අපේ ලංකාවේ හුඟාක් දරු දැරියන්ගේ එකම සහ ලොකුම හීනය වෙන්නේ උසස් පෙළ කරලා ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහින් උසස් අධ්‍යාපනය ලබන එක. ඊට පස්සේ එතැනින් ගන්න ඒ උපාධියත් එක්ක තමයි ඔවුන් ජීවිතයේ ඊළඟ කොටස සැලසුම් කරන්නේ. ඔය හැමදේම කරන්න අපේ රටේ දරු දැරියෝ සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් අපේ රටේ ඔය විශ්වවිද්‍යාලය කතන්දරය සිද්ධ වෙන්නේ ඔහොමයි. ඒත් අපේ රටින් එහා තමයි ලෝකයේ පිළිගත් හොඳම විශ්වවිද්‍යාලය දහය නැත්නම් ලොව පළමු පෙළ විශ්වවිද්‍යාලය දහය තියෙන්නේ. හැබැයි අපි ඒ ගැන දන්නේ නෑ. ඇත්තටම දන්නේ නෑ නෙවෙයි දැනගන්න විදිහක් නෑ. ඒ හින්දම නම විතරක් අහලා පුරුදු ඔය විශ්වවිද්‍යාල දහය ගැන අපි අද ඔබට කියනවා. ඊට කලින් ඔබට මේ කතාවත් කියන්න ඕනේ. ඔන්න අද අපි කියන විශ්වවිද්‍යාල දහය අද ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාල දහය වෙන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතිවම දැන් අපි ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලය දහයට ගිහින් බලමු.
බර්කිලි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
University of California”Berkeley in USA
අපි දැන් මේ කියන්න යන බර්කිලි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකයේ ඉතාමත්ම පැරණි විශ්වවිද්‍යාලයක්. හරියටම කිව්වොත් මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙන්නේ 1868 මාර්තු 23 වැනිදා. ඒ කතාව එහෙම වෙනකොට කලක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලය වෙන්නටත් මෙම බර්කිලි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සමත් වුණා. අපි හිතන විදිහට අදටත් ඒ කතාව වලංගුයි. ඇත්තටම මේ විශ්වවිද්‍යාලය අදටත් මෙවන් තැනක තියෙන්න එහි පරිපාලනයත් බලපාලා තියෙනවා. ඒ වගේම දැන් මෙහි උපාධි අපේක්ෂකයන් විදිහට 40,000ක් විතර සිසුන් පිරිසක් අද අධ්‍යාපනය ලබනවා. මෙම බර්කිලි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කලාව, නීතිය, ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය කියන ඔය හැම විෂයකටම අදාළ පීඨ තියෙනවා. අද වෙනකොට එම විෂයන් හරහා ශාස්ත්‍රවේදී උපාධි 106ක්, ශාස්ත්‍රපති උපාධි 88ක් වගේම ආචාර්ය උපාධි 97ක් පිරිනැමෙනවා. ඒ වගේමයි මේ සුපිරි විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන පුස්තකාල ගණන 32ක්. 2019 වර්ෂය වෙනකොට මේ විශ්වවිද්‍යාලයේ වයස හරියටම ඔන්න අවුරුදු 151යි.
ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය
එක්සත් රාජධානිය
University of Oxford in United Kingdom
ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය කිව්වම ඒක අපේ මේ කනට හොඳට හුරුපුරුදු විශ්වවිද්‍යාලයක් කිව්වොත් හරි. ඒකට හේතුව වෙන්නේ අපේ අය ලංකාවෙන් පිට දන්න කියන එකම විශ්වවිද්‍යාලය ඔක්ස්ෆර්ඞ්. හැබැයි මේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය ආරම්භ කළේ කවදද කියලා නිශ්චිතව කියන්න අමාරුයි. ඒත් 1906 වසරේ ඉඳන් මෙහි අධ්‍යාපන කටයුතු නම් කරගෙන යනවා කියලා නම් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලයත් ලෝකයේ පැරණිතම වූ විශ්වවිද්‍යාල අතරින් එකක්. බි්‍රතාන්‍යයේ විශාලතම වූ පුස්තකාලය පවා තියෙන මේ විශ්වවිද්‍යාලයේ වර්තමානය වෙද්දි උපාධි අපේක්ෂකයන් 22,000ක් තරම් සිසු සිසුවියන් ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්නවා. ඒ වගේමයි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් එළියට ගියපු හුඟාක් අය අද වෙනකොට ලෝකයේ ජනප්‍රිය ප්‍රසිද්ධ චරිත. කොහොමින් හරි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයටත් දැන් අවුරුදු සීයකට වඩා වයසයි.
ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
Stanford University in USA
එදා 1891 ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කරලා තියෙන ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙන තවත් කීර්තිමත් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලයත් දැනට ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාල අතරින් එකක්. කොහොමින් හරි ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ වර්තමානය වෙද්දි උපාධි අපේක්ෂකයන් 15000ක් විතර ඉන්නවා. ඒ වගේමයි අධ්‍යයන කාර්ය මණ්ඩලය 2000ක් විතර වෙනවා. එතැනින් ගියාම පරිපාලන අංශයේ කාර්ය මණ්ඩලය විතරක්ම 11,000ක් විතර ඉන්නවා කියලා කියනවා. කොහොමින් හරි ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය කියන්නේ අද වෙද්දි ඇමෙරිකාවේ තියෙන විශාලතම විශ්වවිද්‍යාලයක් කියලත් කියන්න පුළුවන්. ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙත් විවිධ විෂයන් යටතේ අධ්‍යයන පීඨ ගණනාවක්ම තියෙනවා. හැබැයි ඔන්න ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය දැන් අවුරුදු 128ක් විතර වයස වෙනවා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
එක්සත් රාජධානිය
University of Cambridge”United Kingdom
මෙම කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය කියන්නෙත් අපේ කනට හුරු විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලය ඔන්න පොඞ්ඩක් නෙවෙයි සෑහෙන්නම වයසයි. ඇත්තටම මෙම කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය ආරම්භ වෙන්නේ 1209 වසරේ කියලයි කියන්නේ. දැන් එහෙනම් කියවන ඔබ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ වර්තමාන වයස හදාගෙන බලන්නකෝ. කොහොම හරි කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ වත්මන් උපාධි අපේක්ෂකයන් ගණන 20,000ක් විතර වෙනවා. එතැනින් ගියාම අධ්‍යයන කාර්ය මණ්ඩලය 6000ක් වගේම පරිපාලන අංශයේ කාර්ය මණ්ඩලය 3000ක් විතර වෙනවා. ඇත්තටම කේම්බි්‍රජ් කියන්නේ මහා ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන විශ්වවිද්‍යාලයක්. අද ලෝකයේ ප්‍රසිද්ධ දාර්ශනිකයන්, නීතිඥයන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන් වගේම ලේඛකයන් කියන බොහෝ ප්‍රමාණයක් එළියට එන්නේ එක්සත් රාජධානියේ ඇති කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන්. මේ පැරණි විශ්වවිද්‍යාලයේ වර්තමානය වෙනකොට අධ්‍යයන ඒකක 30ක් එක්ක දෙපාර්තමේන්තු 100ක් විතර තියෙනවා.
මැසචුf සට් තාක්ෂණික විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
Massachusetts Institute of Technology USA
මැසචුසෙට් තාක්ෂණික විශ්වවිද්‍යාලය කියන්නේ ඇත්තටම තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. ඇමෙරිකාවේ තියෙන මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙන්නේ 1860 වසරේ කියලයි කියන්නේ. කොහොමින් හරි මේ මැසචුසෙට් තාක්ෂණික විශ්වවිද්‍යාලයත් ලෝකයේ වූ පැරණිතම විශ්වවිද්‍යාලයන් අතරින් එකක්. මේ සුපිරි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 11,000ක් විතර අද වෙනකොට තමන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 1000ක් විතර පිරිසක් ඉන්නවා. ඉංජිනේරු, විද්‍යා, කලා, සමාජ විද්‍යා, ව්‍යාපාර අධ්‍යයන කියන ඔය හැම විෂයක්ම මේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. කොහොම හරි මැසචුසෙට් තාක්ෂණික විශ්වවිද්‍යාලයට දැන් වයස 159ක් විතර වෙනවා. ඒ වගේමයි විශාල පුස්තකාලයකුත් වත්මන් මැසචුසෙට් තාක්ෂණික විශ්වවිද්‍යාලය සතුයි.
හාවර්ඞ් විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
Harvard University USA
1636 වසරේ ආරම්භ කරපු ලෝකයේ තවත් ඇති පැරණිම විශ්වවිද්‍යාලයක් තමයි හාවර්ඞ් විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. මෙම විශ්වවිද්‍යාලය තියෙන්නේ රටේ ලෝකයේ බලවත්ම රාජ්‍යය විදිහට දැනට හඳුන්වන ඇමෙරිකාවේ. ලෝකයේ තියෙන ඉතාම ගෞරවාන්විත විශ්වවිද්‍යාලයක් කියලයි හාවර්ඞ් හඳුන්වන්නේ. ඒත් එක්කම විශාල වූ පර්යේෂණ ආයතයනක් විදිහටත් හාවර්ඞ් නම් කරන්න පුළුවන්. විශාල පුස්තකාලයක් තියෙන මේ විශ්වවිද්‍යාලයෙත් උපාධි අපේක්ෂකයන් 21,000ක් විතර දැනට ඉගෙනුම ලබනවා. ඒ වගේමයි කියවන ඔබ හොඳින්ම දන්න කියන ඔය ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වගේම ජෝන් එෆ්. කෙනඩි සහ බැරැක් ඔබාමා කියන ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයන් පවා අධ්‍යාපන ලැබුවේ මේ විශ්වවිද්‍යාලයේ තමයි. ඒ හින්දම ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙන හාවර්ඞ් විශ්වවිද්‍යාලය කියන්නෙත් ලොව කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් කියලා කියන එකේ වැරැද්දක් නෑ.
ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
Princeton University USA
ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය කියන්නේ 1746 වසරේ ආරම්භ කරපු ඇමෙරිකාවේ තියෙන තවත් ජනප්‍රියම විශ්වවිද්‍යාලයක්. ඒ වගේම දැන් ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලයක් කියලත් කියන්න පුළුවන්. ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 8000ක් විතර අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඒත් එක්කම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 1000ක් විතර ඉන්නවා. මීට අමතරව ඉංජිනේරු, විද්‍යාව, සංගීතය හා කලා, පුරාවිද්‍යා, ජාත්‍යන්තර අධ්‍යයන වගේම විෂයන් ගණනාවක්ම මෙම විශ්වවිද්‍යාලයේ උගන්වනවා. ඒ වගේමයි කියවන ඔබ හොඳින්ම දන්න ලෝක ප්‍රසිද්ධ මහා විද්වතෙක් වූ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ විශ්වවිද්‍යාලයේ දේශන පවත්වලා තියෙනවා. ඒ හින්දා ප්‍රින්සිටන් විශ්වවිද්‍යාලය ගැන ඔබට අලුතින් හිතන්න යමක් නෑ.
ඉම්පීරියල් f කාලීජිය
එක්සත් රාජධානිය
Imperial Collage in United Kingdom
1907 ජූලි 08 වැනිදා ආරම්භ කරවපු ඉම්පීරියල් කොලීජිය එක්සත් රාජධානියේ තියෙන කීර්තිමත්ම විශ්වවිද්‍යාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම ඉම්පීරියල් කොලීජිය එදා විවෘත කරලා තියෙන්නේ වික්ටෝරියා රැජින කියලයි කියන්නේ. වර්තමානය වෙනකොට ඉම්පීරියල් කොලීජියේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන උපාධි අපේක්ෂකයන් ගණන 17,000ක් 18,000ක් විතර වෙනවා. ඇත්තටම එක්සත් රාජධානියේ තියෙන ඉම්පීරියල් කොලීජිය කියන්නේ කීර්තිමත් පර්යේෂණ විශ්වවිද්‍යාලයක්. මෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලය විතරක් 2000 ඉන්නවා. ඒ වගේම ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ස්වාභාවික විද්‍යා කියන පීඨ ගණනාවක්ම මෙහි දැනට තියෙනවා. ඒත් එක්කම ලෝකයේ හිටපු ප්‍රසිද්ධම විද්‍යාඥයෙක් වෙන ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පවා එදා ඉගෙනුම ලැබුවයි කියන්නේ ඉම්පීරියල් කොලීජියේ තමයි.
සූරිච්හි ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනය
ස්විට්සර්ලන්තය
Swiss Federal Institute of Technology Switerland
ස්විට්සර්ලන්තයේ තියෙන සූරිච්හි ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනය කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලයක් කිව්වොත් හරි. ඒත් විශ්වවිද්‍යාලයක් කියනවට වඩා මෙය හඳුන්වන්නේ සුපිරි තාක්ෂණික ආයතනයක් කියලා. එදා 1854 පෙබරවාරි 07 වැනිදා ආරම්භ කරපු සූරිච්හි ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනය වර්තමානය වෙනකොට සිසුන් 19,000ක් විතර ඉගෙනුම ලබනවා. ඒ වගේම පරිපාලන අංශයේ කාර්ය මණ්ඩලය 11,000ක් විතර වෙනවා. ඇත්තටම සූරිච්හි ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනය දැනට ලෝකයේ බොහෝ ප්‍රසිද්ධයි. ඉංජිනේරු තාක්ෂණ සහ ගණිතය, ව්‍යාපාර අධ්‍යයන කියන ජනප්‍රියතම විෂයන් ගණනාවකටම මෙහි පීඨ තියෙනවා. ඒ වගේම තවත් විශේෂ කතාවක් කියන්න තියෙනවා. ඒ තමයි සූරිච්හි ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයේ අද අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන්නේ අධ්‍යයන වාරයන් දෙකක් විදිහට.
චිකාගෝ විශ්වවිද්‍යාලය
ඇමෙරිකා එක්සත් ජනපදය
Chicago University USA
ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙන තවත් සුපිරි කීර්තිමත් වගේම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තමයි මෙම චිකාගෝ විශ්වවිද්‍යාලය කියන්නේ. ඔන්න මේ චිකාගෝ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ 1890 වසරේ කියලයි කියන්නේ. හැබැයි මේක රජයට අයිති විශ්වවිද්‍යාලයක් එහෙම නෙවෙයි. ඇත්තටම මේක පෞද්ගලික සුපිරිම විශ්වවිද්‍යාලයක් විදිහටයි සැලකෙන්නේ. මෙහි වත්මන් උපාධි අපේක්ෂකයන් ප්‍රමාණය ඔන්න 16,000ක් විතර වෙනවා. මීට අමතරව මෙම චිකාගෝ විශ්වවිද්‍යාලය ගොඩාක් ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාව සහ නාවික ජීව විද්‍යාව කියන විෂය පථයන් දෙකට. ඒත් එක්කම මෙහි නීතිය සහ කලා, ව්‍යාපාර අධ්‍යයන කියන විෂයන් උගන්වන අධ්‍යාපන පීඨ කිහිපයකුත් තියෙනවා. ඇත්තටම මේ චිකාගෝ විශ්වවිද්‍යාලයටත් දැන් සෑහෙන්න වයසයි. ඒ කතාව එහෙම වෙද්දි ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලය දහය අතරේ චිකාගෝ කියන නමත් තියෙනවා.
රුවන් එස්. සෙනවිරත්න











