• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දිශාව නොබැලුවොත් ඔබ අමාරුවේ…

March 20, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
දිශාව නොබැලුවොත් ඔබ අමාරුවේ…
Share on WhatsAppShare on Facebook

වාස්තු විද්‍යාවේ දිශාව අත්‍යාවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එනිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමයි. දිශා සම්බන්ධව විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනු දිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර දිශා සහ අනු දිශා හෙවත් අට දිශාවලට අතිරේකව උඩ සහ යටද ඈඳා දශ දිශා ලෙස අර්ථකථනය කර ඇත. වාස්තු විද්‍යාවේදී මෙයිනුත් ඔබ්බට ප්‍රධාන දිශාවක් හා අනු දිශාවක් අතරට තව දිශාවක් යොදාගැනීමද දැකිය හැකිය. එය විශේෂයෙන්ම කාමර ස්ථානගත කිරීමේදී උපකාර කරගනු ලැබේ.


ප්‍රධාන සතර දිශා ලෙස උතුර, නැගෙනහිර, දකුණ, හා බටහිර දැක්විය හැකි අතර අනුදිශා ලෙස ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ දැක්විය හැකියි. මෙම සතර දිශා සහ අනු දිශා එකතුවෙන් අට දිශාව නිර්මාණය වෙයි. මෙලෙස සතර දිශා නිර්මාණයේදී අංශක 90ක කෝණයක් නිර්මාණය වන බවද අනු දිශා නිර්මාණයේදී අංශක 45ක කෝණයක් නිර්මාණය වන බවද පැහැදිලිය.


දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂයේදීත්, වාස්තු විද්‍යාවේදීත් සුබ දිශාව චන්ද්‍ර ගමන අනුව තීරණය කරනු ලැබේ. එහිදී ඒ ඒ දිනවල තත්කාල කේන්දරයේ සඳු සිටින රාශිය අනුව සඳු සිටින දිශාව තීරණය කෙරේ. මෙලෙස සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවයි. තත්කාල කේන්දරය පදනම් කරගනිමින් මුහුර්ත සැකසීමේදී චන්ද්‍රයා සිටින රාශියට අනුව සුබ ප්‍රධාන සතර දිශා සොයාගැනීමේ ශ්ලෝකය මෙසේය.
මේස්ච සංහේ ධනු පූර්ව භාගේ
වෘෂභේච කන්‍යා මකරේච දක්ෂිණේ
තුලා සටේ මෛථුන පශ්චි මේන
කර්කාලි මීනේ ෂෂි උත්තරේ දිසී

මෙහි අරුත නම් චන්ද්‍රයා මේෂ, සිංහ, ධනු රාශියක සිටින විට නැගෙනහිර වෘෂභ, කන්‍යා, මකර රාශියක සිටින විට දකුණද, තුලා, කුම්භ, මිථුන රාශියක සිටින විට බටහිරද, කටක, වෘශ්චික රාශියක සිටින විට උතුර යන දිශාවන් සඳු සිටින දිශාවන් බවයි. මෙලෙස සඳු සිටින දිශාව සොයාගත් පසු සඳුට මුහුණ දීම හෝ දකුණු අතට යොමුකිරීම කළ යුතුයි. එහිදී මරුට පිටුපා සිටීමටද වගබලාගත යුතුය. ඒ සඳහා මරු සිටින දිශාව සම්බන්ධවද දැනුවත් විය යුතුය. කෙසේ වෙතත් ඉහත සඳහන් ලෙස සඳුට මුහුණ දීමට හෝ දකුණු අත යොමුකිරීම සම්බන්ධව සඳහන් ශ්ලෝකය මෙසේය.
සම්මුතේ අර්ථ ලාභංච
දක්ෂිණේ සුබ සම්පදා
පශ්චිමේ කාර්ය භානීච
වාම චන්ද්‍රා් ධනං ශයං

ඉහත ශ්ලෝකයට අනුව සඳුට මුහුණ දීමේ සුබ අසුබ මෙසේය. සඳු සිටින දිශාවට මුහුණ දීම අර්ථ ලාභ සහිත වන අතර සඳුට දකුණු අත යොමුකිරීම සැප සම්පත් ලැබීමට හේතුය. එහෙත් සඳුට පිටුපෑම කාර්ය හානි වීමට හේතුවන අතර සඳුට වම් අත යොමුකිරීම ධනය නාස්ති වීමට හේතුය. නිදසුනක් ලෙස සඳු නැගෙනහිර දිශාවේ සිටින විට උතුරු දිශාවට මුහුණ හැරවූ විට දකුණු අතර සඳු සිටින නැගෙනහිර දිශාවට යොමුවීම දැක්විය හැකිය.
මරු සිටින දිශාව සම්බන්ධව සඳහන් කවියක් මෙසේය.
රවි තුරු සඳු වයඹ කුජ දින වරුණේයා
බුධ නිරිතේ ගුරු දකුණේ සිටිනේයා
කිවි ගිනිකොන ශනි පෙරදිග සිටිනේයා
ධනු සත් දින මරු මෙලෙසට වසනේයා

ඉහත සඳහන් ලෙසට දිනයට අනුව මරු සිටින දිශාව සොයාගත් පසු මරු සිටින දිශාවට පිටුපෑමක් හෝ වම් අත යොමුවන පරිදි අදාළ නැකැත සඳහා දිශාව සොයාගත යුතුය. අට දිශාව පෙන්වන සටහනකම මරු සිටින දිශාවද නිරූපණය කළ හැකිය.


අට දිශා අනුපිළිවෙළින් දක්ෂිණාවර්තව යොදන අතර මරු සිටින දිශාවට හිමි දවස් වාමාවර්තව යොදනු ලැබේ. මෙලෙස යෙදූ කාල මතකයේ රඳවාගැනීම ඉතා පහසුය. තවද මරු නැති එකම දිශාව ඊසාන වෙයි.


භූමියකට ගොස් උතුරු දිශාව කොහේදැයි සොයාගැනීමේ ක්‍රම 2ක් පවතියි.

  1. මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුර සොයාගැනීම.
  2. ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුර සොයාගැනීම.

මෙහිදී ඉර පායන දිශාව බලා උතුර නිර්ණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වෙයි. ඊට හේතුව කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර සූර්යයාගේ පිහිටීමයි. එතෙක් සංකුව හෙවත් මාලිවා ආධාරයෙන් සොයාගන්නා උතුරු දිශාව ඉතා නිවැරැදිය. එය කාන්දම් උතුර, චුම්බක උතුර ලෙසද හඳුන්වයි. උදාහරණයක් ලෙස ඉර පායන දිශාවට හෙවත් නැගෙනහිරට මුහුණලා සිටගත් විට දකුණු අත දකුණටද, වම් අත උතුරටද යොමුවෙයි. පිටුපස බටහිරට යොමුවී ඇත. මෙලෙස ලැබෙන දිශාව 100%ක්ම නිවැරැදි නොවේ. එහෙත් මේ ක්‍රමවේදය මාලිමාවක් නොමැති විටක යොදාගත හැකිය.


තවද වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දිශාවලින් එල්ල වන බලපෑමට වඩා අනු දිශාවලින් වන බලපෑම වැඩිය. එසේම තවදුරටත් පැහැදිලි කරනවා නම් ඉඩමක හෝ නිවෙසක දිශාවන් සෙවීමේදී නිවෙසක නම් නිවෙස් මධ්‍ය ලක්ෂ්‍යයේ සිටද, ඉඩමක නම් ඉඩමේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිටද සිදුකරනු ලැබේ. විශේෂයෙන්ම කාමර දිශාගත කිරීමේදී දිශාව ගැන ඉතා සැලකිලිමත් විය යුතුය.
එමගින් අනිටු පල වළක්වාගත හැකිය. සාමාන්‍යයෙන් අනු දිශා නිවෙසේ අංග පිහිටුවීම සඳහාත්, ප්‍රධාන සතර දිශා දොරවල්, ගේට්ටු ආදිය පිහිටුවීම සඳහාත් යොදාගැනේ. දිශාව තෝරාගැනීමට මාලිමාවක් උපයෝගී කරගන්නා අවස්ථාවල ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට වගබලා ගන්න. ඉහත සඳහන් ලෙසට දිශා සම්බන්ධව දැනුවත්වී නිවැරැදි ලෙස නිවැරැදි දේට භාවිත කිරීම තුළ සැපත, සතුට සෞභාග්‍යය උදාවනු නියතය.

ජ්‍යොතිෂවේදී ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

IMF ලියුමට ජනපති අස්සන දමයි! EXCLUSIVE

Next Post

AIA ඉන්ෂුවරන්ස් වෙතින් ‘ඇය සුරකින AIA’…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.