• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබටත් දරුපල අහිමිද?

January 30, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඔබටත් දරුපල අහිමිද?
Share on WhatsAppShare on Facebook

විවාහය යනු විශ්වාසය, වාසනාව, හඳුනාගැනීම හා යහපත මත පදනම් වූ සුන්දර බැඳීමකි. මෙම සුන්දර බැඳීමෙන් බැඳෙන යුවතිපතීන්ගේ ඒකායන බලාපොරොත්තුව තම කැදැල්ලට සුරතල් දරු පැටියකු ගෙන ඒමයි. කිරිකැටියකුගේ සිනහව හා බොළඳ වදන් පිරුණු නිවෙසක් තුළ වාසනාව, සෞභාග්‍යය පිරී ඇතැයි එදා මෙන්ම අදද විශ්වාස කරයි. නමුත් මෙම වාසනාව බොහෝ දෙනකුට හිමි වුවද ඇතැම් අයට අහිමිවී යනුද දැකිය හැකිය. පුරාණ සමාජයේ මෙන්ම අද සමාජයේද දරුඵල අහිමි කාන්තාවන් ගැරහීමට ලක්විණි. වඳ ගැහැනිය, මූසල ගැහැනිය ලෙස ඇයට ගැරහුවද, පුරුෂයා වඳ වන අවස්ථාද බොහොමයක් ඇත. යුවතිපතීන් දෙදෙනාට දරුඵල නැත්නම් වඳභාවයට පත්ව ඇත්තේ සැමියාද එසේත් නැත්නම් බිරියද යන්න සොයා බලා කතා කළ යුතුය. සම්මතය පරිදි කාන්තාවට දොස් පැවරීම කොහෙත්ම සිදු නොවිය යුත්තකි.

ලොව ජීවත්වන සමහර යුවතිපතීන්දට දරු පැටියකුගේ සුරතල් දැකීමට හැකි වන්නේත්, තවත් සමහර යුවතිපතීන්ට එම වාසනාව අහිමි වන්නේත් මන්දැයි ඔබ මඳකටවත් සිතා බැලුවාද? අප අනන්ත සංසාරයේ කළ නොයෙකුත් අකුසල කර්ම මෙයට ඍජුව බලපාන බවද තරයේ මතක තබාගත යුතු. දරුඵල අහිමි යුවතිපතීන් මෙම ආත්මභාවයේ කිසිදු අකුසල කර්මයක් සිදු නොකළද අනන්ත සසර තුළ අන් කාන්තාවකගේ දරු ගැබ් විනාශ කිරීම, අද සමජයේද බොහෝ බහුලව සිදුකරන ගබ්සා කිරීම, දරුවන් ඝාතනය කිරීම, දරුවන් අතරමං කිරීම, දරුවන්ට නොයෙකුත් කායික මානසික අතවර සිදුකිරීම, තම මවට පියාට සිතාමතා නොසලකා හැරීම, පූජකයන්ට නොයෙකුත් කායික මානසික පූජා සිදුකිරීම, නාගයන්, පොලඟුන් වැනි දීර්ඝ කාලයක් ආයුෂ භුක්ති විඳින සතුන් මරාදැමීම, ගම් බිත්තර ආහාරයට ගැනීම දරුඵල අහිමි වීමේ හෝ දරුඵල ප්‍රමාද වීමේ අකුසල කර්ම වෙයි.

පුද්ගලයකුගේ ජන්ම පත්‍රය තුළින් ඉහත අකුසල කර්ම සිදුකර ඇද්දැයි දැනගත හැකිය. එවැනි අකසල සිදුකළ අයගේ ජන්ම පත්‍රයේ සර්ප ශාප යෝගයට අදාළ ග්‍රහ පිහිටීම් මෙන්ම තවත් අශුභ පිහිටීම් ගණනාවක් දැකිය හැකිය. ජන්ම පත්‍රයක් තුළින් දරුඵල පරීක්ෂා කිරීමේදී වර්ග කේන්දරවල එන සප්තාමිශ කේන්ද්‍රය අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතුය. ඊට අමතරව දළ කේන්දරයේ පස්වැන්න, පස්වැන්නාධිපති, පස්වැන්නට වැටෙන සුබ අශුභ දෘෂ්ටි, පස්වැන්නාධිපති තැන්පත් රාශිය, පස්වැන්නාධිපතිට වැටෙන දෘෂ්ටි ආදිය ගැනද සොයා බැලිය යුතුය. ඊට අමතරව හත්වැන්න හා එකොළොස්වැන්න පිළිබඳවද ඉහත ආකාරයටම සොයා බැලිය යුතුය. පස්වැන්න හෝ එහි අධිපති බුධ, සිකුරු හෝ ශනි සමග යම් සම්බන්ධයක් තිබීම එම කේන්දර හිමියාට දරුඵල ප්‍රශ්න අනිවාර්ය බවට පෙර දැනුම්දීමකි. ඊට අමතරව සප්තාමිශ කේන්දරයේ 2,6,8,12 යන ස්ථානයක රවි, සඳු, ගුරු යන ග්‍රහයන් තැන්පත් වීම මෙන්ම පාප දෘෂ්ටි හෝ පාප සංයෝග ලැබ තිබීම දරු ඵල අහිමි වීමේ අවදානම ඇතිකරයි. මීට අමතරව පස්වැනි භාවයට 6,12 අධිපතීන්ගෙන් බාධා එල්ල වීම, 5 වැන්නාධිපති හා 6 වැන්නාධිපති සංයෝග වීම, 5 වැන්නාධිපති හා 8 වැන්නාධිපති සංයෝග වීම, පුත්‍රකාරක ගුරු ග්‍රහයා අස්ථ වීම, භංග නොවන නීචයක පසුවීම වැනි දුබලතාවකින් පෙළීම පෙන්වාදිය හැකිය.

දරුඵල නොමැති ස්ත්‍රී පුරුෂ කේන්දරවල දැකිය හැකි තවත් විශේෂ ග්‍රහ පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒවා අතර ගුරු, රවි, සඳු යන ග්‍රහයන් සමග එම කේන්දරයේ පස්වැන්න අධිපති හා නවවැන්නාධිපති දුබල වීම,

• යම් කේන්දරයක ශනි ග්‍රහයා පස්වැන්නේ වී රවි ග්‍රහයා හත්වැන්නේ වී පස්වැන්නාධිපතියා රාහු සමග සංයෝග වීම,
• කුජ ග්‍රහයා හා ශනි ග්‍රහයා නීචව රවි පස්වැන්නෙන් පාපයින්ට මැදිවීම
• කුජ හා ශනි සංයෝග වීම හෝ කුජ ශනි සප්තමව සිට ශනි පහේ සිටීම,
• ලග්නාධිපති රාහු සමගත්, කුජ 5 අධිපති සමගත් සිටීම,
• ලග්නය හා පහ අධිපති දුබලව සිටීම හෝ පාප ග්‍රහයන් දුබලව පස්වැන්නේ සිටීම,
• කුජ හා නවාංශක අධිපතියා එකම රාශියක පිහිටා පස්වැන්න අධිපතියා දුබල වීම හා ගුරු, රාහු සමග සංයෝගව සිටීම,
• කන්‍යා හෝ මිථුන ලග්නයක ඉපදී 6 අධිපති ලග්නගතව බුධ සමග සංයෝගව සිටීම,
• කන්‍යා හෝ මිථුන ලග්නයක ඉපදී 6 අධිපතියා කුජ සමග යෝගව ලග්නයේ සිටීම,
• කන්‍යා හෝ මිථුන ලග්නයක ඉපදී 6 අධිපතිවරයා කුජ සමග යෝගව ලග්නයේ සිටීම,
• කුජ ග්‍රහයා ඔත්තේ රාශියක වී රවි විසින් දුටු විට,
• කුජගේ පීඩනයට ලක්ව සිකුරු පස්වැන්නේ සිටීම,
• පස්වැන්නේ කුජ, ශනි සිට රවිගේ දෘෂ්ටිය ලැබීම,
• පස්වැන්න මේෂ, වෘශ්චික වී රාහු හා රවි එහි සිට කුජගේ දෘෂ්ටි ලැබීම,
• පස්වැන්න කටක වී එහි රාහු සිටීම,
• පස්වැන්න අධිපතිවරයා හා ගුරු වඳ රාශිගත වීම…

ලියා නිමකළ නොහැකි තරම් පිහිටීම් ගණනාවක් දරුඵල අහිමි අයගේ ජන්ම පත්‍ර තුළින් බලාගත හැකිය. නමුත් මෙහිදී සඳහන්ව ඇත්තේ බහුලව පිහිටන පිහිටීම් කිහිපයක් පමණි.

දරුවකු පිළිසඳ ගැනීම යනු පුරුෂයකුගේ බීජයක් ස්ත්‍රියකගේ ඩිම්බයක් සමග සංසේචනය වීමයි. මෙහිදී පුරුෂ බීජ සිකුරු ග්‍රහයා පාලනය කරන අතර ස්ත්‍රියගේ ඩිම්බ කුජ පාලනය කරනු ලබයි. කුජගේ හා සිකුරුගේ බලවත්කම අනුව ඔහුට හෝ ඇයට දරුවකු ලැබීමට භාග්‍යය ඇද්දැයි තීරණය කරනු ලබයි. මීට අමතරව පොරොන්දම් පරීක්ෂා කිරීමේදීද දරුඵල දෙදෙනාටම ඇද්දැයි සොයා බැලීමද සිදුකරයි. දෙදෙනාගේ නාඩි පොරොන්දම ගැළපීම මගින් රුධිර ගැළපීම හා නහර ශක්තිය සොයා බලයි.

පක්ෂි පොරොන්දම මගින් ලිංගික ශක්තියද, වෘක්ෂ පොරොන්දම මගින් ධාතු ශක්තියද, රජ්ජු පොරොන්දම මගින් ප්‍රජනන ශක්තියද, යෝනි පොරොන්දම මගින් හැසිරීම් රටාවද, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම මගින් කායික වශයෙන් විඳින සතුට සම්බන්ධවද සොයා බලයි. පොරොන්දම් පරීක්ෂාවේදී දෙදෙනාගේම මෙම පොරොන්දම් ගැළපීම විවාහ ජීවිතයේ සතුට සමගිය පවතිනවාත් සමගම දරුඵලද ඇත යන්න නිගමනය වෙයි. මෙසේ වුවද පොරොන්දම් බලනවාත් සමග ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීමද බැලීම අනිවාර්යයෙන් කළයුතුය.

නිරෝගී දරු උපතක් ලබාගැනීම සඳහා ස්ත්‍රියකගේ මාස් ශුද්ධිය අවසන් වූ දින සිට දින 16ක් යන තුරු සුබ වේ. නමුත් මාස් ශුද්ධිය අවසන් වූ දින සිට දින 4ක් යනතුරු දරුවකු පිළිසිඳ ගැනීමට යෝග්‍ය නොවන අතර පස්වැනි හයවැනි දින අටවැනි දින නවවැනි දින දහවැනි දින දොළොස්වැනි දින දාහතරවැනි දින පහළොස්වැනි දින හා දාසය වැනි දින සුබ වේ. එහිදී පස්වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඇය ස්ත්‍රී දරුවකු වන බවත්, හයවැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු පරපුර ගෙනයන දරුවකු බවත්, 8 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු පිරිමි දරුවකු බවත්, 9 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් රූප සම්පත්තිය ඇති ස්ත්‍රී දරුවකු බවත්, 10 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු දේශාධිපතියකු බවත්, 12 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු වාසනාවන්ත පුරුෂ දරුවකු බවත්, 14 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු හෝ ඇය ගුණධර්මවලින් පිරිපුන් දරුවකු බවත්, 16 වැනි දින දරුවකු පිළිසිඳ ගත්තේ නම් ඔහු ප්‍රඥාවන්ත පුරුෂ දරුවකු බවත් පුරාණ ජ්‍යොතිෂ පොතපතේ සඳහන් වේ. නමුත් මාස් ශුද්ධියෙන් පසු 4 වැනි දින, 7 වැනි දින, 11 වැනි දින හෝ 13 වැනි දිනවල එක්වීම නොකළ යුතු බවද සඳහන්ය. එම දිනක පිළිසිඳ ගන්නා දරුවන් නොයෙකුත් ආබාධවලින් පෙළිය හැකි අතර ගුණධර්ම අතින්ද හීන වේ.

එමෙන්ම රේවතී, රෙහෙන, හත, සිත, උත්‍රසල, අනුර, සුවන, සියාවස, උත්‍රපුටුප යන නැකැත් උදාවී තිබෙන දිනයන්ද, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මීන යන ලග්න උදාවී එහි 8 වැන්න පිරිසිදුව තිබෙන අවස්ථාද ස්ත්‍රී හා පුරුෂයකු දරු සම්පතක් බලාපොරොත්තුවෙන් එක්වීම සුබ වේ. සතියේ දිනවලින් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දින සුබ වේ. මෙම දිනවලින් ඔත්තේ දිනයක් නම් ස්ත්‍රී දරුවකුද, ඉරට්ටේ දිනයක් නම් පුරුෂ දරුවකුද උපදින බව පිළිගැනීමයි.

තිථිවලින් දරුඵල සඳහා සුබ තිථි ලෙස පුර පාර්ශ්වයේ 2,3,5,7,10,11,13 යන තිථි ගණන් ගැනේ. එමෙන්ම ත්‍රිජන්ම නැකැත් යෙදෙන දින මෙන්ම 4,8,9,14 යන තිථිද දරු පිළිසිඳගැනීම් සඳහා අයෝග්‍ය වේ.

දරුඵල අහිමි වූවන්ට හා දරුඵල ප්‍රමාද වූවන්ට නොයෙකුත් වත් පිළිවෙත් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒවා අතර දෙවියන් යැදීම, බාරහාර වීම සුවිශේෂ ස්ථානයක් ගනී. ඒ අතර පත්තිනි දෙවියන්, කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන් ආදී දෙවිවරුන් ප්‍රධාන වේ. තවද අපල කරන ග්‍රහයන් උදෙසා ග්‍රහ පූජා පැවැත්වීමද සිදුකළ යුතුමය. ග්‍රහ පූජාවක් පැවැත්වීමේදී නා පිරිසිදුවී සවස 5.45ට පමණ පිච්ච මල් වට්ටියක් හා අබ තෙල් පහන් බුදුරදුන් උදෙසා පූජා කර සුවඳ දුම් මෙන්ම සුවඳ පැනින්ද බෝධිය නාවා දෙවියන්ට පින් දී දරුඵල ලබාගැනීමට මෙනෙහි කරන්න. මඳ වේලාවක් මෛත්‍රී භාවනාව කර දරුවකු ප්‍රාර්ථනා කළ යුතුය. ඉන් පසු ග්‍රහයන් උදෙසා කරන ග්‍රහ පූජාව කළ යුතුය. ඒ සඳහ මල් වර්ග 9ක්, පලතුරු වර්ග 9ක්, සුවඳ කපුරු පෙති 9ක්, ගිතෙල් පහන් 9ක් දල්වා, ‘මාගේ ග්‍රහ අපල සියල්ල දුරුවී ඉක්මනින් දරුවකු ලැබේවා’යි පිරිසිදු සිතින් ප්‍රාර්ථනා කළ යුතුය.

ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හා ඊශ්වර දෙවියන්ට විධිමත් පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස අයැද සිටිය යුතුය. මෙහිදී විෂ්ණු දෙවියන්ට පූජා තැබීමේදී ශනි ග්‍රහයාට අධිපති නැකැත් ඇති දිනයක්ද, රවිට අයිති නැකැත් ඇති දිනක ඊශ්වර දෙවියන්ටද පූජා තැබිය යුතුය.

ශ්‍රීමහා බෝධිය, බෙල්ලන්විල බෝධිය, කැලණි විහාරයේ බෝධිය, දළදා මාලිගාව වැනි ස්ථානයක පිරිසිදු සිතින් පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස අයැද සිටීම,

දුර්ගා දේවියට හා පත්තිනි දේවියට විධිමත් පූජාවක් තබා දරුවකු ලබාදෙන ලෙස අයැද සිටීම,
වයස අවුරුදු 6ට අඩු දරුවන්ට ඇඳුම්, සෙල්ලම් බඩු, පැණිරස ආහාර දී ඔවුන්ට ආදරය කරුණාව දක්වා තමන්ටත් දරුවකු ලැබේවායි ප්‍රාර්ථනා කිරීම,

ගර්භණී මාතාවන්ට ආහාර පානදී ඔවුන් සිත් සනසා තමන්ටත් දරුවකු ලැබේවායි ප්‍රාර්ථනා කිරීම,
දිනෙකට වරක් ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව 108 වරක් කියා දරුවකු ප්‍රාර්ථනා කිරීම….

මෙසේ කළද දරුවකු නොලැබෙන්නේ නම් මවුපිය රැකවරණය අහිමි දරුවකු රැගෙන ඔහු හෝ ඇය ආදරයෙන් රැකබලා ගනිමින් නිසි අධ්‍යාපනයක් ලබාදී ආවාහ විවාහ කරදී එම අසරණ දරුවා රටට ජාතියට වැඩදායී පුරවැසියකු කිරීම, ඔබ මහලු වියට පත්වූ විට ඔබට මේ ආත්මයේ ඔහු හවුහරණක් වන අතර ඔබට උපදින මතු භවයේ තමාගේම කියා දරුවන් ලැබීමේ භාග්‍යයද හිමිවනු ඇත. එසේ වන්නේ අනන්ත සසර තුළ ඔබ කළ අකුසල කර්ම අසරණ දරුවකුට නියම මවක මෙන් පියකු මෙන් රැකවරණය ආදරය දුන් පිනෙන් අහෝසි වන නිසාය. දරුවකු හදාවඩා ගැනීමේදී එම දරුවා තමාගේම දරුවකු බවට සිතිය යුතුය. මන්ද ඔබගේ කුසෙන් බිහිවීමට පින් මඳ වුවද ඔබ ළඟට පැමිණිය හැක්කේ ඔබ වෙනුවෙන්ම ඉපදුණු දරුවකුට පමණක් වන නිසාය.

ආදරයෙන් බැඳී විවාහ වන යුවලක් කුමන ගැටලුව මතු වුවද මුළු ජීවිතය පුරාම ආදරයෙන් සිටිය යුතුය. නමුත් අද සමාජයේ ආදරය යනු වචනයක් පමණි. විවාහ වන බිරිය හා සැමියා විවාහ වන්නේ ඔවුනොවුන් තුළ ඇති කුමන හෝ භෞතික කරුණක් මුල් කරගෙනය. දරුවන් නොමැති වූවා යැයි තම බිරිය, සැමියා අතහැර යන්නේ එවන් පුද්ගලයන්ය. පැමිණි දුක් පැණිරස යැයි සිතා නොගැළපෙන තැන් ගළපා ගනිමින් ජීවිතය ගෙන යෑම සැබෑ ආදරය වේ. ඒ, අද සමාජයේ පවතින දික්කසාද නඩු දෙස බලන කල විවාහ වන අයගෙන් එක් අයකු දෙන්නකු තුළවත් සැබෑ ආදරය තිබේදැයි සැක සහිතය.

ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

කබ්රාල් ලොකු වගකීමක් කරට ගනී! ජනාධිපතිටත් දැනුම් දෙයි! බැරිවුණොත් විනාසයක්!

Next Post

අදටත් යක්‍ෂයකුගෙන් වැඩ ගන්න හමුදුරුවෝ කවුද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.