වැඩිදියුණු නොකළ සහල්වල තන්තු ප්‍රමාණය ඉතා වැඩිය. සහල්වල පිෂ්ටය ඇත්තේ ඇමයිලෝස් හා ඇමයිලොපෙක්ටීන් ලෙසටය. සම්ප්‍රදායික වැඩිදියුණු නොකළ සහල් දියවැඩියා රෝගීන්ට සහනය දෙන ඖෂධයක් වීමට විද්‍යාත්මක පදනමක් පවතී. එයට හේතුව නම් ඒවායේ පවතින අධික තන්තුමය ස්වරූපයයි. මේ නිසා ග්ලුකෝස් ශරීරයට අවශෝෂණය වන්නේ ඉතා සෙමිනි. මේ තත්ත්වය අග්න්‍යාසයේ ක්‍රමානුකූල ඉන්සියුලින් ශ්‍රාවයට උපකාරී තත්ත්වයක් සකසයි. අග්න්‍යාසයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට හා දිගුකාලීන පැවැත්මට මෙම තත්ත්වය හිතකරවෙයි.
වැඩිදියුණු නොකළ සාම්ප්‍රදායික සහල්වල අධික තන්තු ජීර්ණ ක්‍රියාවලියේදී කෙටිදාම මේද අම්ල නිපදවයි. මෙහි වක්‍ර බලපෑම අග්න්‍යාසය වෙත එල්ලවනුයේ ධනාත්මක ලෙසිනි. එමඟින් ඉන්සියුලින් ශ්‍රාවය තවදුරටත් විධිමත් හා කාර්යක්‍ෂම කරයි. මෙය අග්න්‍යාසයේ දිගුකල් පැවැත්මට උපකාරී වෙයි. තවද දියවැඩියාව පාලනය සඳහාද මෙය රුකුලකි.
ඖෂධීය ගුණාංග සහිත වැඩිදියුණු නොකළ සහල් බොහෝ විට වස විස නොයොදා වගා කරයි. මෙහි පවතින ස්වභාවික ගුණාත්මක රසායන ක්‍ෂ්‍රද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. මේ තත්ත්වයද දියවැඩියා පාලනයට ඉතා යහපත් වෙයි. ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය ඉහළ යෑම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයක් ඇතිකරයි. ප්‍රතිශක්තිකරණයට වැඩි දායකත්වයක් ආහාර මාර්ගයේ සිටින (Lactobacillus) බැක්ටීරියාව ලබාදෙයි. මෙම බැක්ටීරියාව (Lactic Acid ) (ලැක්ටික් අම්ලය) නිපදවයි. ලැක්ටික් අම්ලය ශරීරය ආරක්‍ෂා කරන ආරක්‍ෂක සෛලවල (Phagocytic Capacity) හෙවත් භක්‍ෂණ හැකියාව වැඩි කරයි. වැඩිදියුණු කළ සහල්ද මේ තත්ත්වයන්ට දායකත්වයක් දක්වන අතර, වැඩිදියුණු නොකළ සහල් එයට දායකවන්නේ විශිෂ්ට මට්ටමේ ඖෂධයක් ලෙසින්ය.
වැඩිදියුණු නොකළ සහල් ග්ලුටමික් අම්ලය ශරීරය තුළ නිෂ්පාදනයට දක්වන දායකත්වය ඉහළ මට්ටමක පවතී. වකුගඩු තුළ අම්ල, භෂ්ම පාලනයට, ප්‍රතිශක්ති සෛලවල ඉහළ ක්‍රියාකාරිත්වයට, ප්‍රෝටීන සංස්ලේෂණයට ශක්තිය නිපදවීමට, තුවාල සුවවීමට, ප්‍රති පිළිකා ඖෂධයක් ලෙස ක්‍රියාකිරීමට, මොළයේ ක්‍රියාකාරී බවට ග්ලුටමික් අම්ලය සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරයි.
සහල් තැම්බූ කල්හි ක්‍ෂේත්‍රඵලය ඉහළ ගොස් අවශෝෂණ ක්‍රියාවලිය තවත් සෙමින් සිදුකරයි. පෝෂණීය සංඝටක ගුණාත්මක සුරැක ප්‍රතිශක්තිකරණද ඉහළ නංවයි.
වැඩිදියුණු නොකළ සහල් නොදියුණුද? අගුණද? යන පැනයට මෙසේ කෙටියෙන් පිළිතුරක් දිය හැකිවෙයි.
කෘෂිකර්ම උපදේශක විරාජිත් බණ්ඩාර











