සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජනප්‍රිය ලොතරැයිය ‘ලග්න වාසනාව’ ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. මෙම ලොතරැයිපතෙහි වෙළෙඳ ප්‍රචාරණ කටයුතු හෝම්ස් පොලාර්ඞ් ඇන්ඞ් ස්ටොට් ආයතනය භාර ගන්නා විට සතියේ දින 3ක් දිනුම් ඇදීම් සිදු කළ අතර මේ වන විට එය සතියේ සෑම දිනකම දිනුම් අදිනු ලබයි.
හෝම්ස් පොලාර්ඞ් ඇන්ඞ් ස්ටොට් ආයතනය විසින් 2017 වර්ෂයේදී ලග්න වාසනාව ලොතරැයිපත වෙනුවෙන් සිංහල, දමිළ සංහිඳියාව ඉස්මතු වන පරිදි නිර්මාණය කළ වෙළෙඳ දැන්වීම, සිංහල මෙන්ම රටේ දමිළ ප්‍රජාව අතර ප්‍රචලිත වූවා සේම ලග්න වාසනාව සන්නාමයද ඔවුන් බෙහෙවින් වැළඳ ගත්හ. ‘ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ’ යන තේමා පාඨය මූලික කරගත් මෙම නිර්මාණය ලොතරැයි පාරිභෝගිකයාට සමීප වීමට එය තවත් එක් හේතුවකි.
පසුගිය වසර හතර තුළ සුමති සම්මාන උළෙලවල්හිදී HPS වෙළෙඳ ප්‍රචාරණ ආයතනය අඛණ්ඩව සම්මාන 3කින් පිදුම් ලබා ඇත. ඒ නම් 2016 දී HDFC සෙනෙහස වෙළෙඳ දැන්වීම, 2017 NLB මහජන සම්පත වෙළෙඳ දැන්වීම සහ 2019 DLB ලග්න වාසනා වෙළෙඳ දැන්වීම සඳහායි.