• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබව කබලෙන් ළිපට වට්ටන කලබල ගෙවල් හැදිල්ල…

January 17, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ඔබව කබලෙන් ළිපට වට්ටන කලබල ගෙවල් හැදිල්ල…
Share on WhatsAppShare on Facebook

කෙනකුට ජීවිතයේ අංගසම්පූර්ණ වාසනාවක් හිමිකර දෙනු ලබන ප්‍රධාන සාධකයක් ලෙස නිවෙස හඳුන්වාදිය හැකිය. නිවෙසක සුබ අසුබ පිහිටීම මෙන්ම වාසනා ගුණය අනුවත් ඒ ඒ නිවාසවල පදිංචිකරුවන්ගේ ජීවිතවල යහපත උදාවීම සිදුවන බව හඳුනාගෙන තිබේ. එහෙයින් නිවෙසක් සෑදීමේදී මෙන්ම නිවෙසක් මිලදී ගැනීමේදීත් එහි වාස්තුවල තත්ත්වය ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

කෙනකුට තමාගේ ජන්ම නැකැතට ග්‍රහචාරයට අනුව සියල්ල බලා ඉදිකළ නිවෙසක් පසුකාලීනව විකිණීමට තීරණය කරතත් එම නිවෙස මිලදීගත්තකුට එය කෙතරම් ගැළපේද යන්න අතිශය ගැටලුසහගතය. මන්ද එම නිවෙස සකසා ඇත්තේ එහි මුල්ම පදිංචිකරුවා හෝ එහි හිමිකරුවාගේ උපන් නැකැතට සුබ වීම සඳහා මිස පසුව එය ලබාගන්නා අයට යහපතක් වන්නට නොවන බැවිනි.

නිවෙසක් මිලදී ගැනීමේදී මේ තත්ත්වය ඉතා බුද්ධිමත්ව තේරුම් ගැනීම සෑම කෙනකුගේම වගකීමකි. එසේ නැතහොත් ඔබට සිදුවන්නේ අනුන්ගේ ඇඳුමක්, සපත්තු දෙකක් ඉල්ලාගත් විට විඳින්නට සිදුවන නොගැළපීම්වල අපහසුතා විඳදරා ගැනීමටය. එසේ විඳගත්තද එය වැඩි කාලයක් පවත්වාගෙන යන්නට ඔබට හැකියාවක් නොලැබෙනු ඇත. මන්ද අනුන්ගේ නිවෙසක ඔබට සිදුවන නොගැළපීම් ඇඳුමක් සපත්තු දෙකක් මෙන් සරලව ගත නොහැකි දේවල්ය.

වාස්තු දෝෂ ඇතිවීම මත ඔබගේ ධනය බලය සහ ශක්තියද ගිලිහී යෑම දුරස් වීම ආදිය විඳින්නට සිදුවන අතර ඔබ සතු සියල්ල ඔබට අහිමි වීමටද එයම හේතුවක් වනු ඇත.

මෙහිදී වඩාත් වැදගත් වන තවත් සාධක කිහිපයකි. විවිධ අය විවිධ රුචි අරුචිකම් දක්වන අතර කෙනකු සංකීර්ණ වටපිටාවකට ප්‍රිය කරද්දී තවත් කෙනකු ප්‍රිය කරන්නේ පරිසරහිතකාමී වටපිටාවකටය. ඇතැම් විට නිවෙසක් විකුණා දමන්නට වාස්තු දෝෂ බලපායි. ඉන්නම බැරි නිවෙසක් විකුණා දමනවා හැර වෙන කළ හැකි දෙයක් නොවන අතර නිවෙස මිලයට ගත්තකු මේ ගැන ඉතා බුද්ධිමත්ව තේරුම්ගත යුතුය.

ඇතැම් ඉඩම්වල භූත දෝෂ එමටය. නිවෙස්වල ඉඩම්වල පෙර පදිංචිකරුවන් මියගොස් එම ඉඩම්වලම භූතයන් ප්‍රේතයන් වී ඉපදීම හේතුවෙන්ද ඇතැම් නිවාස කිසිවකුට යානොදෙයි. මිනිසුන් දිවිනසාගත් නිවාසද බොහෝ තිබෙන අතර ඒවාද නිතර නිතර අලෙවි වන තත්ත්වයේ පවතින නිවාස සේ පෙනීගොස් ඇත. මේ තත්ත්වය හඳුනාගෙන නිවෙසක් මිලදී ගැනීම සෑම කෙනකුටම යහපතට හේතුවකි.

නිවාසවල බ්‍රහ්ම පාදය අතිශය වැදගත් වන අතර සමහර නිවාස බ්‍රහ්ම පාදයට හානි ගෙන දෙන අයුරින් ඉදිකරවීම මත සියල්ල නරක අතට හැරී තිබේ. මෙවැනි නිවාස මිනිස් වාසයට කෙසේවත් සුදුසු නොවේ.

බොහොමයක් නිවාස මිලට ගන්නන් බාහිර ඔපයට රැවැටී නිවාස මිලට ගැනීම සිදුකරන අතර එයද නිවෙසක් තෝරාගැනීමට සුදුසු ක්‍රමයක් නොවේ.

පදිංචියට කලබලයට නිවාස මිලට ගෙන ඔබත් කබලෙන් ළිපට වැටීමට උත්සාහ නොකර ඉතා බුද්ධිමත්ව සිතාබලා කාලයට ගැළපෙන ලෙස කටයුතු කිරීම විශ්වාසදායක ක්‍රමවේදයකි. මේ නිසා ඔබ මිලට ගන්නා නිවෙස මුලින්ම ඔබගේ උපන් නැකැතට ගළපා බලා සූක්ෂ්මව කටයුතු කළහොත් ඉතා වාසනාවන්ත අනාගතයකට මඟ පාදාගන්නට ඔබටත් හැකි වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…

Next Post

තැන් තැන්වල නටවන ග්‍රෙනේඩ් නාඩගම ගැන විපක්ෂනායකගේ ප්‍රකාශය! (VIDEO)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.