• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට කෙල්ලන්ගේ අතින් අල්ලන්න තහනම්

November 7, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මට කෙල්ලන්ගේ අතින් අල්ලන්න තහනම්
Share on WhatsAppShare on Facebook

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ළමා නිවේදකයකු ලෙස ජාතික රූපවාහිනියේ වැඩසටහන්වලට සම්බන්ධ වූ ඔහු පසුව පාසලෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියේ නිවේදන කටයුතුවලට සම්බන්ධව සිටින කාලයේ “නීලපබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙයි. “නීලපබළු” හරහා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි ඔහු සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත්තේ සිරස නාලිකාවේ විකාශය වන “නීලපබළු” නාට්‍යයේ අභිමන්ගේ චරිතය වෙනුවෙනි. අපි ඒ සම්මානය ලැබීමේ සතුට පිළිබඳ ඔහුගෙන් විමසුවෙමු.
කොහොමද රංගන ජීවිතේ ආරම්භය?
මම ක්‍ෂේත්‍රයට පැමිණුනේ ළමා නිවේදකයකු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනකොට. ඒ කාලේම ජාතික රූපවාහිනියේ වැඩිහිටි වැඩසටහනුත් මෙහෙයවන්න ලැබුණා. ඉන් පසුව පාසලෙන් සමුගෙන ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. එහිදී සඳරුවන් ජයවික්‍රම මහත්තයා තමයි මාව මුලින්ම ටෙලිනාට්‍යවලට සම්බන්ධ කරගත්තේ. ඒ 2013 වර්ෂයේ විකාශය වුණු “සුළ`ඟ’ කියන ටෙලිනාට්‍යයේ ‘පවන්’ කියන ප්‍රධාන චරිතයට. සඳරුවන් අයියා පාසල් යන කාලයේ අපේ ගෙදරට දුරකතන ඇමැතුමක් දීලා මෙහෙම ඇහුවා. මල්ලි මම “සුළඟ” කියලා නාට්‍යයක් කරනවා ඔයා කැමතිද ප්‍රධාන චරිතය රඟපාන්න කියලා. මම කිව්වා අම්මලාගෙන් තමයි අහන්න ඕනේ කියලා. අපේ පවුලේ එකම දරුවා මා නිසා මවුපියන්ගෙ අවධානය ඉහළින් පැවතුණා. පොඩි දෙයක් කළත් ඒ කාලේ ඒ දෙන්නා පස්සෙන්මයි හිටියේ. එකම ළමයා නිසා එයාලා රඟපාන්න කැමැත්ත දුන්නත්, අම්මා කිව්වා කොච්චර රොමැන්ටික් චරිත තිබුණත් ගෑනු ළමයින්ගේ අතින් අල්ලන්න, බදාගන්න යන්න එපා කියලා. ආශා එදිරිසිංහ අක්කා එක්ක තමයි රඟපාන්න ලැබුණේ. කොහොම හරි සුළඟෙ දර්ශනවල අතින් අල්ලන්නේ නැතුව ආදරේ කරලා රඟපෑවා. රසිකයන්ට ඒ ආදරයත් දැනුණා.
සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබුණාම දැනුණු සතුට කොයි වගේද?
ජනප්‍රියම නළුවා සම්මානය ලැබෙන්නේ වාසනාවකට. ඒ ජනතාවගේ ආදරය. ඒක තමයි කලාවේ රඳා පවතින්න වටිනාම දේ. ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කලාකරුවෙක්ට ඉදිරියට යන්න ලැබෙන ලොකු පන්නරයක්. අසීමිත සතුටක්. අසීමිත ආදරයක් මේ දේවල් මට ගොඩක් වටිනවා. මෙහෙම සම්මාන උළෙල සංවිධානය කරන්න ඕනේ. කලාකරුවන් දිරිගන්වන්න ඕන. ඒක ඉදිරි රඟපෑම් කටයුතුවලට ලොකු ශක්තියක්.
කොහොමද රසික ප්‍රතිචාර, ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබීම ගැන?
මට වඩා මේ සම්මානය වුවමනා වුණු පිරිසක් හිටියා. ඒ අතර මගේ අම්මලා දෙන්නා. තාත්තලා දෙන්නා, බිරිය, බිරියගේ නංගී මගේ ව්‍යාපාරික ආයතනයේ පිරිස. අපේ ලංකාවේ නිවේදක නිවේදිකාවන්ගේ එකමුතුව කියලා සංගමයක් තියෙනවා. ඒ සංගමයේ ඉන්නවා විවිධ නාලිකාවල නිවේදක නිවේදිකාවන්. එයාලත් උදව් කළේ ඒ තමන් වැඩකරන නාලිකාවන කලාකරුවන්ට නෙවෙයි. මට සම්මානය අරන් දෙන්න එයාලට ලොකු වුවමනාවක් තිබුණා. විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ 2006 කණ්ඩායමත් මේ රටේ මගේ රසික රසිකාවියන්, මගේ බිරිය ප්‍රෙග්නන්ට් නිසා සම්මාන උළෙලට ආවේ නැහැ. දැන් අපට පුතෙක් ලැබෙන්න ඉන්නේ. දැන් මාස 6ක් ගතවෙලා බිරිය මේ සම්මානය ලැබුණා කියලා රූපවාහිනියේ දැකලා සතුටට අඬලා තිබුණා. අම්මා ඒ ගැන මට දුරකතනයෙන් කතා කරලා කිව්වා. මේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරනවා.
ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙන්න පෙර දින විරෝධතා දක්වලා දුරකතන ඇමතුම් ලැබුණාලු නේද, ඒ ගැන කිව්වොත්?
ඔව්. ඇත්තෙන්ම එහෙම ඇමතුම් ලැබුණා. උදාහරණ වශයෙන් අපි ඡන්ද ව්‍යාපාරයක් ගත්තාම තමන් කැමති කෙනා දිනනවාට තමයි කැමති. ඒ වගේ තමයි සම්මානයත්. තමන් කැමති කෙනාට සම්මානය ලබාදී ඒ කෙනාව ඉහළින් ඔසවා තබන්න කවුරුත් කැමතියි ඉතින්. ඒ දුක සාධාරණයි. සමහර අය කිව්වලු කොහොමද එයාට ඒ සම්මානය ලැබෙන්නේ කියලා. මේ විරුද්ධත්වය දක්වපු කිසිම කෙනෙක් කෙරෙහි මගේ තරහක්, වෛරයක් කවදාවකවත් නැහැ. ඒ අය අද බැන්නත් ඉදිරි දිනයක ඔවුන් මට ආදරය කරයි.
ඔබ නීල පබළු නාට්‍යයේ වගේ සැබෑ ජීවිතෙත් බොස් කෙනෙක් නේද, ඒ ගැන කිවවොත්?
මට තියෙන්නේ ඇඟලුම් ව්‍යාපාරයක්. ඒකේ නම “ඩීප් කෝනර්” පිහිටලා තියෙන්නේ ඇහැලියගොඩ. මේ සම්මානය අතට ගන්න මගේ ව්‍යාපාරයේ කළමනාකාරිත්වය, දරුවෝ ටික දැරූ උත්සාහය වචනවලින් කියලා නිම කරන්න බැහැ. ඒ අයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි ආදරේ කියන්නේ. මේ සියලු දෙනා පවුලක්. එයාලා තමයි මගේ ජීවිතේ ශක්තිය.
සැබෑ ජීවිතයේදී කුරුලු සහ පූජා යන මේ දෙන්නා ලැබුණොත් බාරගන්න කැමති කාවද?
සැබෑ ජීවිතේ පූජා ලැබුණත්, කුරුලු ලැබුණත් භාරගන්නේ මගේ බිරිය නවෝද්‍යා. මම බලාපොරොත්තු වන සියලුම ගතිගුණ සර්වසම්පූර්ණව තියෙන්නේ මගේ බිරිය ළඟ.
අභිමන් පූජාට, කුරුලුට ආදරේ කරන එකට නවෝද්‍යාගේ අකමැත්තක්, ඉරිසියාවක් දැනිලාම නැද්ද?
කවදාවත්ම නැහැ. කුරුලු සහ පූජා කියන්නේ නවෝද්‍යාගේ හොඳම යාළුවෝ. එයා තමයි ෂූටිං කරන අවස්ථාවලදී ආදර චරිත රඟපානකොට කියන්නේ තව ටිකක් ළංවෙලා ඒ චරිතය රඟපාන්න කියලා. ගෙදරින් ඒ නිදහස ලැබුණේ නැත්නම් ඒ චරිතය රඟපාන්න බැහැ. මේ සම්මානයට පාත්‍රවෙන්න ඒ අවබෝධය, නිදහස ගොඩාක් පිටිවහලක් වුණා.
මේ සම්මානයට දායක වුණු අය මතක් කළොත්?
විශේෂයෙන්ම සිනේ එන්ටර්ප්‍රයිසස් ආයතනයට, සිරස ආයතනයට සහ සඳුන් රාජකරුණා මහතාට, කැමරා අධ්‍යක්‍ෂ දුලිප් පුස්සැල්ල මහතාටත් මුළු නීල පබළු කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්‍ෂතුමාගේ පටන් තේ හදන අයියා දක්වාත්, ලයිට් බෝඞ් අල්ලන සියලුම දෙනාගේ සහායත් මේ සඳහා ඉවහල් වුණා. මේ සම්මානය අපි හැමෝගෙම සම්මානයක්.
සුමිරාන්ගේ පවුලේ විස්තර කොහොමද?
පවුලේ එකම දරුවා මම. විශාල කැපවීමකින් මාව හැදුව අම්මා, පුංචි කාලේ වගේම තාමත් මා ළඟ ඉන්නවා. අපි පුංචි පවුලක්. නවෝද්‍යා වැලිකෙළියේ සෙල්ලම් කළ පුංචි කෙල්ල අවුරුදු 5ක් ආදරේ කරලා විවාහ වුණා. මගේ මාමා කෙනෙක්ගේ දුවෙක් එයා.
අනාගත බලාපොරොත්තු?
සාර්ථක පවුල් ජීවිතයක් සහ ජනතාව ආදරය කරන හොඳ කෙනෙක් ලෙස ජීවත්වීම.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කන්‍යාවන්ට කැමැති බහිරවයා සොයා බහිරව කන්දට

Next Post

DLB වෛද්‍ය කඳවුර හම්බන්තොටදී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.