• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යකඩත් උණුවෙන වාස්තු දෝෂ…

January 9, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
යකඩත් උණුවෙන වාස්තු දෝෂ…
Share on WhatsAppShare on Facebook

ස්ථිර රැකියාවක් නොතිබුණද ඉන් අධෛර්යවත් නොවුණු විජිත, ඉන් පසු පරණ යකඩ, බෝතල්, තඹ ආදී අබලි ද්‍රව්‍ය තැනින් තැනට ගොස් එකතු කොට විකිණීම සිය රැකියාව කරගත්තේය. ඉතා අසරණභාවයට පත්ව දුක්ඛිත ජීවිතයක් ගත කළද කෙටි කලකින් ධනවත් ව්‍යාපාරිකයකු බවට පත්වීමට ඔහුට හැකි වූයේ සිය අපරිමිත උත්සාහය හා කැපකිරීම මතය.

ඔහුගේ නව නිවෙස ගොඩනඟන විට ජීවිතයේ කිසිදු අඩුපාඩුවක් නොවිණි. එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියා නිවෙස වාස්තු විද්‍යානුකූලව සකස් කොට ඇතැයි පැවැසීම නිසා එහි වාස්තු බැලීමටද ඔහුට අවශ්‍ය නොවීය. නිවෙසේ පදිංචිවී වසර 4ක් පමණ වනතුරු කිසිදු ගැටලුවක් නොවීය.

ඔහු, ඒ වන විට විවිධ ආයතනවලින් කොන්ත්‍රාත් මගින් යකඩ, තඹ වැනි අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් මිලදී ගත්තේය. නිවෙසක් සුබ අසුබ පල දීමට නම් වසර තුනක කාලයක් පමණ ගතවේ. එය ප්‍රමුඛ වාස්තු සිද්ධාන්තයකි. නිවෙසේ ගෙවන හතරවැනි වසර වන විට ගෘහ මූලිකයාගේ කොන්ත්‍රාත් සඳහා අසීමාන්තික බාධා පැනනැඟුණු අතර ව්‍යාපාරය මූල්‍යමය පාඩු ලබන තත්ත්වයටද පත්විය. නමුත් ඒ වන විටත් ඔහුගේ ධෛර්යය හීන නොවී තිබිණි. එම නිවෙස වාස්තු පරීක්ෂා කිරීමට හේතු වූයේ එයයි. එවන් බිඳවැටීමක් ඇති වීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සහ ඒවාට යෙදූ පිළියම් මෙසේය.

පර්ශු නාම ගෘහ
සංස්කෘත බසින් පර්ශු යනු පොරවයි. නමුත් මෙම නිවෙසේ තිබුණේ සාමාන්‍ය ඇසට හසුවන පොරව හැඩයේ දෝෂයක් නොවේ. අප සමාජයේ පොරව හැඩයේ නිවෙසක් ලෙස සලකන්නේ ඍජුව ‘ඕ’ හැඩයේ හෙවත් පොරවක් ආකාරයේ නිවෙසකි. එමෙන්ම මේ හැඩ මඟහැරීමට අත්තිවාරම් කෑලි එක් කිරීම සුලබ දසුනකි. එමෙන්ම නිවෙසක පොරව හැඩය භංග වීමට එවැනිම කොටසක් එකතු කිරීම සෑහේ යැයි බොහෝ දෙනකු සිතන්නේ නොදැනුවත්කම නිසයි.

මෙම නිවෙසේ කොටස් විශාල ප්‍රමාණයක් තිබුණද ඒ එකදු කොටසක්වත් වඩු රියනක ප්‍රමාණයක් නොගත්තේය. සෑම විටම පොරව හැඩය භංග වීමට නම් වඩු රියනක් (අඟල් 31ක්) ඉක්මවන ප්‍රමාණයක් තිබිය යුතුය.

මෙම නිවෙසේ පොරව හැඩය ඇති කරන ආකාරයේ අඩි 10ක පමණ කොටසක් තිබූ අතර අනෙක් සියලු කොටස් වඩු රියනක් නොඉක්ම විය. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු සාධක වූයේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ නොදැනුවත්කමයි.

මෙවැනි නිවෙසකින් ජීවිතය කැපි කැපී වැටීමක් සිදුවේ. නිවැරැදි ලෙස නිවෙසට නව කොටසක් එක් කර එම දෝෂය භංග කළේය.

බේස්මන්ට් එක හෙවත් භූගත මහල අපිරිසිදු වීම
ඔහුගේ නිවෙසේ භූගත මහල නිවෙස කොතරම් අලංකාර වුවත් දැඩි සේ අපිරිසිදු වී තිබිණි. එය කිසිදු විටෙක භාවිත නොකර නිවෙසේ ඉවතලන ද්‍රව්‍ය ගොඩගසා තිබිණි. එය පැවැතියේ නිසි වාතාශ්‍රයක් නොලැබෙන පරිදි මුද්‍රා තැබුණු විලාසයකිනි.

නිවෙසක බිම් මහලත් සමග භූගත මහලක් පිහිටීමේදී එය පිරිසිදුව හා ආලෝකවත්ව තැබීම ඉතා වැදගත්ය. මෙලෙස භූගත මහල තැබීමෙන් බ්‍රහ්ම පාදය දැඩිව පීඩාවට පත්වේ. එය නිවැසියන්ගේ කායික මානසික පිරිහීමට මූලික හේතුවක් වන්නේය. මෙය නිවෙස තුළ වැසිකිළි වළක් පැවැතීමේ දෝෂයට සමානය.

භූගත මහලේ තිබූ සියලු අබලි ද්‍රව්‍ය ඉවත් කොට හොඳින් වාතාශ්‍රය ලැබී හිරු එළියෙන් ආලෝකවත් වන පරිදි ජනෙල් යෙදවීය. පසුව ඔවුහු එය මනුෂ්‍ය වාසයට එක්කර ගත්හ.

ගිනිකොන දිශාවට පත්වූ ඉඩම
මෙම ඉඩම්හිමියාගේ වත්තේ ගේට්ටු දෙක තුනක් තිබූ අතර ඉඩමේ වැහි වතුර බස්නාව සකස් කොට තිබුණේ ගිනිකොන දිශාවේ තිබූ ගේට්ටුවෙන් පාරට යන පරිදිය. ගිනිකොනට ඉඩමේ බස්නාව පැවැති විට එය නිවැසියන්ගේ සියලු දේ විනාශ වීමට හේතුවක් බව වාස්තු ශාස්ත්‍රයේ සඳහන් වේ. ඉඩමේ බස්නාව සහ මිදුල සකස් කර බස්නාහිර ගේට්ටුවෙන් වතුර බැස්සවීමට කටයුතු කරන ලදී. ඉහත වාස්තු දෝෂයන් සකස් කිරීමෙන් අනතුරුව මාස 6ක පමණ කාලයක් ගතවීමෙන් පසු ටිකෙන් ටික නැවත ව්‍යාපාර සාර්ථක තත්ත්වයට පත් කරගැනීමට හැකියාව හා භාග්‍ය විජිතට උදාවිය.

වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

අර්බූදයෙන් ගොඩ එන සල්ලි හොයාගන්න බැසිල් යළි චීනය-ජපානය දෙසට හැරෙයි! පිටු 10ක වාර්තාවක් ඉදිරිපත් කරයි!

Next Post

ලෙඩ සුව කරන – වාසනාවත් පාදන – සිතූ පැතූ සම්පත් දෙන – මොකක්ද මේ කතරගම කරඬු මල් මාලය…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.