• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩ සුව කරන – වාසනාවත් පාදන – සිතූ පැතූ සම්පත් දෙන – මොකක්ද මේ කතරගම කරඬු මල් මාලය…

January 9, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
ලෙඩ සුව කරන – වාසනාවත් පාදන – සිතූ පැතූ සම්පත් දෙන – මොකක්ද මේ කතරගම කරඬු මල් මාලය…
Share on WhatsAppShare on Facebook

හාත්පස අඳුර පැතිර යමින් තිබිණි. ජයන්ති කාමරයට දිව ආවේ දරුවාගේ කෙඳිරිගෑම ඇහිලාය. ඇය යහන අසලට ගොස් එහි නිදාගෙන කෙඳිරිගාන කුඩා දරුවා අසල වාඩිවූයේ දරුවාගේ හිස අතගාමිනි.

‘දොස්තර මහත්තයාගෙ බෙහෙත්වලටත් මේ දරුවගෙ හිසේ කැක්කුම අඩුවෙලා නෑනේ දෙයියනේ…’

ජයන්ති දැඩි වේදනාවකින් කියනු ඇසී ඇගේ මවද එතැනට ආවේ කලබලයෙනි.

‘ඔය දරුවට වතුර ඩිංගක් පිරිත් කරලා පොවමු දුවේ බලන්ඩ…’

ජයන්තිගේ මව ආපසු ගොස් වතුර වීදුරුවක් රැගෙන බුදු පහන අසලට ගියේ කලබලයෙනි. බුදු පහන අසලට ගොස් ජල බඳුන ඒ අසල තබද්දී ඇගේ ඇස ගැටුණේ කලකට පෙර ජයන්තිගේ සැමියා කතරගම ගොස් ආපසු එන විට රැගෙන විත් කතරගම දේව රූපයට පලඳා තිබූ කරඬු මල් මාලයයි. තමන් ආ කාරණය මඳකට පමා කළ ඇය එම මල් මාලය ඉතා භක්තියෙන් යුතුව අතට ගෙන දරුවා අසලට ගියාය.

‘ඇයි අම්මේ හරිද…?’

ජයන්ති ඇසුවේ දරුවාගේ උදරය පිරිමදිමිනි. ඇගේ මව තම අත තිබූ මල් මාලය දරුවාගේ හිස මත තබා මොහොතක් නිහඬව දරුවාට ඇති අපහසුතාව සුව කරදෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියාය.

ඇය එසේ කළේ කතරගම පෙරහැරේ කරඬු මල් මාලයේ යම් බලයක් ආශීර්වාදයක් ඇති බව අසා දැන තිබූ හෙයිනි. වැඩි වේලාවක් යන්නට පෙර දරුවාගේ කෙඳිරිය නතර විය. දරුවාට ඇති අපහසුතාව අවසන් බව එයින්ම පැහැදිලි වූ අතර ජයන්ති සිය මව දෙස විමතියෙන් බලා සිටියාය.
‘දෙයියනේ පුතාගේ හිස කැක්කුම හරිගියාද පුතේ…’

ජයන්ති විමතියෙන් අසද්දී දරුවා හිස සෙලෙව්වේ ඔව් යැයි කියන්නටය. මව යළිත් මල් මාලය ගෙන ගොස් ආරක්ෂිතව තැන්පත් කර ආපසු ආවේ පෙරහැර කරඬුවේ මල් මාලාවකට ඇති අසීමිත බලය ගැන මෙනෙහි කරමිනි. එදින සිට ඔවුන්ගේ සුළු සුළු අසනීපවලට මෙන්ම මහා දැවෙන ප්‍රශ්නවලටත් ආශීර්වාද පතා එම මල් මාලාව භාවිත කිරීමට ජයන්තිලා පුරුදු වූහ.

මේ එක් කතාවකි. කතරගම පෙරහැරේ කරඬුව මල් මාලාවල ඇති අසීමිත ශක්තියත් බලයත් ප්‍රයෝජනයට ගන්නා සහ එහි ආශීර්වාදය ලබාගන්නා විශාල පිරිසක් රට තුළ විසිර සිටින බව රහසක් නොවේ. එමෙන්ම මෙම පෙරහැර කරඬුවේ මල් මාලායක් හෝ මල් මාලා කැබැල්ලක් තමන් සතු කරගෙන ධනවතුන් වූවන් ගැනද අසන්නට ලැබේ.

කෙසේ නමුත් පෙරහැර කරඬුවේ මල් මාලා ලබාගැනීම ගැන ඇත්තේ හරි අපූරු කතාවකි. එය එක්තරා ආකාරයකට අපූරු අත්දැකීමකි.

කතරගම පෙරහැරේ දෙවියන් වැඩමකරවන කරඬුව වැඩමවන ඇතා ඇතුළු මාලිගයට ගමන් කරනතුරු බොහෝ පිරිසක් බලා සිටිනුයේ නොඉවසිල්ලෙනි. ඇතා දැන් දැන් ඇතුළු මාලිගයට කරඬුව වැඩමවනු ඇතැයි සිතමින් රැස්කමින් සිටින ජනතාව අතරේ යම් ඉලක්කයක් සිතේ තබාගෙන බලා සිටින පිරිසක්ද වෙයි. ඒ අනුව ඇතා මාලිගයට කරඬුව වැඩම කළ විගස ඒ විශේෂ සිතුවිල්ල සිතේ තබාගෙන සිටි පිරිස ඇතාව වටකරගත්තෝය. ඔවුන්ගේ එකම අරමුණ කරඬුවට පලඳා ඇති මල් මාලයක් තමන් සතු කරගැනීමය. ඒ සඳහා මහා සටනක් කරන්නාක් මෙන් විශාල පිරිසක් ඇතා වටකරගත්තද සම්පූර්ණ මල් මාලයක් එක් අයකුට අයත් වන්නේ කලාතුරකිනි. බොහෝ දෙනකුට අයිති වන්නේ මල්මාලයක කුඩා කැබැල්ලකි. එයත් එතැනට වටවන පිරිසෙන් සුළු පිරිසකට පමණි.

මෙලෙස පෙරහැරේ දෙවියන් වඩම්මවන කරඬුවේ පැලඳි මල් මාලාවකින් කොටසක් හෝ තමන් සතුකර ගැනීම මහා භාග්‍යයක් සේ සිතා බැතිමතුන් ඉතා ගෞරවයෙන් යුතුව එම මල් මාලා කොටස රැගෙන ගොස් තමන් නිවෙසේ වැඳුම් පිදුම් කරන ස්ථානයක තබා වැඳුම් පිදුම් කරන්නට පෙලඹෙන්නේ ඉතා භක්තියෙනි.

පෙර සඳහන් කළ කතාවේදී ජයන්තිගේ සැමියා රැගෙන විත් තිබුණේ එම කරඬුවේ පැලඳි මල් මාලාවකි. මෙලෙස වසරින් වසර එම මල් මාලාවක් හෝ මල් මාලා කොටසක් තමන් සතු කරගැනීම උදෙසාම කතරගම වන්දනාවේ යන පිරිසක්ද සිටිති. ඔවුන් සෑම වසරකම නොවරදවාම කතරගම යන්නේ සිය අරමුණ සඵල වේවායි දෙවියන්ට භාරහාර වෙමිනි.

කතරගම දෙවියන්ගෙන් කළ ඉල්ලීම් දෙවියන් කිසිදා පැහැර නොහරින බවත්, නිසි ගෞරව සහිතව දෙවියන් පුදන අයට දෙවියන් නිබඳවම පිහිටවන බවද බොහෝ දෙනා අත්දැකීමෙන් දනිති.

ඇතැම් ප්‍රදේශවල මෙම මහා බලයක් සහිත මල් මාලා කොටස් වසර ගණනක් පුරා තමන් සතු කරගත් පිරිස් සිටින අතර ඔවුන්ට ඒවායේ ආශීර්වාදය ලැබීමෙන් ජීවිත ඉතා යහපත් වූ පුවත්ද අසන්නට දකින්නට තිබේ. ස්වභාවික ආපදා අවස්ථාවලද එවැනි මල් මාලා තැන්පත් කර තිබූ නිවාස ව්‍යාපාර ස්ථාන ආදිය ආරක්ෂා වී තිබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා විය.

එමෙන්ම එම නිවාසවල ජීවත්වූ සහ එම මල් මාලාවලට ගෞරව කරමින් ආගම ධර්මය අදහමින් සිටියවුන් විශාල පිරිසක් විවිධ ව්‍යසන, රෝග පීඩා ආදියෙන් ආරක්ෂා වූ බවක්ද බොහෝ තැන්වලින් අසන්නට ලැබී තිබේ.

එදා මෙදාතුර කාලය පුරා බොහෝ පිරිසක් මේ විස්මිත බලයක් සහිත මල් මාලා ගැන විශ්වාසය පළ කරමින් සිටින අතර බහුතරයක් නොදත් මේ රහස අද වෙද්දී විශාල පිරිසකට සුවිශේෂ ලැබීම් ඇතිකළ ගුප්තමය ආශීර්වාදයක් බවට පත්ව තිබෙනුද දැකිය හැකිය.

කෙසේ නමුත් කතරගම දෙවියන් තම නිවෙසට වැඩමකරනවා වැනි ආරක්ෂාවක් තමන්ට ඉන් ලැබෙන බව මේ මල් මාලා තමන් සතු කරගන්නෝ ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරති.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

යකඩත් උණුවෙන වාස්තු දෝෂ…

Next Post

පීපල්ස් ලීසිං CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් දිනාගනී…

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.