කුළුබඩු සමග ආ අනතුර

කුරුඳු, ගම්මිරිස් ආදී මෙරට වැවෙන විශේෂ කුළුබඩු වර්ග සොයා අපරදිග ජාතීහු මෙරටට පැමිණීම නිසා ලංකාව තුළ අමුතු වර්ගයේ සබඳතා ඇතිවිය. මේ කාලයේ ප්‍රබල නාවික බලයක් සහිත පෘතුගීසීන් සමග සටන් කරන්නටද සිංහලයාට සිදුවිය. එහෙයින් සිංහලයෝ තමන්ට වැඩි ආරක්ෂාව සහිත කඳුකරයට වී ගිරිදුර්ගවල ආරක්ෂාව මැද සටන් කොට උඩරට රාජ්‍යය රැකගනිමින් ජීවත් වූහ.
ලන්දේසීන්ගේ බටහිර අධිකරණය

මෙරට කොටසක බලය අත්පත් කරගනිමින් ලන්දේසීන් විසින් ලංකාවේ බටහිර පන්නයේ අධිකරණ පද්ධතියක් ඇතිකරන ලදී. ඊට අමතරව ඔවුන්ගේ ව්‍යවහාරය සඳහා ලන්දේසි රෝම නීතිය යොදවන ලද අතර සිංහලයන්ගේ සිරිත් අනුව ඔවුන්ගේ නීතිද ක්‍රියාවේ යොදවන ලදී. මේ හේතුව නිසා මෙරටට සැලකිය යුතු තරමේ බලපෑමක් සහ මෙරට ජන සමාජය තුළ ප්‍රබල වෙනසක් සිදුවූ බවද පිළිගැනේ.
ලන්දේසීන්, ඉංග්‍රීසීන් හා දියුණුව

ඉංග්‍රීසීන් ලංකාවට පැමිණෙන විට ලංකාව තරමක් වෙනස්කම්වලට මුහුණපා තිබිණි. මේ අතරතුර ලන්දේසීන් හා සාමයෙන් වාසය කළ කාලය තුළ උඩරට රාජ්‍යයද තරමක් දියුණු විය. පිරිහී තිබුණු බෞද්ධ සංවිධාන සහ සාහිත්‍යයද කීර්ති ශ්‍රී රාජසිංහ රජු යටතේ දියුණුවී තිබිණි. එහෙත් 1796දී ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග වර්තමාන වෙනසට අවශ්‍ය මුල් අඩිතාලම වැටිණි.











