• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2022 දරුවන් පතන ඔබට ඉඟියක්…

November 28, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
2022 දරුවන් පතන ඔබට ඉඟියක්…
Share on WhatsAppShare on Facebook

තමාට කුලුඳුලේම ලැබෙන්නේ පුතෙක්ද දුවෙක්ද යන්න දැනගැනීමට කවුරුත් කැමැති වෙයි. එහිදී ඒ ඒ අය තම කැමැත්තට අනුව විවිධ සිතුවිලිවල එල්බගෙන සිටිති. ඇතැම් පිරිසක් පුතෙකුට කැමැති වෙද්දී තවත් පිරිසක් දුවෙකුට කැමැති වෙති. මේ ආකාරයට තම තමන්ගේ රුචි අරුචිකම් කෙසේ තිබුණත් යම් තරුණියක විවාහ වුණු පසුව ඇයට මුලින්ම ලැබෙන දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඇගේ කේන්දරයේ සටහන්ව ඇති බව දත යුතුය. එහෙයින් කාන්තාවකගේ කේන්දරය පරික්ෂා කරන දක්ෂ ජ්‍යොතිෂවේදියකුට මේ බව මනාව හඳුනාගත හැකිය.

එසේම එම පවුලට එකතු වන පළමු දරුවාගේ ගැහැනු පිරිමිභාවය අනුව පවුලේ අනාගත ක්‍රියාකාරකම් සිදුවීම තීන්දු වුවද එය කිසිදු අවස්ථාවක කේන්දරයේ ලියැවුණු උරුමය වෙනස් වේ යැයි සිතීම සාර්ථක නොවේ. මන්ද ඕනෑම කෙනකුන් තමාගේ පෙර පින් පව් අනුව ලැබිය යුතු දේ තීන්දු කරගෙන උපදින බැවින් දරුවන් පිළිබඳවද එලෙසම ක්‍රියා කරන බව පිළිගත යුතුය. ඒ අනුව ඒ ඒ අයගේ පින් පව් ආකාරයට දරුඵල ගැන කේන්දරයක ලියැවෙන ආකාරය සලකා බලමු.

යම් කිසි කේන්දරයක චන්ද්‍රයා පස්වැනි භාවයේ තැන්පත්ව ඇත්නම් පළමු දරුවා පුතකු වනු ඇත. යම් ලෙසකට පස්වැනි භාවයේ සිකුරු සිටීනම් පළමු දරුවා දියණියකි. නමුත් පස්වැනි භාවයේ චන්ද්‍රයා සමග රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයකු ඇත්නම් දියණියක ලැබීමේ ප්‍රවණතාව වැඩි වේ. එම දියණිය රුවෙන් ගුණයෙන් අගතැන්පත් තැනැත්තියක වන බවද දත යුතුය.

යම් ලෙසකට පස්වැනි භාවයේ කේතු සිටී නම් එම තැනැත්තියට දරුවන් ලැබීම පිළිබඳ සැකසංකා උපදවයි. දරුවන් නොමැති වීමටද ඉඩ තිබේ. එය පනහට පනහ බෙදීයයි. කෙසේ නමුත් මේ අයට දරුවකු ලැබුණොත් ඒ දරුවා නිසැකවම දියණියක වේ.

පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා ස්ත්‍රී රාශියක හා ස්ත්‍රී නවාංශකයක ඇත්නම් එයින් කියැවෙන්නේ පළමු දරුවා දියණියක් වන බවයි.

කෙසේ නමුත් පවුලට පිරිමි දරුවකු ලැබීම අඹුසැමියන්ගේ හදවත් තුළ සතුට ජනිත කරවන කාරණයකි. එය මවකට පියෙකුට වචනයෙන් විස්තර කළ නොහැකි සම්පතක් සේ සලකයි. එහෙත් ජ්‍යොතිෂයේ සටහන් වන ආකාරයට පළමු දරුවා ගැහැනු දරුවකු වීමද පවුලකට අසුබයක් නොවේ. එසේම පිරිමි දරුවකු මුලින් ලැබීමෙන් එම දරුවාට අපල ගෙන දෙන බවක්ද ජ්‍යොතිෂයේ සඳහන් වේ.

කුජ ග්‍රහයා හතේ සිටී නම් පළමු දරුවා පුතෙකු වන අතර එම දරුවා බොහෝ දුරට මවුපියන්ගේ මතයට පටහැනිව ක්‍රියා කරන්නකු බවට පත්වනු ඇත.

ගුරු ග්‍රහයා ජ්‍යොතිෂයේ හඳුන්වන්නේද පුත්‍රකාරක ග්‍රහයා වශයෙනි. ඒ අනුව පස්වැන්නේ ගුරු සිටීම පුතෙකු ලබාදීමට හේතු වන්නේය.

එසේම පස්වැන්නේ රාහු සිටීමද පුතෙකු ලැබෙන බවට ඉඟියකි.

ඉහත ආකාරයට ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් ගැන කේන්දරයේ සටහන් වන අතරම ඇතැම් අඹුසැමියන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද දක්නට ලැබේ. මේ අනුව නිවුන් දරුවන් ලැබෙන යෝගද ජ්‍යොතිෂය තුළ හඳුන්වාදී තිබේ.

යම් කේන්දරයක නවවැනි භාවය අධිපති ග්‍රහයා පස්වැනි භාවයේ සිටියදී ශනි නවවැනි භාවයේ සිටීනම් නිවුන් දරු උපතකට වාසනාව ඇත.

පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශියක සහ එම නවාංශකයක ඇත්නම් එය නිවුන් දරු උපතක් සිදුවන යෝගයකි.

යම් කේන්දරයක පස්වැනි හෝ එකොළොස් වැනි භාවය මිථුන, කන්‍යා, ධනු හෝ මීන යන රාශිවලින් එකක් වී, එහි බුධ සිටීමත්, නිවුන් දරු උපතක් පිළිබඳ ඉඟි පළ කරයි.
බොහෝ විට දරුවන් නොමැති වීමද කේන්දරයක සඳහන්ව පවතින අතර එවැනි අය දරුවන් අරන් හදාගැනීමට පෙලඹේ. මෙයද පෙර පින් පව් අනුව කේන්දරයේ මනාව සටහන්ව තිබෙන අතර ඒ බව කලින්ම දැනගැනීම අපහසු නැත.

යම් ස්ත්‍රියකගේ කේන්දරයේ පස්වැනි භාවයේ චන්ද්‍රයා, බුධ සහ ශනි එකට සංයෝග වී සිටී නම් දරුවකු අරන් හදාගැනීමට සිදුවේ.

එසේම ස්ත්‍රී ජන්ම කේන්දරයක පස්වැනි භාවයේ රාහු සිටී නම් දරුවකු අරන් හදාගැනීමට සිදුවනු ඇත. එසේම එයින් පසුව එම කාන්තාව ගැබ්ගන්නා බවද එයින් පැහැදිලිව දත යුතුය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොටි සංවිධානය නිදහස්! අධිකරණයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්!

Next Post

රෑ දොළහට කෝච්චියෙන් අන්තිමට බහින අද්භූත අමුත්තා…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.