එක්සත් ජාතික පක්ෂ නායකයාට සමීප ප්‍රබලයකු පොහොට්ටුවට එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කොට ඇත.
මල්වතු – අස්ගිරි නායක හිමිවරුන් මුණගැසීමට මහනුවරට ගිය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
දැනටමත් වසන්ත සේනානායක මහතාගේ බාගයක් ගෝඨාභයට පැමිණ ඇති බව එහිදී සදහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා හෙට අනිද්දාම සිතාගැනීමටවත් නොහැකි එජාප ප්‍රබලයකු (නමද සදහන් කර ඇත) පොහොට්ටුවට එක් වනු ඇති බවද සදහන් කර තිබේ.