ඉත්තෑපාන ප්‍රදේශයේ ජනතාවට අතිනවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපාන නගරයේදී පසුගියදා විවෘත කෙරිණි.
මෙය ඉත්තෑපාන නගරයේ විවෘත කෙරුණු ප්‍රථම බැංකු හා මූල්‍ය ආයතනය වීම විශේෂත්වයකි.
මෙහි මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ද (ATM) ස්ථාපිත කර ඇති අතර, මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.
දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.











