• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?

November 30, 2019
in CID, News
Reading Time: 1 min read
A A
ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවය. ඔහු සිය ධුරයේ වැඩ භාරගන්නා විටම බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ව තිබෙන බරපතළ තත්වයක් ගැනය. ඒ නැවතත් එල්ලවීමට ඉඩ ඇතැයි සඳහන් අයි.එස්. අයි.එස්. ප්‍රහාරයක අනතුරු ඇඟවීමක් ගැනය. එම ප්‍රහාරය ගැන තොරතුර පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් විදෙස් බුද්ධි අංශයකින් මෙරටට ලැබුණක් නොව දේශීය බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකි. එම බුද්ධි තොරතුරට අනුව ඉලක්කය වැඩි වශයෙන් කතෝලික දේවස්ථානයක් හෝ කතෝලික ජනතාව නොව, බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ ජනතාවකි. එම ප්‍රහාරය එල්ලවෙතැයි බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ ලබන දෙසැම්බරයේදීය.
බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව ඉලක්කයන් බවට පත්ව ඇත්තේ අනුරාධපුර පූජා නගරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, කතරගම, මහියංගනය, කැලණිය, දීඝවාපිය, නාගදීපය, අම්පාර බුද්ධංගල, ත්‍රිකුණාමලය, කිරින්ද, සේරුනුවර, සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව, සොමාවතිය, යන බෞද්ධ ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන සහ ගැවසෙන ස්ථානයන්ය. ඊට අමතරව නත්තල් උත්සව සහ දේවස්ථානවල උත්සව ද අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ගැනද එම බුද්ධි අංශ තොරතුරුවල පැහැදිලිවම දක්වා ඇත. එම ප්‍රහාරය බෝම්බ පිපිරවීමකින් වාහන අනතුරකින් හෝ විවිධ උපකරණ යොදා ගෙන එල්ලකිරීමට සැලසුම් කර ඇතැයි එම බුද්ධි තොරතුරේ දක්වා තිබී ඇත.
වැඩ බලන පොලිස්පතිවරයා මෙම බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම ගැන වඩාත් සැලකිලිමත් වන්නේ පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ අමිහිරි මතකයන් තවමත් රටේ ජනතාවගේ සිත් තුළ හොල්මන් කරන බැවිනි. එබැවින් ඔහු රටේම පොලිස් ප්‍රධානීන්ව මෙම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අමතක කරන්නේ නැත. ඒ අනුව එම බුද්ධි තොරතුරු ගැන දැන් මුළු රටේම පොලිසි මෙන්ම ආරක්ෂක අංශ දැනුවත්ව හමාරය. ඒ ගැන සියලු තොරතුරු හුවමාරු වී ඇත්තේ ලිඛිතවය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වනවාත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරද විසි විය. ඒ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසිනි. එම පුරප්පාඩුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කෙරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන පැවැති සමයේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කළේ ඔහුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාව සිටියේද ඔහුය.
තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයේ වැඩ භාරගන්නේ පසුගිය 24 වෙනිදාය. එදා සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්තච සිල්වා සිය බිරිද සහ දරුවන් සමග රටින් පළා යන්නේ ස්විස්ටර්ලන්තය බලාය. ඒ දේශපාලන රැකවරණය ලබමිනි. ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන පවත්වමින් සිටි ඔහු හිටි හැටියේම රටින් පලායාම දේශපාලන පිටියද කැළඹිමකට ලක්කළේය. ජනාධිපතිවරයාගේ පවා දැඩි විවේචනයකටද ඔහුව ලක්වන්නේ බෙල්ලන්විල විහාරස්ථානයේදීය.
නිශාන්තද සිල්වා රටින් පළායාමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ආගමන විගමන පාලකවරයාට ඊට පහුවෙනිදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින නිලධාරීන් 703 දෙනෙකුගේත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙත්, නම ඇතුළත් ලැයිස්තුවක්ම යොමු කරන්නේ එම නම් සදහන් නිලධාරියෙක් රටින් පිටව යන්නේ නම් හෝ උත්සහ ගන්නේ නම් එය වළක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයට දැනුම් දෙන ලෙසය. එම නම් අතර කටුනායක ඒකකයේද නිලධාරීන්ගේ නම් තිබීම විශේෂිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රට ගමන් එසේ තහනම් කර පැය 24ක් යන්නට මත්තෙන් ජාත්‍යන්තරයේ මෙරට ගැන දැඩි කතාබහකට ලක්වන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක්ව රැගෙන යෑමේ චෝදනාවක් ගැනය. ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටින ඇයව කවුරුන් විසින් රැගෙන ගියේදැයි මෙතෙක් හෙළිවී නැති අතර ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් මේ වන විටත් මෙරට බලධාරීන්ව ඒ ගැන දැනුවත්කර හමාරය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භකර ඇති අතර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කරන්නේ තම සේවිකාව රැගෙන ගොස් ඇගෙන් ප්‍රශ්න කර ඇත්තේ නිශාන්තද සිල්වා බවය. ඇයව රැගෙන ගියා යැයි සඳහන් ස්ථානයේ සහ ඒ අවට ඇති ආරක්ෂක කැමරා පවා මේ වන විට පොලිසියේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති අතර වැඩි කල් නොයා ඒ ගැන බොහෝ තොරතුරු හෙළි වනු ඇත.
පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානයද විසුරුවා හරින්නේ මේත් එක්කමය. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයකට අනුවය. මාධ්‍ය ඒකකයේ අවසන් මාධ්‍ය නිවේදනය නිකුත් වන්නේ 25 වෙනිදාය. ඒ නිශාන්ත සිල්වා ගැනය. නිශාන්ත සිල්වා කළ පරීක්ෂණ පවා ප්‍රශ්නගත බව මාධ්‍ය ප්‍රකාශකවරයා එකී අවසන් මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණේ එතෙක් කලක් නිශාන්තලා කළ විමර්ශන ගැන කතා කළ මාධ්‍ය ප්‍රකාශකගේම අත්සනිනි.
පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීමේ සැබෑ හේතුව කුමක්දැයි තවමත් හරිහැටි පැහැදිලි නැතත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරව මාරුකර යැවෙන්නේ පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක තනතුරටය. මාධ්‍ය ඒකකයේ සෙසු නිලධාරීන් තවමත් එහි වැඩක් නොමැතිව නිකරුණේ රැඳී සිටින අතර එම නිලධාරීන්ව ඉදිරි දින කිහිපයේ සාමාන්‍ය පොලිස් රාජකාරිය සදහා මාරු කෙරෙනු ඇත. පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීම පොලිස් මූලස්ථානය විසින් සාධාරණීකරණය කරන්නේ යුද සමයේදී මෙන් හමුදා සහ පොලිස් ඒකාබද්ධ මාධ්‍ය ඒකකයක් දැමීමේ සුදානමක් ගැන කියමිනි. එම ඒකකය ස්ථාපිත කෙරෙන නිශ්චිත දින වකවානුවක් තවමත් තීරණය වී නැති අතර බොහෝදුරට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව එවැනි ඒකකයක් ස්ථාපිත වනු ඇති බව පැවැසේ.
ඉහළ පොලිස් නිලධාරීන්ගේ දැන හැදුණුම්කම් මත පොලිස් මූලස්ථානයේ නිසි කාර්යභාරයක් නොමැතිව ඉහළ නිලධාරීන්ට ආවතේව කටයුතු කරමින් පැය අටේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සිටින බව හෙළිවී ඇත. එම නිලධාරීන්වද ඉදිරියේදී පොලිස් මූලස්ථානයෙන් ඉවත්කර සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා යොමු කිරීමටද මේ වන විට පොලිස් මූලස්ථානය පිඹුරුපත් සකස් කරමින් සිටිති. එසේම ජනාධිපතිවරයාද ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි 2500කට ආසන්න පොලීසියේ පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට මුදා හරිනු ලැබීය. ඒ වෙනුවට ඔහු සිය ආරක්ෂාවට කමාන්ඩෝ භටයින් ළංකරගෙන තිබේ. දැන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ වැඩි කොටසක් සොයා බලන්නේ කමාන්ඩෝ සෙබලුරෑන්ය.
ජනාධිපතිවරයාගේ පමණක් නොව, අගමැතිවරයාගේත්, ඇමති ආරක්ෂක අංශයේත් ඉදිරියේදී අතිරික්ත යැයි සදහන් 1000කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා ඉදිරියේදී යෙදවෙනු ඇත.
මෙසේ සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා ප්‍රභූ ආරක්ෂක අංශවල නිලධාරීන් මුදා හැරින විට පරිසරය රැක ගැනීමේ කටයුත්ත මුළුමනින්ම පැවරී ඇත්තේ පොලීසියේ කර මතය. මහා මාර්ග සහ වෙරළ තීරයේ ඇති කැළිකසල පොලීසියේ දෑතින් ඉවත් කෙරන අයුරු පසුගිය සතිය පුරාවටම රට පුරාම දකින්නට ලැබුණු සුවිශේෂී දසුනකි. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද පොලීසිට දැනුම් දුන්නේ කැළි කසල පොලීසියට ඉවත්කරන්නට නොව, පළාත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් කසල විධිමත් ලෙස ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කරන ලෙසය. එසේම මහ මග කැළි කසල බැහැර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඒ අය පොලීසියට උපදෙස් දුන්නේය. එහෙත් දැන් පොලීසිය කරන්නේ කැළිකසල ඉවත් කිරීමේ කටයුත්ත තමන්ගේ කරමත පටවා ගැනීමකි.

SendShareShare
Previous Post

ජනාධිපති පළමු සාකච්ජාව ඉන්දියාවට ‌දෙයි

Next Post

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.