• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

“මේඩින් ඉන්ඩියා” යුද්ධයකට මෝඩි සූදානම්!

February 28, 2022
in Politics
Reading Time: 5 mins read
A A
“මේඩින් ඉන්ඩියා” යුද්ධයකට මෝඩි සූදානම්!
Share on WhatsAppShare on Facebook

උපාංග එකලස් කරන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර අයිපෝන් ආයතනයක් වන “ ෆොක්ස්කොන් ”සමාගම සහ ඉන්දියාවේ ස්වභාවික සම්පත් හා බැඳුණු“වේදාන්ත ව්‍යාපාරය “චිප්”නිෂ්පාදන වාණිජ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අතගසා ඇත.

ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ උපාංග සඳහා දේශීය වශයෙන් පවත්නා විශාල ඉල්ලීම අරමුණු කරමින් තායිවානයේ නිෂ්පාදනවලට අභියෝග කිරීම ද ව්‍යාපෘති අපේක්‍ෂාවය.

මේ ආයතන දෙක ගිවිසුමකට ද එළඹ තිබේ. ෆොක්ස්කොන් ආයතනයේ මූල්‍ය යෙදවුම ඩොලර් මිලියන එකසිය දහ අටයි දශම හතකි.(118.7)එම සමාගමට හිමිවන කොටස් ප්‍රමාණය සියයට හතළිහකි(40%).

ව්‍යාපෘතියේ සභාපති වශයෙන් වේදාන්ත ව්‍යාපාරයේ ද සභාපති වන අනිල් අග්‍රවාල් කටයුතු කරන බව ෆොක්ස්කොන් සමාගම කියයි.

වේදාන්ත වාණිජ ව්‍යාපාරායතනය ඉන්දියාවේ “ඇලුවිනම්”(ඇල්මේනියං) නිෂ්පාදනය කෙරෙන විශාලම ආයතනයයි.එ සේම මහා පරිමාණයේ ඉන්ධන සහ ගෑස් සැපයුම්කරුවෙකි.දුරකතන පද්ධති පිළිබඳව ද කීර්තිමත් ආයතනයකි.

මෙවන් ව්‍යාපෘතියක් ඉන්දියාවේ මේ අන්දමින් ආරම්භ කළ පළමු ව්‍යාපෘතියයි.

අගමැති නරේන්ද්‍ර මෝධිගේ දැක්ම සියලු නිෂ්පාදන “ඉන්දියාවේ සාදන ලදී” made in India යටතේ පැවතිය යුතු බවය.ඒ අනුව යථෝක්ත ආයතන දෙකෙහි ඒකාබද්ධතාවය වනාහි අගමැති නරේන්ද්‍ර මෝධිගේ දැක්මට අනුශාංගික වී(දායකත්වය සැපයීම)පරිසර හිතකාමී “විදූ්‍යුත් (තාක්‍ෂණික)උපාංගයක් නිෂ්පාදනය කිරීම වේ.

අගමැති වරයාගේ “ඉන්දියාවේ සාදන ලදී” යන අභිමානවත් සංකල්පය ආත්සාත් කරදීමට මෙන්ම ඉන්දියාවේ සෙසු නිෂ්පාදන ආයතන සහ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා ඉදිරිපත් වූ ප්‍රථම තාක්‍ෂණික උපාංග නිෂ්පාදන ආයතනය ෆොක්ස්කොන් වේ.

ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ඉන්දියාවේ මහ ආණ්ඩුවෙන් සහ ප්‍රාන්ත රාජ්‍යවලින් සහනාධාර වශයෙන් මෙන්ම බැංකුවලින් ණය පහසුකම් වශයෙන් ද අපේක්‍ෂා කෙරෙන බැව් එම සමාගමේ ඉහළ කළමනාකරණයේ සාමාජිකයෙක් පැවසුවේය.

සමස්තයක් වශයෙන් ගත්කල ගෝලීය චීප් නිෂ්පාදනය මන්දගාමි වේ. ඒ නිසා ඌනණාවද ඉහළ තලයක තිබේ.මේ ඌණතාව කර්මාන්ත ක්‍ෂේත්‍රයට තදින්ම බලපා ඇත.ස්මාර්ට්පෝන් එකේ සිට මෝටර් රථ උපාංග දක්වා ඒ තත්ත්වය උද්ගතව තිබේ.

මේ නිෂ්පාදන කාර්යයේ දී බොහෝ රටවල් ඉන්දියාව සමග අත්වැල් බැඳ ඇත්තේය.මේ උපාංග නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාව එම රටවල් පොළඹවමින් උත්තේජනයක් ද සපයයි.

සෙමිකන්ඩක්ටර්ස් සහ ඩිස්ප්ලේ පැනල්ස් නිෂපාදනය සඳහා පෙළඹවීමේ දිරිදීමනා වශයෙන් ඉන්දියාව රුපියල් බිලියන හත්සිය හැටක් හෙවත් රුපියල් කෝටි හැත්තෑ හය දහසක්(760,000,000,000)ද වෙන්කර ඇත්තේය.

ඉන්දියාව ගෙනයන මේ වැඩ සටහනට අත්වැල් සැපයීමට යුරෝපා සංගමය සහ ඇමරිකාව ද මේ අන්දමේම සැලසුම් ගණනාවක් හඳුන්වා දී තිබේ.

යුරෝපා කොමිසම චිප් සැපයුම් දාමය ප්‍රවර්ධනය කිරීම උදෙසා පසුගිය දා යුරෝ බිලියන හතළිස් තුනක් (43)හෙවත් ඩොලර් බිලියන හතරයි දශම අටයි හයක්(4.86) වෙන්කළ බව නිවේදනය කර ඇත.

ඇමරිකාව හැරුණු විට ලෝකයේ චිප් නිෂ්පාදන කර්මාන්තයේ පළමු වැන්නා තමන් යැයි වහසි බස් fදාඩන තායිවානය ගතවූ දසකය පුරා එ රට බටහිර වෙරළ තීරයේ චිප් සැපයුම් දාමයක් පවත්වාගෙන ගොස් තිබේ.

එ හෙත් ඒ සමගම පාරිභෝගින ප්‍රජාව අතර ඊට වඩා උසස් තත්ත්වයේ ඒවා පිළිබඳ අපේක්‍ෂාවක් ද වර්ධනය වී ඇත.

තායිවානය එ සේ පුරාජේරු පෑව ද ෆොක්ස්කොන් සමාගම හොඳම නිෂ්පාකයා බව ජාත්‍යන්තර තේරීමය.ඒ ආයතනය සෙමිකන්ඩක්ටර් උපාංග හඳුන්වා දීම පිළිබඳව දිර්ඝ කාලයක් තිස්සේ සිහින මවා තිබේ.ඊට අනුබද්ධිත“ෆොක්සෙමිකොන්”සහ“මාකෙටෙක්”ජාත්‍යන්තර සංස්ථාව චිප් උපාංග කොටස් සකස් කරමින් චිප් පහසුකම් සැපයුම් සේවාවක් ද පවත්වා ගෙන ගොස් තිබේ.

චිප් අධිවෘධි ගත කරගතහොත් තම සමාගමේ විදුලි වාහන සඳහා ද යොදා ගත හැකි බව ෆොක්ස්කොන් සමාගමේ සභාපති“යං ලිව්”කාලයක් තිස්සේ ප්‍රත්‍යකක්‍ෂ කර ගෙන ඇත්තේය.

උතුරු තායිවානි නගරයේ ස්ථාපනය කර තිබූ චිප් උපාංග නිෂ්පාදන ස්වදේශීය සමාගමක් වු මැක්රොනික්ස් ආයතනය පසුගිය වර්ෂයේ දී ෆොක්ස්කොන් සමාගම විසින් සිය අයිතියට පවරාගනු ලැබ තිබේ.

මෝටර් රථ සඳහා කාබයිඩ් චිප් නිෂ්පාදනය කිරීමේ අරමුණින් එම සමාගම එ සේ අත්පත් කරගනු ලැබ ඇත.

තායිවාන් සෙමිකන්ඩක්ටර් නිෂ්පාදන සමාගමේ ඉංජිනේරුවන් ගතවූ වසර ගණනාවක් තිස්තේ ෆොක්ස්කොන් සමාගමට බඳවා ගෙන ඇති බව “නිකේයි” මාධ්‍ය ආයතනය වාර්තා කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ
2022.02.24

SendShareShare
Previous Post

හේතුවක් දන්නෙ නෑ! මහින්දගේ කුරුණෑගල කාර්යාලය විවෘත කිරීම 05 වැනිදාට කල් යයි!

Next Post

උද්ධමනයට එරෙහිව පාකිස්ථානයේත් උද්ඝෝෂණ

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.