදී සුදුසු දිනයක සුබ නැකැතකදී තෙල් සිඳ ගැනීමට ළිප ගිනි දැල්වීම සිදුවෙයි. සම්මතයක් ලෙස අඟහරුවාදා, සිකුරාදා මෙම කටයුතු ආරම්භක දින ලෙස භාවිතයට නොගනී. ඇතැමුන් අතින් තෙල් දහනය වීමේ ශක්තිය වැඩිය. තෙල් දහනය නොවීමේ “අත්ගුණය” ඇති අයකු අතින් තෙල් භාජන ළිප තැබීම, ළිප ගිනි දැල්වීම සිදුවෙයි.
ද්‍රව්‍ය ග්‍රහණ නිර්දේශය අනුව ප්‍රයෝගයන්හිදී කාලය නොදැක්වූ කල ප්‍රභාතයද ද්‍රව්‍යයන්හි අංගය නොකී කල මුල්ද භාගය නොදැක්වූ විට සමභාගවද පාත්‍රය නොදැක්වූ කල මැටි බඳුන්ද ද්‍රව නොකී කල ජලයද තෛලය නොදැක්වූ අවස්ථාවේ තලතෙල්ද ගත යුතු වෙයි.
ඇතැම් සන්ධි තෙල් වට්ටෝරුවලදී ඖෂධ වර්ග පහළොවක් පමණ රාත්තල් 1/2 බැගින් යොදා වතුර බෝතල් විසිහතරක් දමා බෝතල් දෙකට පෙරා අනතුරුව කල්කය ඖෂධ සහ තලතෙල් බෝතල් හයක් පමණ දමා පදම්ව තබා පෙරා බාගත යුතුය.
ඖෂධ යොදා පළමුව වතුර බෝතල් දෙකක් දමා ගැළපෙන ප්‍රමාණයේ පොල්කටු හැන්දක මිට භාජනයේ පතුලට වදිනසේ තබා එහි ජල මට්ටම හැඳිමිටෙහි සටහන් කර ගැනීමක් හෝ කට්ටයක් කපා ගැනීමක් සිදුවෙයි. පසුව ඉතිරි වතුර බෝතල් විසිදෙකද දමා දැමිය යුතු වතුර බෝතල් විසිහතර සම්පූර්ණ කරනු ලැබේ. දින හතරකින් පමණ වතුර බෝතල් විසිහතර සිඳීගොස් කෂාය බෝතල් දෙකක ප්‍රමාණයට කෂා ඉතිරි වෙයි.
පෙරා ඉවත්කර ගන්නා කෂාය බෝතල් දෙකට ඇවැසි කල්කයද එක්කර තල්තෙල් බෝතල් හයක් දමා නැවැත ළිප තබා පදම්ව පෙරා බාගත යුතුය.
සන්ධි තෙල් වට්ටෝරුවක්
හාතාවාරිය කොළ, කටුපිල, අරත්ත, ගොන්කැකිරි කොළ, මදුකොළ, කිරිවැරැල්ල කොළ, බේඳුරු අල, බිම්තඹුරු, නවහන්දි වැල්, සැවැන්දරා සහමුලින්, පොල්පලා, පුවක්බඩ, නෙටුල්, තොටිල, බෝ, දමුණු, බූකැන්ද, වරකා, කොස් පොතු සමව ගෙන කොටා මිරිකා යුෂ බෝතල් හතරක් ගෙන පොල්තෙල්, තලතෙල්, මීතෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් පත බැගින් දමා අරළු, බුළු, නෙල්ලි, වියළි ඉඟුරු, ගම්මිරිස්, කහ, වදකහ, කරාබුනැටි, අබ, කළුදුරු, සූදුරු, අසමෝදගම්, වසාවාසි, සාදික්කා කළඳ බැගින් කල්ක කර තෙලට දමා සමපාකයට තෙල සිඳගනී.
උළුක්කු, ඇමැට්ටි, කෙටුමට, රිදුමට ඔලිඳකොළ, බැලතණ සහමුලින් ගෙන අමුකහ, ලුණු යොදා කොටා පොල්කිරෙන් තම්බා බැඳීමද, කැඩුම්, බිඳුම් සඳහා සතකුප්ප කුඩු, සිවංගුරු, රත්හඳුන්, ත්‍රිපලා සමඟ එළඟිතෙල් සහ මීපැණියෙන් අනා පත්තු බැඳීමද සාර්ථක පිළිවෙතකි.
සන්ධි තෙල් සැකසීමේදී පොල්කටු හැන්දෙන් වන මෙහෙය අපමණය. පොල්කටු හැන්දෙන් හැඳිගෑම, පදම් කිරීම සිදුවෙයි. හැඳිමිටෙන් කරන්නේ කූරුගෑමය. සිඳ ඇති ප්‍රමාණ මැන බැලීමය. හැන්ද නිවැරැදිව ක්‍රියාකරන්නේ හැඳිමිට අල්ලාගත් පුද්ගලයාගේ දැනුම මතය. වෙදැදුරුට හසළ ගෝලයකුගේ සහාය වැදගත්ය.
එදා ආත්තම්මා කිරිහොද්ද පොල්කටු හැන්දෙන් හැඳිගෑමේ අත්දැකීමෙන් ලද අවබෝධයෙනි. තෙල් සැකසීමේදීද අත්දැකීමෙන් ලබන අවබෝධය වැදගත්ය.
දැනුමක ගුණය නොදකින තැන නැත හරය…
පොල්කටු හැන්ද නොදනී හොද්දේ රසය…
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් රිදී සම්මාන දිනයි

Next Post

කවුද මේ සක්‍ර දෙවියෝ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.