සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් “DLB සත්කාර” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කඳවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.
එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කඳවුරු මාලාවේ හත්වැනි වෛද්‍ය කඳවුරයි.
පසුගිය ඔක්තෝබර් 13 වැනි දින පවත්වන ලද මෙම වෛද්‍ය කඳවුර සඳහා 300කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.
මේ සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චානක දොඩංගොඩ මහතා සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා, හම්බන්තොට දිස්ත්‍රික් කලාප කළමනාකරු මහින්ද දිසානායක මහතා ඇතුළු පිරිස සහභාගී වූහ.