• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයට අභියෝග කළ චීනා ‘ගුවෝ’!

February 28, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීනයට අභියෝග කළ චීනා ‘ගුවෝ’!
Share on WhatsAppShare on Facebook

“ගුවෝ වෙංගුයි”චීනයේ කොම්‍යුනිස්ට් පක්‍ෂයේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කළ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඒ අනුව ඔහු චීනයේ බෙයිජිං පළාතේ අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තෙකි.

එ සේ සිටින විට ඔහුට එරෙහිව චීන ආණ්ඩුව දරුණු චෝදනා මාලාවක් ඉදිරිපත් කෙළේය.“පගා මරුවකු සහ කළු සල්ලි සුදු කරන්නකු”බවට චෝදනා කෙළේය.කාන්තාවන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බවට ද චෝදනා ඉදිරිපත් විණි. .මේ සියල්ල තමාට එරෙහිව පාලකයින් ඉදිරිපත් කරන අභූත චෝදනා බව ඔහු ප්‍රකාශ කෙළේය.

චෝදනාවලට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් ගුවෝ වෙංගුයි කොම්‍යුනිස්ට් පක්‍ෂයේ උසස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා අඩංගු වීඩියෝ පට කීපයක් ද සමාජ ගත කෙළේය.

එහෙත් එන පොට හොඳ නැති බව තේරුම් ගත් ඔහු සරණාගතයකු වශයෙන් ඇමරිකාවට පලා ගියේය. ඒ 2014 වර්ෂයේ දීය.

ඇමරිකාවේ සිටි එකී කාලය තුළ ඔහු විසින් කරන ලද වරදක් වෙනුවෙන් ඔහු සිටි නිව්යෝර්ක් අධිකරණ බල ප්‍රදේශයෙන් බැහැර නොයාමට අධිකරණ තීන්දුවක් ද තිබිණි.එ හෙත් ඒ ගැන නොතැකූ ගුවෝ වෙංගුයි ඉල්ලා ගත් රුවල් නැවකින් බහමාස් වලට ගොස් තිබුණේය.

එවකට ජනාධිපති ට්්‍රම්ප් ගේ දේශපාලන ක්‍රමෝපායමාර්ගෝපදේශකයා ස්ටීව් බානන් ගුවෝගේ ගජ මිතුරෙකි.මේ දෙදෙනා චීන නායකත්වයට අභියෝ කිරීමේ අරමුණින් “චීනයේ නව ෆෙඩරල් රජයක්”නමින් 2018 දී සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබේ.

අනතුරුව කුඩා ගුවන් යාත්‍රා යොදා ගෙන නිව්යෝක් නිදහසේ ප්‍රතිමාවේ සිතුවම මුද්‍රිත කොඩි ද පැළැඳ, චීන පාලනය පෙරළා දමන බව ප්‍රකාශ කරමින් 2020 ජූනි මාසයේ දී ගුවන් සංදර්ශනයක් ද පවත්වා තිබේ.

ඒ මාසයේ දීම ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ දෙදෙනා ගේ සංවිධානයට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ද පවත්වා ඇත.ඒ පරීෂක්‍ෂණයේ දී ගුවෝ වෙංගුයි සහ ස්ටීව් බානන් අතර පැවැති ඇමරිකානු ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවක් ද අනාවරණය වී ඇත.

මැක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකිරීමේ යෝජනා ක්‍රමයකට යැයි කියමින් පරිත්‍යගශීලීන්ගෙන් මුදල් වංචා කළ බවට ස්ටීව් බානන් අධිකරණයෙන් චෝදනා ලැබුවේය.

මේ කාල සීමාවේ දී තමන් ගේ ව්‍යාපාරික කට යුතු බංකොළොත් වු බවට චෝදනා කරමින් ගුවෝ වෙංගුයි නිව්යෝර්ක් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේය.

එහෙත් ඔහුගේ පැටිකිරිය ගැන තීන්දු කළ නිව්යෝර්ක් අධිකරණ විනිසුරු බැරී ඔස්ටේ්‍රජර් ඔහුට අඇමරිකානු ඩොලර් මිලියන එකසිය තිස් හතරක් හෙවත් දහතුන් කෝටි හතළිස් ලක්‍ෂයක(134,000.000) දඩයක් නියම කෙළේය.

ඒ අධිකරණ බල සීමාවෙන් බැහැර නොයන ලෙසට දී තිබූ අධිකරණ තීන්දුව කඩ කිරීම නිසා එක් දිනකට ඩොලර් පන් ලක්‍ෂය (500,000) බැගින් වූ දඩ වශයෙනි.

(මාධවේදී ජෙරමි හිල් හෙරල්ඩ් “සිඩ්නි මෝර්නිං” පුවත් පතට ලියූ පුවතක් ඇසුරිනි)

චන්ද්‍ර සේන මාරසිංහ
2022.02.24

SendShareShare
Previous Post

ඉන්දු-ලංකා හමුදා නියෝජිත සාකච්ඡා!

Next Post

යුරෝපෙන් ලැබුණු අලුත්ම ආයුධවලින් යුක්රේනය ගහන්න පටන් ගනී! ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුටින්ගේ මිසයිල පද්ධතියම විනාසයි! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.