• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෑ දොළහට කෝච්චියෙන් අන්තිමට බහින අද්භූත අමුත්තා…

November 28, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
රෑ දොළහට කෝච්චියෙන් අන්තිමට බහින අද්භූත අමුත්තා…
Share on WhatsAppShare on Facebook

වෙලාව රාත්‍රී දොළහ පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගොස් තිබිණි. ස්ථානය මෙරට ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථානයකි. ප්‍රධාන වේදිකාවේ නතර කෙරුණු දුම්රිය මැදිරි ගලවා එන්ජිම පමණක් සෙමින් සෙමින් ධාවනය කෙරුණේ නිදහස් මාර්ගයක දුම්රිය ගාල්කිරීමේ කටයුත්ත කිරීමටය. සෑම දිනෙකම මේ වෙලාවට මෙම දුම්රියම එලෙස ගාල්කිරීමේ කටයුත්ත කර පළපුරුද්ද තිබූ රියැදුරු කිසිදු වෙනසකින් තොරව සීරුවට දුම්රිය එන්ජිම ඉදිරියට ගෙන ගොස් වෙනත් මාර්ගයක් දිගේ ආපසු පැමිණියේ යළිත් දුම්රිය මැදිරිවල පිටුපසින් සවිකොට තැබීමේ අරමුණ ඇතිවය. ඒ, පසු දින අලුයම යළිත් ධාවනය කිරීමට අවශ්‍ය පෙර සූදානමක් ලෙසිනි.

මැදිරි නතරව තිබූ මාර්ගයට යාබද මාර්ගයේ එසේ ඉදිරියට ගමන් කරද්දී එන්ජින් රියැදුරු දුටුවේ දුම්රිය මැදිරි තිබූ මාවතේ ඉදිරියට ඇවිද යන සුදු හැඳගත් අමුත්තෙකි. බොහෝ දිනවලදී මේ අත්දැකීම ලබන රියැදුරු වෙනදාට වඩා තරමක් උනන්දුවෙන් මේ අමුත්තා ආසන්නයට සමීව වීමට මෙන් තරමක් වේගය වැඩි කළේ මාර්ග එකට සම්බන්ධ වන ස්ථානය පසුකර අමුත්තා යන්නට කලිනි. එහෙත් දුම්රිය රියැදුරු කොතරම් වේගයෙන් එන්ජිම ධාවනය කළද අමුත්තාට කිට්ටු කරන්නට ලැබුණේ නැත. ඔහුත් දුම්රිය එන්ජිමත් අතර තිබූ පරතරය අඩු වූයේම නැත. එය කෙසේ වෙනවාද යන්න පිළිබඳ විස්මයක් ඇතිකර ගන්නවා හැර රියැදුරුට වෙනත් විකල්පයක් තිබුණේ නැත. අමුත්තා සුපුරුදු පරිදි ඊට ඉදිරියෙන් ඇති වංගුවේදී නොපෙනී ගියේත්, දුම්රිය එන්ජිම මාර්ගය මාරු කළ යුතු ස්ථානය පසු කළේත් එකටමය.

‘කවුද මේ මනුස්සයා… කොහොමද එහෙම වේගයෙන් යන්නේ…?’

ඔහු නිතරම සිතුවේය. එන්ජිම නතර කර බැසගනිද්දීද ඔහුට ඇතිවූයේ එම කුතුහලයමය. වේදිකාවට බැසගත් රියැදුරු යළිත් සැකයෙන් මෙන් ආපසු හැරී ඈතින් පෙනෙන දුම්රිය මාර්ගය දෙස බැලුවේය. එවර දුටු දෙයින් රියැදුරු තවත් විමතියට පත්වුණේ පෙර දුටු අමුත්තා යළිත් එලෙසම ගමන් කරන අයුරු ඈතින් පෙනුණු නිසාය.

‘මේ මනුස්සයා ආයෙත් යනවනේ… පිස්සුද හැටිද… අනේ මන්දා… මට හිතයි ගිහින් බලන්නත්. ඒත් එන්ජින් එකට කිට්ටු කරන්න බැරි මිනිහා මට කිට්ටු කරන්න ලැබෙයියැ….’

රියැදුරු අදහස අතහැර එදෙස බලාගෙන බොහෝ වෙලාවක් සිටියේය. අමුත්තා වංගුවෙන් නොපෙනී යතැයි බලා සිටියද එසේ නොවුණු නිසාම අදහස අත්හල රියැදුරු ආපසු හැරී දුම්රිය ස්ථානය දෙසට ඇවිදගෙන ගියේය.

‘කවුද අර සුදු හැඳගෙන අර පැත්තට යන මනුස්සයා…?’

රියැදුරු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියාගෙන් ඇසුවේ සැකයෙනි.

‘ම්… අනේ මන්දා හැමදාම ඔය ලේන් එකේ පිටිපස්සෙම පෙට්ටියෙන් ඇවිත් අන්තිමටම බැහැලා ඔය පැත්තට තමයි යන්නේ. මං දවස් කිහියක්ම පස්සෙන් ගිහින් කතා කළා. රෑ කළුවරේ රේල් පාරේ යන්න එපා කියන්න. කෝ අපට ඉතින් කිට්ටු කරන්නවත් බෑනේ. කොච්චිය වගේ යනවා…’

ආරක්ෂක නිලධාරියාද තමා මුහුණ දුන් අත්දැකීම පැවැසුවේ කුතුහලයෙනි.

ඊට දින කිහිපයකට පසු පෙර දිනක අමුතු අමුත්තා දුටු රියැදුරුට නිවාඩු යෙදී තිබිණි. ඔහු එදින සිය සයෝදරියගේ නිවෙසට ගොස් සිටියේ හදිසියේ යෙදුණු උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමටය. එම නිවෙස පිහිටා තිබුණේ දුම්රිය මාර්ගයට ආසන්නයේම බැවින් දුම්රිය යන විට ඒ දර්ශනය අරුමයක් නොවීය.

එදින රාත්‍රියේ අවසන් දුම්රිය ඈතින් එන හඬ ඇසුණු රියැදුරු ඉහළ මහලේ සඳලුතලයට පැමිණියේ තමා පෙර දින දුටු අමුත්තා ගැන සිතමිනි. සාමාන්‍ය වේගයෙන් ධාවනය කෙරුණු දුම්රිය නිවෙස පසුකර ගියේ රාත්‍රී දොළහට විනාඩි තුනක් ඉතිරිව තිබියදීය. එයි අවසන් පෙට්ටිය තමා ඉදිරියෙන් ගමන් කරද්දී රියැදුරු දුටුවේ එහි පිටුපස අසුනක සිටි සුදු හැඳගත් අමුත්තාය. පෙර දිනෙක තමා දුටුවේත් මේ අමුත්තාම බව හඳුනාගත් රියැදුරු දුම්රිය ඈතට යන තුරුම ඇසිපිය නොහෙළා බලාගෙන සිටියේය.

‘කවුද මේ මනුස්සයා… ඇයි අන්තිම කෝච්චියෙ අන්තිම පෙට්ටියෙ අන්තිම සීට් එකේම යන්නේ…?’

මේ අමුතු අමුත්තා ගැන සැකයෙන් සිටි රියැදුරු ඊට පසු දින දුම්රිය ධාවනයට භාරගත්තේ රාත්‍රියේ අමුත්තා ගැන රහස කෙසේ හෝ දැනගන්නා අදහස ඇතිවය. සුපුරුදු පරිදි එදිනද රාත්‍රිය උදාවිය. අවසන් දුම්රියට වෙලාවද ළඟා විය. රියැදුරු සිය සහායක රියැදුරුට තම රාජකාරිය භාරකර සීරුවට දුම්රිය මැදිරියට මාරුවී පිටුපසට ඇවිදගෙන ගියේ අමුත්තා හමුවීමේ අදහස ඇතිවය. එහෙත් කුමක්දෝ හේතුවකට දුම්රිය ‘දඩාස්’ගා නතර වූයේ වේදිකාවේ ආරම්භයේදීමය. තම සහායක රියැදුරුට සිතින් බණිමින් වේගයෙන් පසුපසට ඇවිද ගිය රියැදුරුට දකින්නට ලැබුණේ පසුපස මැදිරියේ අන්තිම අසුන හිස්ව ඇති අයුරුය.

‘අද ඇවිත් නෑ මගෙ හිතේ…’ තමාටම එසේ කියාගත් රියැදුරු ආපසු හැරුණේ යළිත් ඉදිරියට යන අදහස ඇතිවය. මඳ දුරක් ආපසුයද්දී යළිත් දුම්රිය ඉදිරියට ගොස් ඉන් පසු වේදිකාවේ නතර කෙරුණේය. දුම්රියේ මැද භාගයෙන් වේදිකාවට බැසගත් රියැදුරු ආපසු හැරී පසුපස බැලුවේ පුරුද්දටය.

එවර අමුත්තා පිටුපස මැදිරියෙන් බැස යන අයුරු දුටු රියැදුරු මවිතයට පත්වුණේය. ඒ, තමා බලද්දී නොසිටි අමුත්තා එයින් බැසයෑම ගැනය. වේදිකාවේ දිවගිය රියැදුරු අමුත්තාට සමීප වන්නට විශාල උත්සාහයක් ගත්තද එය සාර්ථක නොවීය.

මේ කාරණය සිතට වදයක් වූ නිසාම රියැදුරු තමා දන්නා කියන රියැදුරු මහතකුට මේ බව පැවැසුවේය.

‘හපොයි ඔය කියන මනුස්සයා මල් ශාලාවක වැඩ කළේ. පුරුද්දක් විදියට ඔය අන්තිම කෝච්චියෙ තමයි ආපහු ආවෙ…’

‘ඉතින් කොහොමද ඔය රේල් පාරෙ ඔච්චර වේගයෙන් යන්නේ. මං ඊයේ පෙරේදා පස්සෙන් පන්නලත් අල්ලගන්න බැරි වුණානෙ…’

‘ඊයෙ පෙරේදා… ඒක වෙන්න බෑනෙ…’

මිතුරු දෙස විමතියෙන් බැලූ අනෙක් රියැදුරු ඇසුවේය.

‘ඔව්… ඇයි…?’

‘නෑ… ඔය මනුස්සයානේ අර මීට අවුරුද්දකට විතර කලින් කෝච්චියෙ හැප්පිලා මැරුණේ…’

තම මිතුරු රියැදුරුගේ කතාවෙන් තරමක් තැතිගත් රියැදුරු මහතා සති කිහිපයක නිවාඩුවක් දමා නිවෙසට වී සිටියදී ඔහුට මේ සිදුවීම සිතට වද දෙන්නට වූයෙන් තමා දන්නා කියන අයකු හරහා ඇප නූලක්ද දමාගත්තේ තමාගේ සිත හදාගැනීමේ අරමුණ ඇතිවය.

සත්‍ය කතාවකි. මෙය අදටත් සිදුවන බව තතු දන්නෝ කියති.
නම් ගම් මනඃකල්පිත බව සලකන්න.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

2022 දරුවන් පතන ඔබට ඉඟියක්…

Next Post

සෙලාන් බැංකුවෙන් සුවිශේෂී මෙහෙවරකට සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනාවක්…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.