• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රට ගිහින් ගොඩ යන්නද කල්පනාව…

February 27, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
රට ගිහින් ගොඩ යන්නද කල්පනාව…
Share on WhatsAppShare on Facebook

මේ කාරණය සම්බන්ධව අපි විවිධ අවස්ථාවල කතාබස් කර ඇතත් මේ වෙද්දි විදෙස් රැකියා සඳහා ඇති අධික ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ දෙනෙකු අපගෙන් ඒ සම්බන්ධ තොරතුරු විමසයි. එහිදී විශේෂයෙන්ම ප්‍රධාන කාරණා කිහිපයක් මුල් වෙයි. ඇතැම් අය විදෙස් රැකියාවකට යාමේ අදහස පහළ වූ විගස එම රැකියා ලබාගෙන විදෙස්ගත වෙද්දී තවත් පිරිසක් දැඩි උත්සාහයකින් පසු එම අදහස අතහැර දැම්මත් කොතරම් උත්සාහ කළද පිරිසකට විදෙස් ගතවීමට නොහැකි වන අවස්ථාත් වෙයි. එවැනි අවස්ථාවල ශ්‍රමයත්, මුදලත් අපතේ ගොස් පීඩාවට පත්වීමට බොහෝ දෙනෙකුට සිදුවේ. එනිසා රට යන්න හිතනවා නම් ඔබේ කේන්දරය ගැන පහත සඳහන් පිහිටීම් තිබේදැයි බලන්න.

සෙනසුරු – සිකුරු – චන්ද්‍ර – බ්‍රහස්පති ග්‍රහයන්ද, සෙනසුරුගේ ජන්ම අෂ්ටම ලග්න ඒරාෂ්ටකද, රාහු මහ දශාවද ජන්මියකුට විදෙස්ගත වීමට උදව්වක් වන බව පැහැදිලිය. 12 භාවයේ සිටින ග්‍රහයා චරක රාශියක අධිපති වී සිටී නම් එම ජන්මියාට බොහෝ විදේශයන්හි සංචාරයට වාසනාව ඇති බව හෙළි වේ. 12 වැන්නේ පාප ග්‍රහයකු සිටී නම් 12 අධිපති පාප ග්‍රහයෙකු සමග සංයෝග වී පාප ග්‍රහයකුගේ බැල්මට නතුව සිටී නම් එම ජන්මියාටත් බොහෝ රටවල සංචාරයට වාසනාව උදාවන බව කියැවේ.

ලග්නාධිපති 12 අධිපතියා පාප පීඩිතව සිටී නම් හෝ දුර්වලව සිටී නම් එවැනි අයට පහසුවෙන් විදෙස්ගත වීමට වාසනාව ඇති අතර, නිතර නිතර විදෙස් සංචාර යෙදෙන බවත් පැවසේ. නැතහොත් කඩින්කඩ, යන්නට, එන්නට සිදුවෙන බවත් පැවසේ. 12 අධිපති මිත්‍ර ග්‍රහයකු නම්, සිකුරුගේ දෘෂ්ටියටත් ලක්වෙයි නම් නිසැකවම විදෙස්ගත වෙයි. එහි 12 අධිපති සූර්ය ග්‍රහණයට යොමු වූයේ නම් ජන්මියාට කුඩා නගරයකත්, 12 අධිපති බලගතු නම් එම ජන්මියාට නාගරික පරිසරයකත් වාසයට වාසනාව පෑදේ.

12 අධිපති 9 වැන්නේද, 12 රාහු තැන්පත් වීමද උපන් දේශයට පිට දුර ප්‍රදේශයක වාසයට සුබ පිහිටීමකි. මෙය බොහෝ දුරට විදෙස් සංචාර සඳහා මෙන්ම විදෙස් පදිංචියට මගපාදන පිහිටීමක් බව පැවසේ. චන්ද්‍රයා නව වැන්නේ සිටීමත් 3, 9, 12 අධිපතියන් සංයෝගවීමද විදෙස්ගත වීමේ සිහින පහළ කරන්නට හේතු වේ. 03 අධිපතියා ලග්නගත වීමද, 9, 10 අධිපතියත් 9 හෝ 10 හෝ තැන්පත් වීමද, විදෙස්ගතව ආදායම් සෙවීමට උපකාරී වන බව කියැවේ.

ඉහත ග්‍රහ සංයෝගවලට අමතරව තවත් ග්‍රහ සංයෝග රාශියක් විදෙස්ගත වීමට සම්බන්ධව ඉඟි පළකරන අතර කේන්දරයක් ඉතා සූක්‍ෂ්මව පරීක්‍ෂා කිරීමෙන් එම තත්ත්වය මනාව හඳුනාගත හැකි වෙයි.

එසේම කේන්දර පරීක්‍ෂාව තුළින් අදාළ ග්‍රහ සංයෝග බලවත් වෙන්නේ කවදාද යන්නත්, එසේ බලවත් වීමෙන් විදෙස්ගත වීමට වාසනාව ලැබෙන්නේ කෙසේද යන්නත් හඳුනාගත යුතුය.
යම් ජන්මියකු විදෙස්ගත වීමට සිතා සිටිනවා නම් ඉතා යෝග්‍ය කාරණය වන්නේ සිය ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවාගෙන තමාට විදෙස්ගත වීමට වාසනාව ඇත්තේ කවදාද යන්න තේරුම් ගැනීමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

පීිපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට නව විධායක නිලධාරිනියක් පත්කෙරෙයි…

Next Post

බැසිල් අප්‍රේල් අමෙරිකාවට! IMF එකයි-ලෝක බැංකුවයි එක්ක සාකච්ජා ආරම්භ කරයි!

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.