• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදටත් යක්‍ෂයකුගෙන් වැඩ ගන්න හමුදුරුවෝ කවුද?

January 30, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
අදටත් යක්‍ෂයකුගෙන් වැඩ ගන්න හමුදුරුවෝ කවුද?
Share on WhatsAppShare on Facebook

යක්ෂයන්ගෙන් වැඩ ගැනීම. එහෙමත් නැත්නම් යක්කු බැඳගෙන වැඩගැනීම. එහෙම කතා වර්තමානයේ ඇහෙනවා අඩුයි. හැබැයි වසර ගණනාවක් ආපසු හැරී ඉතිහාසයට විපරම් කළොත් එවැනි පුවත් ගැන විවිධ ජනප්‍රවාද බොහෝ ප්‍රමාණයක් අහන්න ලැබෙනවා. ඇතැම් සිදුවීම් ගැන ජනප්‍රවාද ඔස්සේ හඳුනාගත් සාක්ෂිත් දකින්න ලැබෙනවා. යක්කු බැඳගෙන වැඩගන්නවාය කියපු ගමන් අපේ මතකයට නැගෙන්නෙ රළු විරූපී දැක්කාම බය හිතෙන විදියට අපි හිතේ මවාගෙන ඉන්න කළු කැත යක්ෂයන්ව විලංගුවලින් බැඳගෙන වැඩගැනීමක් වුණත් මේ පිළිබඳ බොහෝ මතවාද හා ජනප්‍රවාද අහන්න තිබෙනවා. ඒ අතරින් ප්‍රසිද්ධම කාරණාව තමයි ඇසට නොපෙනෙන යක්ෂ ආත්මයක් මිහිපිට ජීවත් වන සවි ශක්ති ඇති අයකුට බන්ධනය කිරීම තුළින් එම පුද්ගලයාට ලැබෙන අසීමිත ශක්තියෙන් බලයෙන් වැඩ කරවාගැනීම. එලෙස යක්ෂයකු බන්ධනය වුණු කෙනකුට සාමාන්‍ය මිනිසකුට කිරීමට තබා සිතීමටවත් නොහැකි ආකාරයේ විවිධ ක්‍රියා කළ හැකිබවත් පැවැසෙනවා.

මෙයට අමතරව කිසිවකුගේ ඇසට නොපෙනෙන ආත්ම බන්ධනය කරගෙන තමන්ට අවශ්‍ය කටයුත්ත කරගන්නා බවත් එහිදී අදාළ කටයුත්ත කරන කෙනකු කිසිවකුට නොපෙනුණද අදාළ ආත්මය පාලනය කරන පුද්ගලයා සිතන පතන ආකාරයට එම කටයුත්ත සිදුවන බවත් පැවැසෙනවා.
මේ කොයි විදියට යක්ෂයන් බැඳ වැඩගත්තත් මේ කටයුත්ත ලේසි පහසු කාරණාවක් නොවන බව බොහෝ ඉතිහාස කතා සහ ජනප්‍රවාද ඇසුරේ හඳුනාගන්න පුළුවන්. මේ සඳහා ඊට අදාළ යන්ත්‍ර මන්ත්‍ර මැනැවින් දත් අයකු විය යුතු අතර එලෙස යන්ත්‍ර මන්ත්‍ර හරි හැටි නොදැන යක්ෂයන් සමග වැඩ කරනන්නට යෑම අතිශය භයානක කටයුත්තක් බවත් පැවැසෙනවා.

යක්කු බැඳගන්න වගේම යක්කු එළවීම පිළිබඳවත් අදාළ මන්ත්‍රකරුවා මැනැවින් දැන සිටිය යුතු වෙනවා. එසේ නොවන්නට මේ බැඳගත් යක්ෂයන් පාලනය පහසු නොවන බවත් කියැවෙනවා.
කෙසේ නමුත් යක්කු බැඳගෙන වැඩගත් පරම්පරා ගැනත්, එවැනි පරම්පරාවලින් පැවැත එන්නන් ගැනත් අද සමාජයේ තැනින් තැන අහන්න දකින්න පුළුවන්. හැබැයි එදා සිටි අය මෙන් වර්තමාන පරපුර මේ දේවල් සම්බන්ධව දක්වන හැකියාවන් ගැන නම් ගැටලු නැතිවාම නොවේ.

බොහෝ විට අතීතයේ මේ යක්කු බැඳගෙන කරපු වැඩ ගැන බලද්දී බොහෝ විහාරස්ථාන ආශ්‍රිතව විවිධ ඉදිකිරීම් ගැන ජනප්‍රවාද ඇසුරේ විවිධාකාර කතාබස් සිදුවෙනවා. එවැනි බොහෝ ඉදිකිරීම් සාමාන්‍ය මිනිසාට කළ නොහැකි තරමේ විස්මිත නැමැවුම් වන නිසාම යක්ෂයන්ගේ අසීමිත හැකියාවක් ශක්තියක් තිබූ පිරිස් කළාය කියන එකත් පැහැදිලි වෙනවා. ඒ වගේම අතීතයේ බොහෝ ස්වාමින්වහන්සේලා මේ යන්ත්‍ර මන්ත්‍ර කලාව පරතෙරට දැන සිටියාය කියන එකත් රහස් නෙවෙයි. විශේෂයෙන්ම කොණ්ඩදෙණියේ හිමියන් වැනි ස්වාමින්වහන්සේලා යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් කළ කී දේ ගැන අදත් සාක්ෂි සාධක ඉතිරිව තිබෙනවා.

වර්තමානයේ එවැනි හිමිවරුන් හෝ ගුරුන්නාන්සේලා ඉන්නවාද යන්න විමසීමේදී මෑත ඉතිහාසය තුළ එවැනි අත්දැකීමක් ලද පුද්ගලයකු අපට හමුවූයේ මීට කලකට පෙරයි. අනුරාධපුර ප්‍රදේශයට ගිය ගමනකදී එක්තරා විහාරස්ථානයකදී හමුවූ මේ පුද්ගලයා එම විහාරස්ථානයේ කටයුතුවලට සහාය වන්නකු බව දැනගන්නට ලැබුණා.

අපත් සමගින් සිටි අයකුගේ සමීප හිතවත්කම නිසාම එම පුද්ගලයා අප සමග හරි අපූරු රහසක් හෙළි කළේ මේ විදියට.

‘මහත්තයලට කියන්න මං පන්සල් කිහිපයකම නතර වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. ඒත් පස්සේ මට කොන්දෙ අමාරුවක් හැදිලා මං එතකොට හිටි පන්සලේ හාමුදුරුවෝ මාව මෙහාට එව්වා. මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් සිංහල බේත් ගන්න කියලා. මොකද මේ ලොකු හාමුදුරුවො සිංහල වෙදකම දන්න කෙනෙක්. ඉතින් මං ඇවිත් මාස දෙකෙන් සනීප වුණා. හැබැයි මට ආපහු යන්න හිත දුන්නෙ නැහැ. මං ලොකු හාමුදුරුවන්ට ඒ ගැන කිව්වාම ඔන්න ඔහෙ ඉන්නවා සමරේ කිව්වා. මං එදා ඉඳන් පන්සලේ වැඩපළ කරගෙන හිටියා.

ඔය කාලේ අන්න අර බෝධිය වටේට බැඳලා තියෙන බැම්ම ටික ටික බඳිමින් තිබුණා. හැබැයි ලොකු ගල් ඔතැනට ආපු විදියක් නැහැ. ඕක මගේ හිතට මහ අමුත්තක් වුණා. බැරිම තැන මං දවසක් හාමුදුරුවන්ට කිව්වා. ඇත්තටම හාමුදුරුවනේ මේක යකාගෙ වැඩක්නෙ. දැන් බැම්මෙ වැඩ ඉවර වෙන්නත් ළඟයි. මේක බැඳපු දවසකුත් නෑනෙ හරියට කියලා. ඒ කතාවට හාමුදුරුවෝ හිනාවුණා විතරයි. පස්සේ කිව්වා යක්කු මොකද මිනිස්සු මොකද වෙහෙර විහාර හදනවා නම් කියලා.

ඉතින් දවසක් රෑ මට හිතුණා ගිහින් බැම්මට වෙන දේ බලාගෙන ඉන්න ඕනෙ කියලා. ඒත් මට දොර ඇරගන්න බැරි වුණා. අගුල දාලත් නෑ. යතුරත් කාමරේ ඇතුල් පැත්තෙමයි. මට පුදුම වගේම බයකුත් හිතුණා. මං බයටම පොරවාගෙන නිදාගත්තා. පස්සේ දවසෙ ඇහැරුණේ ලොකු හාමුදුරුවෝ කතාකරන සද්දෙටයි. මට හිතෙන්නෙම මේ මහ ගල් ඔතැනට ගෙනාවේ අපිට නොපෙනෙන කෙනෙක් කියලමයි…’

ඔහු කතාව එහෙම අවසන් කළාට අපිට පමණක් නොව ඒ බැම්ම දකින ඕනෑම කෙනකුට පුංචි සැකයක් ඇතිවෙන්න ඇති. ඒ මොනවා වුණත්, ‘මේක නම් යකාගෙ වැඩක්’ය කියන කියමන හැදුණේ අතීත මන්ත්‍රකරුවන්ගේ විස්මිත හැකියාවන් නිසාය කියලත් අමතක කරන්න බැහැ.

සත්‍ය කතාවක් ඇසුරින් නම් ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔබටත් දරුපල අහිමිද?

Next Post

සුවිශේෂ නව ගිණුම් සහ සේවාවන් සමගින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.