• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පහළ තේවා වැටට ද්‍රවිඩ ප්‍රහාරයක්…

September 26, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පහළ තේවා වැටට ද්‍රවිඩ ප්‍රහාරයක්…
Share on WhatsAppShare on Facebook

විවිධ යුගයන්හි නොයෙකුත් ආක්‍රමණයන්ට ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට ලංකාවට සිදුවූ අතර ඒ ඇතැම් ප්‍රහාරයන් ගැන හෙළි නොවූ තොරතුරු විශාලය. එවැනි අප්‍රකට ද්‍රවිඩ ප්‍රහාරයක් ගැන විශේෂ හෙළිදරව්වක් කරන්නට සමත් සුවිශේෂ සෙල්ලිපියක් පහළ හේවාහැට හේවාවිස්ස කෝරලයට අයත් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝපිටිය නම් ග්‍රාමයෙන් හමුවී තිබේ.

මෙම සෙල් ලිපිය හමුවී ඇත්තේ කුඹුරු අස්වැද්දීමකදී හෝ කුඹුරු යායට ජලය ගෙන යෑමට ඇළ මාර්ග සැකසීමේදී වන අතර, තරමක් කුඩා පිහිටි ගල් පුවරුවක අකුරු කොටවා ඇති මෙම සෙල් ලිපියේ කොටසක් කැඩීගොස් ඇතත්, එයින් වටිනා රහස් රැසක් හෙළිකෙරෙන බව හඳුනාගෙන තිබේ. එදා ගොවීන් විසින් සොයා ගැනුණු මේ ලියවිල්ල මෙරට විසූ සුවිශේෂ පඬිවරයකු වූ සෙනරත් පරණවිතාන සූරීන් පිටපත් කරගෙන ඔහු විසින් එංගලන්තයේදී ප්‍රකාශයට පත් කළ ‘ඉපිග්‍රැපියා සිලොනිකා’ නම් ග්‍රන්ථයේ දෙවැනි වෙළුමේ 190-192 පිටුවල මෙම සෙල්ලිපිය ගැන සඳහන් කර ඇත. එමෙන්ම වර්ෂ 1871දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ‘ලංකා ඉතිහාසය’ සිංහල පරිවර්තනයේ බෝපිටිය සෙල්ලිපිය ගැන සඳහන් වේ. එම තොරතුරු අනුව අප්‍රකට ද්‍රවිඩ ප්‍රහාරයක් ගැනද සඳහන් වේ. වර්ෂ 1197- 1200 අවධියේ ලීලාවතී රැජින පොළොන්නරුව රාජධානිය කරගනිමින් මේ ලක් දෙරණ පාලනය කළ අවධියයි. පසු කලෙක ලීලාවතී රැජින නෙරපා සහස්සමල්ල කුමරු රජවන අතර වර්ෂ 1202දී අයස්මන්ත සෙන්පති සහස්සමල්ල පරදවා නිස්සංකමල්ල රජුගේ දෙවැනි බිරිය වන කල්‍යාණවතී බිසවට රජ කිරුළ භාරදෙන ලදී. නිස්සංකමල්ල රජුගේ ලියවිලි අනුව කල්‍යාණවතී බිසව දෙවැනි බිරිය ලෙස සටහන් වුවද චූලවංශයට අනුව ඇය රජුගේ අගබිසව ලෙස සැලකේ. කෙසේ වෙතත් ඇය රජකම් කළේ වසර හයක් පමණි. ඇගේ සෙන්පති ලෙස කටයුතු කළ අයස්මන්ත ඇය පන්නා දමා 1208දී ධර්මාශෝක නම් තෙමසක් වයසැති කුමරකු පොළොන්නරුවේ රජකරවීමට කටයුතු කළේය. පසු කලෙක මේ අයස්මන්ත සෙන්පති ද්‍රවිඩ ප්‍රහාරයකින් මියගිය බව මහාවංශයේ මෙන්ම මිනිපේ පුවරු ලිපියෙන්ද පැහැදිලි වේ.

මිනිපේ ලිපියට අනුව කල්‍යාණවතී රැජිනගේ අටවැනි රාජ වර්ෂයේදී මෙය ලේඛනගත කර ඇති අතර රැජින ද්‍රවිඩයන්ගෙන් හා තම සෙන්පති වන අයස්මන්තගෙන් බේරීමට මිණිපේ ද්‍රෝණියට පැනවිත් තම ආරක්ෂාව සපයාගෙන ඇතත් පසුව ඉන්දිය මාඝ නම් ආක්‍රමණිකයාගේ ප්‍රහාර හමුවේ හොර රහසේම පසුබැස ගිරිදුර්ගවලින් ආරක්‍ෂිත බෝපිටිය ග්‍රාමයට පැමිණ තම ආරක්ෂාව තහවුරු කරගෙන ඇති බව මෙම සෙල්ලිපියෙන් හෙළිවන බවට සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතයට අනුව පැහැදිලි වෙයි.

ඇය විසින් මෙම ප්‍රදේශය අප්‍රකටව පාලනය කර ඇති අතර කෘෂිකර්මාන්තය හා බුදුදහම නඟාසිටුවීම උදෙසා විශාල සේවාවක් සිදුකර ඇති බවද මෙම සෙල්ලිපියෙන් හෙළිදරව් වී තිබේ. එහෙත් එතැනින් පසු කල්‍යාණවතී රැජිනට සිදුවූයේ කුමක්ද යන්න කිසිදු සඳහනක් සොයාගන්නට නොමැති අතර ඇය සිය ආරක්ෂාව පතා එතැනින් වෙනත් ප්‍රදේශයකට පලාගියා යැයි ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය.

එකල කල්‍යාණවතී රැජින අල්ලා ගන්නා අදහසින් සොලී සේනාවන් පහළ හේවාහැට වනසා දැමූ බවද පැවැසේ. එය මහා දැවැන්ත ප්‍රහාරයක් වූ බවත්, මේ ප්‍රහාරයෙන් හාගම භාවනා කැලේ වනවාසී බෞද්ධ ආරාමයක් සොලීන් විසින් වනසා දමා ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

හාරගම බල අමුණ විනාශ කිරීමෙන් භාවනාකැලේ විහාරයට කිරි ආහාර සැපයූ හාරගම කුඹුරු යාය පාළුවූ බවද පැවැසේ. දඹදෙණි යුගයේදී සමස්ත ලංකාවම මාඝ නම් සොලියාගෙන් බේරාගන්නට කටයුතු කළ දෙවැනි පරාක්‍රමබාහු රජු නැවත හේවාහැටට විත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කර හාරගම විහාරය පිළිසකර කරවා විහාර තනවා ඇති බව හඟුරන්කෙත විහාරය අසල ඇති හාරගම සෙල්ලිපියෙන් පැහැදිලි වෙයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ඔබටත් දරුපල අහිමිවෙලාද?

Next Post

මාතර දිස්ත්‍රික් රෝහලට SLT-MOBITEL වෙතින් PCR යන්ත්‍රයක්…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.