• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අනුරාධපුරයේ කොයිතරම් නියඟ තිබුණත් ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්සේ රහස…

October 9, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අනුරාධපුරයේ කොයිතරම් නියඟ තිබුණත් ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්සේ රහස…
Share on WhatsAppShare on Facebook

දිනය දැනට වසර කිහිපයක් අතීතයට ඇදී යන්නේය. අනුරාධපුර ප්‍රදේශයට ගිනියම් හිරු කිරණ අඩුවක් නැතිව වැටෙයි. ගහකොළ පවා රත් පැහැවී ඇති සෙයකි. හමන සුළඟත් උණුසුම්ය. බලන බලන පැත්තේ මිරිඟුවක් මැවෙන්නට තරම් ඒ පෑවිල්ල දරුණුය. වියළීගිය ඉලුක් පඳුරු සුළඟට හසුව ඒ මේ අත විසිරෙමින් අරමුණකින් තොරව සෙලවෙයි. මහ මඟ යනෙන මිනිසුන්ගේ මුහුණු පමණක් නොව, මහා රූස්ස ගහකොළ පවා නිහඟයෙන් හෙම්බත්ව ඇති අයුරු පැහැදිලිව පෙනුණේය.

වෙනදාට ජලය පිරුණු මල් පිපුණු ඇලදොළ වැව් අමුණු සිඳී ගොසිණි. ඇතැම් ඒවායේ කඩින් කඩ ඉතිරිවූ ජලය ඩිංගක් හැරෙන්නට අනෙක් සියලු තැන් පුපුරා ඉරිතැළී ගොසිණි. එහෙත් කොතරම් කර්කශ වුවද, දුෂ්කර වුවද ඒ පොසොන් මාසය නිසාදෝ අනුරාධපුරය ජනයාගෙන් පිරීගිය ආකාරයක් දක්නට ලැබිණි. පූජා නගරය පුරා තැන තැන විසිරුණු බැතිමතුන් මද්දහනේ දාහය නිවාගන්නේ ගසක් යටටවී පරිස්සමට ගෙන ආ ජල බිඳකින් උගුර තෙමාගනිමිනි. තවකකු තැඹිලි ගෙඩියක වතුරෙන් උගුර තෙමාගනිද්දී තවත් පිරිසක් පැණි කොමඩු ගෙඩියක රසයෙන් දාහය නිවා ගත්තේය.

මේ දසුන වසරේ මාස කිහිපයක් තුළ අනුරපුර පුදබිම අවටත්, අනුරපුර දිස්ත්‍රික්කයේත් දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් වුවද එතරම් කර්කශ නියං සමයේ පවා බුදුදහම කෙරේ සොබාදහමද නම්‍යශීලී වූ පුවත් අනන්තවත් අසන්නට දකින්නට ලැබෙයි. එවන් අපූරු අත්දැකීමක් ලද විමලදාස මහතා පොල්ගහවෙල ප්‍රදේශයේ සිට අනුරපුර පුදබිම වඳින්නට ගිය බැතිමතෙකි. මේ, ඔහු තම අත්දැකීම අප සමග පැවැසූ ආකාරයයි.

‘හැම අවුරුද්දකම අනුරාධපුරේ යන එක මගේ පුරුද්දක් වෙලා තිබුණෙ. වෙසක් පොසොන් වෙනකොට මොන වැඩේ තිබුණත් මං අනුරාධපුරේ යන්න ලෑස්ති වෙනවා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි, සල්ලි බාගෙත් එහෙමකට කියලා අපි ළඟ නෑ. එදිනෙදා කුලියක් මලියක් කරලා තමයි දවසෙ වියදම වුණත් පිරිමහ ගත්තේ. හැබැයි ඒ මොන අඩුපාඩුව තිබුණත් මට කවදාවත් අනුරාධපුරේ යන ගමනට ඕනෙ කන මුදල හිඟ වෙලා නෑ. එහෙම මුදල් නැතිව කියලා ගමන නොයා ඉන්න වෙලත් නැහැ. ඒ නිසා මං නොවරදවාම ඒ ගමන ගියා.

දැනට අවුරුදු ගානකට කලින් හරි අමුතු දෙයක් වුණා. එදා තමයි එහෙම අත්දැකීමක් මං ලැබුවෙ. හැබැයි ඊට පසුව එවැනි දේවල් සෑහෙන්න මං අත්විඳලා තියෙනවා.
ඉතින් ඔය මං කියපු මුල් දවසෙ මං අපේ ගමේ තව කිහිප දෙනෙකුත් සමගයි ගියේ. එදා මං අපේ කිහිප දෙනා සමග උඩ මළුවට ගිහින් වැඳපුදාගෙන එන්න හදනකොට මගේ හිත කිව්වේ තව ටිකක් ඉන්න කියලාමයි. ඒ වෙලාවෙ හොඳටම අව්වත් සැරයි. අපේ අනිත් අයට වතුර තිබහයි කියලා එයාලා පහළ විශ්‍රාම ශාලාව පැත්තට ආවා. මං උඩ මළුවෙ නතර වෙලා ශ්‍රී මහා බෝධිය දිහා බලාගෙන හිටියා. බැම්මට හේත්තු වෙලා ඉද්දී තද අවුවෙන් ආරක්ෂා වෙනවා. හිතටත් සහනයක් දැනෙනවා. ඒ නිසා මගේ ඇස් දෙකත් ඉබේටම පියවුණා. මං ඇස් පියාගෙන කල්පනා කරමින් හිටියා. ඔය අතරේ මාව ගැස්සිලා ඇහැරුණා වගේ වුණා. මං ඇස් ඇරලා බලද්දී මාව හොඳටම තෙමිලා ශ්‍රී මහා බෝධීන් වහන්සේත් හොඳටම තෙමිලා. ඒ ඩිංගට තදටම වැහැල තිබුණා. මං ඉක්මනට නැඟිටලා වටපිට බලලා විශ්‍රාම ශාලාව පැත්තට ඇවිදගෙන ගියා. මං යනකොට අපේ කට්ටිය මහ පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. මගෙන් අහනවා ඇයි මේ වතුරකට වැටුණද කියලා. මං කිව්වා නෑ උඩ මළුවට වැස්සා, ඇයි මෙහාට වැස්සේ නැද්ද කියලා. කට්ටිය හොඳටම පුදුම වෙලා මගේ දිහා අමුතු විදියට බලනවා. මං මොනවට හරි බයවෙලා කියලා තමයි කට්ටියගෙ හිතේ. ඇත්තටම එයාලා හිටිය හරියට වැහැලා තිබුණෙත් නෑ තමයි. පස්සේ බැරිම තැන කට්ටියව උඩ මළුවට එක්කරගෙන ගිහින් පෙන්නුවාම මගේ කතාව පිළිගත්තා. එතැන හිටිය හාමුදුරුනමකට මගේ කතාව ඇහිලා උන්වහන්සේ කිව්වා මේ උපාසක මහත්තයා කියලා තියෙන්නේ බොරු නෙවේ, කතාව ඇත්ත, වැස්ස වහිනකොට මාත් හිටියා කියලා. ඊට පස්සේ උන්වහන්සේ අපේ අයට කිව්වා ඔය විදියට මහ නිහඟ කාලෙටත් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට ඕනෙ ජලය ලැබෙන්න මල් වැහි වහින එක සාමාන්‍ය දෙයක් කියලා. තව කිව්වා බසවක්කුලම වැවෙන් අහසට නැඟෙන ජල රැලි හුළඟට මැදිවෙලා ගහගෙන ඇවිත් මේ විදියට බෝ හාමුදුරුවන්ට වැස්සක් විදියට වැටෙනවා කියලත්. ඒ දර්ශනය ඊට වසර කිහිපයකට කලින් උන්වහන්සේ දැක්කා කියලත් කිව්වා.

මෙවැනි බොහොමයක් හාස්කම් බෝ හාමුදුරුවන්ගෙ ඉසව්වෙ සිද්ධ වෙලා තියෙනවා. ඊට පෙර එවැනි කතා මං විශ්වාස කළේ නැතත් අර සිදුවීමෙන් පස්සෙ මං ඒවා විශ්වාස කළා.’

මේ එක් අත්දැකීමකි. මෙවැනි ලක්ෂ සංඛ්‍යාත අත්දැකීම් ලද්දෝ අනන්තවත් මේ සමාජයේ අප අතර සිටිති. ඇතැම් ඒවා කිව්වද කිසිවකු විශ්වාස නොකරනු ඇතැයි සිතා ඒ බහුතරයක් දෙනා නිහඬව සිටියද ඒ මහා හාස්කම් සමුදාය රහසක් ලෙස සඟවා තැබිය නොහැකිය.

අදද රජරට බොහෝ ගොවියෝ සිය වගාවන් ආරම්භයේ සිට පලදාව නෙළාගන්නා තුරු එහි ආරක්ෂාව පතන්නේ ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙනි. මේ නිසාම කෙතට කුඹුරට වපුරන බව බෝග ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස තබා රැගෙන ගොස් වපුරන්නට ගොවියෝ පුරුදුව සිටිති. එමෙන්ම නෙලූ අස්වැන්නේ මුල් කොටස පූජා කරන්නේද ශ්‍රී මහා බෝ සමිඳුන්ටය. අනෙකුත් වගා කටයුතුවලදී ඒ ඒ වගාවන්ට ආශ්‍රිත විවිධ විපත් කරදර විනාශ ආදියෙන් තමන්වත් වගාවත් ආරක්ෂා කර දෙන ලෙස අයැදින්නේද බෝ සමිඳුන්ගෙනි.

රටටත් රටේ නායකයන්ට සහ ජනතාවටත් විපතක් කරදරයක් සිදුවීමට යන මොහොතක ඒ බව මුලින්ම දැනුම්දීමේ විවිධ වෙනස්කම් පෙන්නුම් කිරීමේ අමුතුව බලයක්ද බෝ සමිඳුන්ට ඇතැයි පැරැන්නෝ කියති. ඒ අනුව රටේ බොහොමයක් නායකයන්ට යම් යම් විපත් සිදුවූ අවස්ථාවල එම සිදුවීමට දින කිහිපයකට පෙර ශ්‍රී මහා බෝ සමිඳුගේ අතු ශාඛා බිඳී ගිය බවට පැරැන්නෝ අතර අත්දැකීම් වෙති. එමෙන්ම සුනාමි ව්‍යසනයට පෙරද මහ බෝ සමිඳු අබියස බටහිර පැත්තේ බැම්මක් බිඳීගොස් ඇති අතර, ඒ මොහොතේ තතු දන්නෝ රටේ බටහිර දෙසට විපතක් සිදුවිය හැකි බවට අනුමාන පළකර ඇත.

මෙවැනි කරුණු කාරණා රාශියක් සමග ජයශ්‍රී මහා බෝ සමිඳුගේ අනුහස් ගැන බෞද්ධ ජනයා අතර ඇති අත්දැකීම් අතිවිශාලය. එහෙයින් රටට ආදරය කරන්නන් සේම රටවැසියාද මහ බෝ සමිඳුන් ගැන ගෞරවයෙන් අවධානයෙන් පසුවීම වැදගත් නොවේද?

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජනාධිපතිලා අගමැතිලා එක්ක තිරුකුමාර්ගේ හෙළිනොවුණු රාජ්‍ය රහස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ආදරයට කේන්දරය හරස් වුණොත්…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.