• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ වාසනාව අවසන් වෙයිද?

October 10, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ වාසනාව අවසන් වෙයිද?
Share on WhatsAppShare on Facebook

කවුරුත් කැමැති තමතමන්ගේ කේන්දරවල තියෙන තමන්ට වාසි ගෙනෙන ග්‍රහ යෝග ගැන අහන්න, දැනගන්න තමයි. නරක පල ගෙනදෙන යෝග තියෙනවා කියල දැනගන්න හෝ අහන්න කැමැති නැහැ. ඒ නිසා ධනය, බලය ලැබෙන යෝග සහ රාජ යෝග ගැන තමයි අපි නිතරම කතා කරන්නෙ. ඒ වුණත් අපේ කේන්දරවල තියෙන ප්‍රබල ග්‍රහයෝගවල බලය අඩු කරවන අයහපත් ග්‍රහයෝග අපේ කේන්දරවල හැංගිලා තියෙනවා.

ජන්ම පත්‍රයක ප්‍රබල රාජ යෝග එකක්, දෙකක් හෝ කිහිපයක් යෙදී තිබුණද එම ජන්ම පත්‍රයේම රවි, කුජ, ගුරු, ශනි කියන ග්‍රහයෝ හතර දෙනාගෙන් තිදෙනෙකු නීචව පිහිටියොත් පෙර කියූ රාජ යෝගවල බලය බිඳෙනවා. රවි, තුලා වේද, කුජ, කටක රාශියේද, ගුරු මකරයේදීද, ශනි, මේෂ රාශියේද නීච වෙනවා.

කේන්දරයක 10වැනි ස්ථානයේ තමයි රැකියාව ගැන කියැවෙන්නේ. ඒ නිසා 10වැන්න කර්මස්ථානය (ක්‍රියාවට සම්බන්ධ ස්ථානය) ලෙස හඳුන්වනවා. නීච වූ ග්‍රහයෙක් කර්මස්ථානයේ සිටීමෙනුත් රාජ යෝග භංග වෙනවා. හැබැයි එම ග්‍රහයාගේ නීචය භංග වී තිබුණොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා.

ග්‍රහයෙකුගේ නීචය භංගවන ක්‍රම කිහිපයක් ගැනම ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. නීච ග්‍රහයෙක් කේන්දරයේ කුමන ස්ථානයක සිටියත්, එම රාශියේම උච්ච ග්‍රහයෙක් සිටියොත් එම නීචය භංග වෙනවා. මේ ආකාරයට එකම රාශියක් තුළ නීච ග්‍රහයෙක් සහ උච්ච ග්‍රහයෙක් සිටීමෙන් එය නීච භංග රාජ යෝගයක් වෙනවා. එවිට කේන්දර හිමියාට උසස් තත්ත්වයකට පත්වෙන්නට වාසනාව උදාවෙනවා.

කේන්දරයක ලග්න භාවය හරි චන්ද්‍රයා සිටින භාවය හරි අඩුම තරමින් එක ග්‍රහයෙකුගේවත් දෘෂ්ටියට ලක් නොවූ කේන්දරයක කොතරම් බලවත් රාජ යෝග තිබුණත් ඒවා ක්‍රියාත්මක වී කේන්දර හිමියා බලවතෙක් වෙන්නේ නැති බව පරාශර ඍෂිතුමා සඳහන් කර තිබෙනවා. ඔබේ ජන්ම පත්‍රයේ ඉහළින්ම ඇති 1 කොටුව ‘ලග්න භාවය’ බවත්, ‘ච’ යන්න සඳහන් කර ඇති කොටුව ‘චන්ද්‍ර භාවය’ බවත් ඔබ දන්නවා. එනිසා ඔබේ කේන්දරයේ මෙම රාශි දෙක අනෙකුත් ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වෙනවාද යන්න දැනගැනීමත් වැදගත්.

ග්‍රහයන්ගේ දෘෂ්ටි බලන්නේ සිටින තැන සිට වම් පැත්තටයි. නිතරම ග්‍රහයා ඉන්න තැනට අංක 1 යොදලා වම් පැත්තට කොටු ගැනගෙන යන්න. රවිට සහ චන්ද්‍රයාට තමන් සිටින තැන ඉඳලා 3, 7, 10 යන ස්ථාන පෙනෙන බවත්, කුජට සහ බුධට තමන් සිටින තැන ඉඳලා 4, 7, 8 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂ සිද්ධාන්තවල සඳහන් වෙනවා. ඒ වගේම ගුරුට සහ සිකුරුට තමන් සිටින තැන ඉඳන් 5, 7, 9 යන ස්ථාන පෙනෙන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

මේ ආකාරයට එනම් කේන්දරයේ ලග්න භාවය හරි චන්ද්‍ර භාවය හරි වෙනත් ග්‍රහයෙකුට පෙනෙනවා නම් ඔබේ කේන්දරයේ ඇති බලවත් රාජ යෝග ක්‍රියාත්මක වෙනවා. එසේ නැති නම් ඒවා ක්‍රියාත්මක නොවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.

ඔබගේ කේන්දරයේ රවි හෝ ගුරු හොඳටම දුර්වල වෙලා (පරම නීච තත්ත්වයට පත්වෙලා) සිටියාමත් කේන්දරයේ තිබෙන අනෙකුත් රාජ යෝගවල බලය අහිමි වෙනවා. රවි පරම නීච තත්ත්වයට පත්වෙන්නේ තුලා රාශියේ අංශක 10දී, ගුරු පරම නීච තත්ත්වයට පත්වෙන්නේ මකර රාශියේ අංශක 5දී, ඔබේ උපන් දිනයට අදාළ පංචාංග ලිත් පිටුවෙන් ඔබ උපන් වෙලාවේ ග්‍රහයන් පිහිටි අංශක කලා ගණන බලාගන්න පුළුවන්. කෙනෙකුට තමන්ගේ නවාංශක කේන්දර බලලත් ග්‍රහයන් හිටපු අංශක ගැන දළ අදහසක් ගන්න පුළුවන්.

ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයෙන් නවාංශකයේ පිළිවෙළට වම් පැත්තට රාශි හඳුනා ගන්න පුළුවන්. නවාංශකය මේෂ නම් වම් පැත්තට 2වැන්න වෘෂභ, 3වැන්න මිථුන, 4වැන්න කටක ආදිය වශයෙන් තුලා රාශියේ අංශක 10 සීමාව අයත් වන්නේ මකර නවාංශකයට. ඔබගේ කේන්දරයේ රවි, තුලා රාශියේ ඉඳලා මකර නවාංශකයේ ඉන්නවා නම් එයාගේ බලය අඩුයි. ඒ වගේම ගුරු ඉන්නේ මකර රාශියේ නම් එයාගෙ පරම නීච අංශක 5 අයත් වෙන්නේ කුම්භ නවාංශකයට. ගුරු, මකර රාශිය තුළ කුම්භ නවාංශකයේ සිටියොත් එයාගේ බලය අඩුයි.

යම් ලෙසකට ඔබේ කේන්දරයේ බලවත් රාජ යෝග කිහිපයක් තිබුණත්, සියලුම පාප ග්‍රහයන් කේන්දර ස්ථානවල සිටියදී සියලුම සුබ ග්‍රහයන් නීචවෙලා හරි සතුරු වෙලා හරි ඉන්නවා නම් ඔබට අර බලවත් යෝගවල බලය ලබා ගන්නට අපහසු වෙනවා. කේන්දර ස්ථාන ලෙස සලකන්නේ ජන්ම පත්‍රයේ 1, 4, 7, 10 යන ස්ථානයි. සුබ ග්‍රහයන් ලෙස බුධ, ගුරු, සිකුරුද, අසුබ ග්‍රහයන් ලෙස රවි, කුජ, ශනි, රාහු සහ කේතුද සලකනු ලබනවා. කේන්දරයක යහපත් යෝග දුටු පමණින් කේන්දර හිමියා බලවතෙක් ලෙස සිතන්න බැහැ. කේන්දරයේ ප්‍රබල යෝග භංග කරන අයහපත් යෝග තිබෙනවාද කියලත් බලන්න ඕනෑ.

ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

පිරිමින් තිස්දෙනෙකු සරණ පාවාගත් අනුලා රැජිනට වැරැදුණු තැන…

Next Post

දකුණු කොරියාවේ සිට සෙලාන් බැංකුවෙන් මුදල් එවීම තවත් පහසු කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.