• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ජනාධිපතිලා අගමැතිලා එක්ක තිරුකුමාර්ගේ හෙළිනොවුණු රාජ්‍ය රහස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 9, 2021
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ජනාධිපතිලා අගමැතිලා එක්ක තිරුකුමාර්ගේ හෙළිනොවුණු රාජ්‍ය රහස් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

වික්ටර් අයිවන් 1994 චන්ද්‍රිකාගේ ආගමනය සහ චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු ගේමක් ගහපු මාධ්‍යවේදියෙකි. චන්ද්‍රිකා ජනාධිපති වී ටික කලකින් වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප විය. වික්ටර්, චන්ද්‍රිකා සමග අමනාප වූ පසු චන්ද්‍රිකා ජනාධිපති කරන්නත්, 94 ජයග්‍රහණය වෙනුවෙනුත් ඔහු කළ කාර්යභාරය ගැනත් ලිපි පෙළක් ලීවේය. එම ලිපියක ඔහු අපූරු රහසක් හෙළි කළේය. එම රහස නම් 1994 මහ මැතිවරණය ජයගත් පසු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය චන්ද්‍රිකාගේ පොදු පෙරමුණට නොතිබුණු නිසා චන්ද්‍රිකාගේ ජයග්‍රහණය අවුල් කිරීමට එවකට ජනාධිපති ඩී.බී. විජේතුංග ගත් උත්සාහය වික්ටර් අයිවන්ලා ව්‍යර්ථ කළ ආකාරයය. 1994 මැතිවරණයේදී චන්ද්‍රිකාගේ පොදු පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 113 නොතිබුණු නිසා තමන්ට යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දෙන ලෙස ගාමිණී දිසානායක, විජේතුංගට බලපෑම් කරමින් සිටියේය. තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි නම් චන්ද්‍රිකා නොව ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියව අගමැති කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ගාමිණී, විජේතුංගට බලපෑම් කළේය.

එවකට යූ.ඇන්.පී. මන්ත්‍රී රොනී ඩි මෙල්ද විජේතුංගට කීවේ පොදු පෙරමුණේ අගමැති අපේක්ෂක චන්ද්‍රිකාව කොන් කොට අගමැති වීමේ අපේක්ෂාවෙන් සිටි බණ්ඩාරනායක මැතිනියව අගමැති කරන ලෙසය. එවකට අගමැති රනිල්, ගාමිණීට එරෙහිව සිටි නිසා ඔහුගේ මතය වූයේ චන්ද්‍රිකාට අගමැති ධුරය හිමි විය යුතු බවය. ගාමිණී ආණ්ඩුවක් පිහිටුවුවහොත් ගාමිණීට අගමැති ධුරය හිමි වෙතැයි රනිල් බිය විය. වික්ටර් අයිවන්ලා විජේතුංගව චන්ද්‍රිකාට නම්මවා ගන්න චන්ද්‍රිකා සමග ගේම් ප්ලෑන් අඳිමින් සිටියේය. විජේතුංගව චන්ද්‍රිකාට නම්මවා ගන්න විජේතුංගව ගාමිණීගේ බලපෑමෙන් නිදහස් කරගන්න උදව් ගත යුතු හොඳම චරිතය ජේ.ආර්. බව ඔවුන් තේරුම් ගෙන තිබිණි. එකල ජේ.ආර්. හිතුවේ බණ්ඩාරනායක මැතිනිය බලය ගතහොත් ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ තමාගෙන් ඇය පළිගනියි කියාය. තමා අගමැති වුවහොත් ජේ.ආර්.ට කිසිදු හානියක් නොකරන බවට චන්ද්‍රිකා සහතිකයක් දුන්නාය. චන්ද්‍රිකාගේ මේ සහතිකය රැගෙන ජේ.ආර්. හමුවෙන්න ගියේ වික්ටර් අයිවන් හෙළි කළ විදියට වෙන කවුරුවත් නොව අද පැන්ඩෝරා පත්‍රිකාවලින් ලෝකයේම ආන්දෝලනයට ලක්වී ඇති ව්‍යාපාරික තිරු නඩේෂන්ය. ජේ.ආර්.ව හමුවීමට ගොස් චන්ද්‍රිකාගේ සහතිකය ගැන කියා ජේ.ආර්. ලව්වා විජේතුංගට කතා කොට චන්ද්‍රිකාව අගමැති ධුරයට පත් කරන්න විජේතුංගව එකඟ කරගත්තේ තිරු නඩේෂන්ය.

මේ ජේ.ආර්. සහ තිරු හමුවට එවකට අගමැති රනිල්ද උදව් කළේ රනිල් තිරුගේ සමීප මිත්‍රයකු වූ නිසාය. අගමැති ධුරය භාරගෙන පළමු පුවත්පත් සාකච්ඡාවේදී චන්ද්‍රිකා, රනිල්ට ස්තුතිය පළ කළේ ඒ නිසාය.

තිරු, චන්ද්‍රිකා බලයට ගේන්න වැඩ කරන්නේ තිරුගේ බිරිය නිරූපමා රාජපක්ෂ චන්ද්‍රිකාගේ සමීපතම මිතුරියක් වූ නිසාය. ඒකත් දිග කතාවකි.

1977 මහ මැතිවරණ පරාජයට පසු අනුර පිල චන්ද්‍රිකා පිල වශයෙන් බණ්ඩාරනායක පවුල දෙකඩ වන විට බණ්ඩාරනායකලාගේ ආරක්ෂකයන් වූ හම්බන්තොට රාජපක්ෂ පවුලද දෙකඩ විය. රාජපක්ෂ පවුලේ දේශපාලනයේ ආරම්භය ඩී.එම්. රාජපක්ෂය. ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයට එන්නේ ඩී.එම්. රාජපක්ෂ මියගියාට පසුවය. ඩී.ඒ. රාජපක්ෂ දේශපාලනයේ සිටියදීම ඩී.එම්.ගේ පුත් ලක්ෂ්මන් රාජපක්ෂ කොමියුනිස්ට් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ලක්ෂ්මන් කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය කරද්දී ඔහුගේ සහෝදර ඩී.එම්.ගේ තවත් පුතකු වූ ජෝර්ජ් රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් දේශපාලනයට ආවේය. ඔහු 1960 මහ මැතිවරණයට පළමු වරට තරග කළේය. 1960 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ ඔහු නියෝජ්‍ය මුදල් ඇමැති විය. 1970 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මැතිනිය පිහිටුවූ සමගි පෙරමුණු ආණ්ඩුවේ ඔහු පළමුව ධීවර ඇමැතිද, දෙවැනුව සෞඛ්‍ය ඇමැතිද විය. මේ වන කොට ඩී.ඒ. රාජපක්ෂ මියගොස් ඔහුගේ පුත් මහින්ද රාජපක්ෂ 1970 මහ මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබිණි. ලක්ෂ්මන් රාජපක්ෂ 1970 මහ මැතිවරණයේදී පරාජයට පත්විය. 1976 ජෝර්ජ් රාජපක්ෂ මියගිය විට ඔහුගේ ආසනය වූ මුල්කිරිගලට අතුරු මැතිවරණයක් පැවැත්විණි. 1970 පරාජයට පත් ජෝර්ජ්ගේ සොහොයුරු ලක්ෂ්මන් රාජපක්ෂ ශ්‍රීලනිපයෙන් මුල්කිරිගලට තරග කොට ජය ගත්තේය.

1977 රාජපක්ෂ පවුලම හම්බන්තොටින් පරාජය විය. 1977 මහ මැතිවරණයට පසු ශ්‍රීලනිපයේ අනුර පිල සහ විජය-චන්ද්‍රිකා පිල ලෙස පිල් දෙකක් ඇති වෙද්දී මහින්ද බැසිල් තෝරාගත්තේ අනුර පිලය. විජය-චන්ද්‍රිකා පිල තෝරාගත්තේ ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය නිරූපමා රාජපක්ෂය. 1983 මුල්කිරිගලට ශ්‍රීලනිපයෙන් නිරූපමා රාජපක්ෂ තරග කරද්දී බැසිල් යූ.ඇන්.පී.යට ගොස් නිරූපමාව පරද්දන්න වැඩ කරද්දී මහින්ද ශ්‍රීලනිපයේ සිටිමින් නිරූපමා පරද්දන්නට වැඩ කළේ නිරූපමා දින්නොත් ශ්‍රීලනිපයේ අනුර පිල දුර්වල වී විජය-චන්ද්‍රිකා පිල බලවත් වේය යන බියෙන්ය. නිරූපමා 1983 මුල්කිරිගල දින්නත් ඡන්ද පෙත්සමකින් අසුන අහිමි විය. 1983 විජය-චන්ද්‍රිකා පිල ශ්‍රීලනිපය කඩාගෙන ගොස් මහජන පක්ෂය පිහිටුවන විට නිරූපමා ඔවුන් සමග ගියේ නැත. විජය-චන්ද්‍රිකාගේ ඉවත් වීමෙන් ශ්‍රීලනිපය තුළ අනුර පිල බලවත් වන අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ බලවත් විය. නිරූපමා තිරු නඩේෂන් නම් වූ ව්‍යාපාරිකයා සමග විවාහ වී දේශපාලනයෙන් තාවකාලිකව ඈත්විය. ඇය යළි දේශපාලන කරළියට එන්නේ විජය ඝාතනයෙන් පසු ලන්ඩන් බලා ගිය චන්ද්‍රිකා යළි ශ්‍රීලනිපයට පැමිණ ශ්‍රීලනිපයේ බලය අල්ලා ගත්තාට පසුවය.

1994 මහ මැතිවරණයේදී නිරූපමා මුල්කිරිගලින් තරග කරද්දී තිරු නඩේෂන් චන්ද්‍රිකාට උදව් කළේය. ඔහු චන්ද්‍රිකා සහ ජේ.ආර්.ගේ සාම දූතයා වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටුවූ විගස නිරූපමාට රාජ්‍ය ඇමැති ධුරයක් හිමි වෙයි. ඇය ශ්‍රීලනිපය තුළ බලවත් වන්නේ අනුර යූ.ඇන්.පී.යට යෑමත් සමග මහින්ද හම්බන්තොට දුර්වල වෙද්දීය. 1999 දකුණු පළාත් සභා ඡන්දයට නිරූපමාගේ මල්ලී පොදු පෙරමුණෙන් තරග කරද්දී මහින්ද, බැසිල් සහ චමල්ලා නිරූපමාගේ මල්ලීට සහාය දක්වන්නේ නැත. මේ නිසාම චන්ද්‍රිකා සහ මංගල නිරූපමාගේ මල්ලී දිනවන්න ලොකු වෙහෙසක් ගනී. නිරූපමාගේ මල්ලී ශ්‍යාමල් රාජපක්ෂ පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කළත් ඩී.එම්. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වූ ඔහුට එරෙහිව ඩී.ඒ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරවරු වූ මහින්ද, බැසිල් සහ චමල්ගේ යුද්ධය අවසන් වන්නේ නැත.

ඒ යුද්ධය අවසන් වන්නේ 2005 මහින්ද ජනාධිපති වීමත් සමගය. නිරූපමාගේ සැමියා තිරු නඩේෂන් බැසිල්ට සමීප වන අතර, නිරූපමා මහින්දගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක් බවට පත්වෙයි. මේ කාලයේ ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද අතර ගැටුම් පටන් ගන්නේ නිරූපමාගේ සැමියා තිරු නඩේෂන් සම්බන්ධ වන මහවැලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙනි. මහින්ද, බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලම තිරු නඩේෂන්ගේ පැත්ත ගනිද්දී මෛත්‍රීපාල අසරණ වෙයි. මෛත්‍රී, තිරු නඩේෂන් සමග හැප්පීමේ ප්‍රතිඵලය මහින්ද මෛත්‍රීගෙන් මහවැලි ඇමැති ධුරය ඉවත් කිරීමය. මේ සිත් වේදනාවෙන් මෛත්‍රිපාල රාජපක්ෂවරුන්ට එරෙහි සටනට දින ලකුණු කරද්දී තිරු නඩේෂන් කරළියට එන්නේ නිරූපමා සමග ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් මහින්ද වෙනුවෙන් පූජාවක් පවත්වද්දීය. යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවෙන් පැමිණෙන සංචාරකයන්ට තමිල්නාඩුවේ කරදර විඳින්න සිදුවන අතර, මහින්ද වෙනුවෙන් පූජා පවත්වන්න ගිය තිරුට සහ නිරූපමාටද තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගේ විරෝධයට මුහුණ දෙන්න සිදුවිය. තිරු ප්‍රකෝටිපතියෙක් වන්නේ මහින්දගේ මේ කාලයේය.

2005 සිට 2015 තෙක් තිරු, මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරන්නේ කෝවිල්වල පූජා පැවැත්වීමෙන් පමණක් නොව මහින්ද සහ එවකට විපක්ෂ නායක රනිල් අතර පණිවුඩ හුවමාරුවෙනි. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ 1994ට පෙර සිටම රනිල් සමග පැවැති මිත්‍රත්වයය. විකිලීක්ස් හෙළි කළ 2010 ජනාධිපතිවරණය කාලයේ රනිල් සහ රාජපක්ෂවරු හමුවන්නේද තිරු නඩේෂන්ගේ නිවෙසේය. රනිල්ගේ පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය ආරක්ෂා කරගන්න තිරු ලොකු සේවයක් කළ අයෙකි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වූ විට මහින්ද ජනාධිපති ධුරයෙන් ඉවත්වී මැදමුලනට යන සංක්‍රාන්ති ගනුදෙනුවට මහින්ද සහ රනිල් අතර පණිවුඩ ගෙන යන්නේත් තිරුය.

2015 මෛත්‍රී ජනාධිපති වූ විගස තිරු සහ රාජපක්ෂ පවුල අතර ගනුදෙනු හොයන්න ගන්නේ තිරුට පාඩමක් උගන්වන්නටය. මල්වානේ තිරු සහ බැසිල්ගේ මාලිගාව කරළියට එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. තිරු අත්අඩංගුවට පත්වී පසුව ඇප ලැබෙයි. ඒත් මල්වානේ පරීක්ෂණ මෙන්ම තිරුට එරෙහි පරීක්ෂණද යට යන්නේ ඇයිදැයි මෛත්‍රී සොයද්දී එම පරීක්ෂණ යට ගහන්නේ අගමැති රනිල් බව මෛත්‍රීට ඔත්තු සේවා හරහා වාර්තා වෙයි. රනිල් සහ රාජපක්ෂවරු අතර පණිවුඩ ගෙනයන්නේත් තිරු බව මෛත්‍රී දැනගනියි. තමා සහ රාජපක්ෂවරු අතර ගැටුම හදපු තම හතුරාව හුරතල් කරන්නේ රනිල් බව දැනගත් මෛත්‍රී, රනිල්ව ඉවර කරන්න තීරණය කරයි. යළි රාජපක්ෂලා හිස ඔසවන්නේ තිරු නඩේෂන්ට පින් සිදුවන්නටය.

මෙහෙම බලන කොට තිරු මහින්දගේ ඥාති සහ ගජ මිතුරකු වුණාට රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා වුණාට 2015 රාජපක්ෂ පවුල පරාජය වන්නේ ඔහු සහ මෛත්‍රිගේ ගැටුම නිසාය. තිරු, රනිල්ගේ ගජ මිතුරකු වුණාට 2019 රනිල් ඉවර වන්නේත් රනිල් තිරුට උදව් කරන්න ගිහින්ය. අද පැන්ඩෝරා පත්‍රිකා හරහා තිරු මුළු ලෝකයම කතාබහ කරන චරිතයක් බවට පත්වී තිබේ.

පැන්ඩෝරා කියන්නේ තොරණටය. තිරු හොඳ ලයිට්කාරයෙකි. බලන්න ඕනේ රාජපක්ෂලාගේ තොරණේ ලයිට් ඇදපු තිරුම ඒ ලයිට් නිවයිද කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවේ මිනිස්සු ගෝඨාභයට වඩා ඉම්රාන් ඛාන් ගැන කතා කරන්නේ ඇයි? (VIDEO)

Next Post

අනුරාධපුරයේ කොයිතරම් නියඟ තිබුණත් ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්සේ රහස…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.