Phaseolus vulgaris (ෆැසිඕලස් වුල්ගාරිස්) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බෝංචි ෆැබේසියේ කුලයට අයත් වෙයි. මල් හටගන්නා අවධියේදී පරිසර උෂ්ණත්වය 30ජ0ට වඩා අඩු විය යුතු වෙයි. PHය පරාසය 6.5 – 7.5 අතර රතු, කහ පොඞ්සොලික් පස වගාවට උචිතය. මෙම පස වැලි, ලෝම හෝ ලෝම පසක් වීම හොඳ වගා වර්ධනයක් ලබාදෙයි.
බෝංචි මැස්සා, කරල් විදින පණුවා, ඇන්ත්රැක්නෝස් රෝගය, මලකඩ රෝගය බෝංචි පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය, ප්‍රධන කෘමි ආක්‍රමණ හා ප්‍රධාන රෝග වෙයි.
පියලි සහිත ඇට ආහාරයක් වන බෝංචි පහසුවෙන් දිරවයි. ළපටි බෝංචි ඇට අමුවෙන් සලාදවලට එක්කිරීමෙන් එහි පෝෂණය සුරැකෙයි. හුමාලයෙන් තැම්බීම, මැල්ලුම් ලෙස සැකසීමේදී එහි කොළ පැහැයට හානි නොවන ලෙස සැකසීම වැදගත් වෙයි.
බෝංචිවල පවතින සිලිකන්, අස්ථි ක්ෂය වීම වළකා අස්ථි ප්රතිජනනයට දායක වෙයි. අස්ථි පද්ධතිය ආශ්රිත යම් යම් දුර්වලතා සඳහා යෝග්‍ය වෙයි. බෝංචිවල පවතින ප්‍රතිඔක්සිකාරක මඟින් ප්‍රතිශක්තිය ශක්තිමත් කර සුවපත් වීමේ හැකියාව ඉහළ නංවයි. බෝංචිවල ඇති බීටා කැරෝටින් අක්ෂි පද්ධතිය ආශ්රිත රෝග සුවයට දායක වෙයි. ආන්ත්රික ආබාධ සඳහා තන්තු බහුල බෝංචි කදිම ඔසුවකි.
බෝංචි කැලරි අඩු ප්‍රෝටීන් බහුල ආහාරයකි. පිෂ්ටය, තන්තු හා මේදය අඩංගු වෙයි. කොලෙස්ට්‍රෝල් හා රුධිරගත සීනි පාලනයට දායක වෙයි. හෘදයට ගුණදායක වෙයි. සම රැලි ගැසීම පමා කෙරේ. සම දිදුලවයි. ස්නායු ශක්තිමත් කෙරේ. ශේෂ විෂ රසායනික අඩංගු නොවූ බෝංචි අනර්ඝ ඔසුවකි.
කෘෂිකර්ම උපදේශක විරාජිත් බණ්ඩාර











