• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හරි සොකරි ළගදිම එනවා

October 24, 2019
in Heart
Reading Time: 1 min read
A A
හරි සොකරි ළගදිම එනවා
Share on WhatsAppShare on Facebook

සිය පරම්පරාවෙන් උරුම වූ සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාව වියැකී යන්නට නොදී ඊට නව පණක් ලබාදෙමින් ‘සොකරි’ ශාන්තිකර්මය යළිත් කරළියට ගෙන ඒමට සිහින දකිමින් සිටින අපූරු නිර්මාණ ශිල්පියෙක් පසුගියදා අපට හමුවුණා. ඔහු නමින් කාංචන තලාපත්වලයි.
ඔබ සොකරි ශාන්තිකර්මය සාම්ප්‍රදායික ක්‍රමයට නැවත ජනගත කිරීමට සූදානම් වන බව ආරංචියි. ඒ ගැන කතා කළොත්?
මගේ ගම් පළාත බදුල්ල. මගේ පියාත් පාරම්පරික සොකරි නාට්‍ය රඟපාපු රංගන ශිල්පියෙක්. මගේ තාත්තා සාමි ගුරු චරිතය ඒ කාලේ රඟපෑවා. ඉතින් මමත් තාත්තා සමඟ සොකරි නාට්‍ය රඟපෑවා. ඒ ලබපු අත්දැකීම් එක්ක පරම්පරාවෙන් පැවතගෙන ආපු අපේ සොකරි නාඩගම තාත්තට දැන් කරගෙන යන්න අපහසුයි. ඉතින් තාත්තගෙන් ලැබුණු ගරුහරුකම් මත ඔහුගේ එකම සිහිනය සැබෑ කරන්නයි මම නැවත සොකරි ශාන්තිකර්මය නිර්මාණය කිරීමට අදහස් කළේ.
විවිධ ප්‍රදේශවල සොකරි විවිධ විදියට නිර්මාණය කෙරෙනවා. කාංචන නිර්මාණය කිරීමට සැලසුම් කරන සොකරි කතාව මොන විදියටද දිගහැරෙන්නේ?
එක එක ගුරුකුල පරම්පරාවල සොකරි ශාන්තිකර්මයෙ වෙනස්කම් දැකගන්න ලැබෙනවා. අපේ පරම්පරාවෙන් සොකරි ශාන්තිකර්මය ගැන කියැවෙන්නේ කාසි රටෙන් මේ දේශයට එන සොකරි අම්මාට දරුපල බලාපොරොත්තුවෙන් කතරගම දෙවිඳුගේ ආශීර්වාද ලබාගන්නට ගිහින් එහිදී මුහුණ පාන ගැටලු සහ සිදුවීම් ගැනයි.
ඇත්තමට කාංචන ඔබ මේ තරම් අගය කරන සොකරි ගැන විස්තරාත්මකව පැවසුවොත්?
සොකරි ගැන අද පරම්පරාවෙන් ඇහුවොත් ඔවුන් දන්නේ සොකරි කියන නම විතරයි. ලංකාවේ පළමු ගැමි නාටකය ලෙස සොකරි හඳුන්වන්න පුළුවන්. සොකරි ගමේ කමතෙදි පවත්වන ශාන්තිකර්මයක්. කරළියට ආවම නාඩගමක්. වේදිකාවට ආවම නාට්‍යයක්. ඉතින් මට අවශ්‍ය මේ සොකරි නැවත අතීතයට ගෙනයන්න. ඒක අමාරු වැඩක්. නමුත් අපි ඒක කරනවා.
කාංචන සොකරි ශාන්තිකර්මය එළිදැක්වීමත් එක්ක පසුකාලීනව විවිධ අයගෙන් විවිධ මතභේද වගේම ප්‍රශ්න ඇතිවීමටත් පුළුවන්?
මමත් එහෙම හිතනවා. ඵල තියෙන ගහට නේ ගල් ගහන්නේ. ඉතින් මම කරන්නේ වැරැදි දෙයක් නෙවෙයි. මගේ පරම්පරාවෙන් පැවැතගෙන ආපු දේ මතු පරපුරට දැකබලා රසවින්දනයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නොවන විදියට මගේ දක්ෂතාව උපරිම ප්‍රයෝජනයට ගෙන සොකරි ශාන්තිකර්මය ඉදිරියේදී එළිදක්වනවා.
කොයි කාලයෙදිද අපට සොකරි දැකබලා ගන්න ලැබෙන්නේ?
මේ වෙනකොටත් දක්ෂ ශිල්පීන් 15 දෙනකු විතර සම්බන්ධ කරගෙන පුහුණුවීම් කටයුතු සිදුකරනවා. ලබන වසරේ මුල සොකරි ශාන්තිකර්මය පොළොන්නරුවෙදි ජනගත කිරීමට සැලසුම් කරගෙන යනවා.
මෙහි විශේෂත්වයක් වන්නේ සොකරි ශාන්තිකර්මය නොමිලේ රසවිඳින්න පුළුවන් සුවිශේෂ නිර්මාණයක්. ඉතින් අපි සෑම ගමකටම සොකරි ගෙන යන්න සූදානම්.
මෙවැනි කැපකිරීමක් කරමින් සොකරි හැඩගන්වන ඔබට ශක්තියක් වන පිරිස සඳහන් කළොත්?
මම මෙහි සාමි ගුරු ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. දිල්ෂාන් ගුණසේකර සොකරි අම්මා ලෙසත් හෂිල මෙනුල කාලි අම්මා ලෙසත්, ඉසුර දිසානායක පච්ච මිරා ලෙසත්, බොනි හර්ෂ වෙද මහතා ලෙසත්, සමීර ලක්ෂණ නැන්දම්මාගේ චරිතයටත් පණ දෙනවා.
රවිඳු ලක්ෂණ සොක්කාන ලෙසත්, පවිත්‍ර රන්දිනු හීන් ළමයා ලෙසත්, ලහිරු සම්පත් ඒ රට අයියා ලෙසත්, සාගර ලක්ෂණ මේ රට අයියා ලෙසත්, සපුමාල් සහ කසුන් කවිෂ්ක කවි ගායනාවෙන් සහ අමිල නිලවීර වඩුවාගේ චරිතය තුළින්ද ඔබට දැකබලා ගන්න ලැබේවි.
ඒ වගේම මගේ පවුලේ සියලුම දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ප්‍රවීණ ගී පද රචක, ගායක සමන් ලෙනින් අයියා මට ලොකු ශක්තියක් වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සියපත ෆිනෑන්ස් පීඑල්සී යාපනයට

Next Post

පොහොට්ටුවට එන එජාප ප්‍රබලයා ගැන මහින්දගෙන් මහනුවරදී ඉගියක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.