AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂ කාන්තා වැඩසටහනක් වන ‘ඇය සුරකින AIA’ වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි.
ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබා ඇති AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාන්තා කාර්යමණ්ඩල සාමාජිකාවන් සඳහා විවිධාකාර ප්‍රතිලාභ රැසක් ලබාදෙනු ලබන අතර අඛණ්ඩව ඉතා යහපත් වැඩ පරිසරයක් පවත්වාගෙන යමින්, කාර්යමණ්ඩල සාමාජිකාවන් හට සෑම විටම සමාන සහ සාධාරණ අවස්ථා ලබාදෙමින්, ඔවුනගේ හොඳම කාර්යසාධනය එළිදක්වමින්, සිය වෘත්තීය අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට සහාය වෙයි.