• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිරිපා බිමේදී කවුද මේ අමුත්තා…

September 19, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිරිපා බිමේදී කවුද මේ අමුත්තා…
Share on WhatsAppShare on Facebook

කළගුණය අද වෙද්දී බොහෝ මිනිසුන් අතර දක්නට නොලැබෙන දෙයක්. කොයි තරම් හොඳ දෙයක් කළත් හොඳක් නොකියන මිනිසුන් වැහිවැහැලා. උදව්වක් උපකාරයක් කළ කෙනාට හතුරුකම් කරන, මනුස්සයාටම වළ කපන පිරිස් වැඩි වෙලා. කළගුණ අමතක කරලා තමන්ගෙ වාසියම සිතන පිරිස දෙගුණ තෙගුණ වෙලා. හැබැයි මිනිසා මෙහෙම අකාරුණික වෙද්දී අධර්මිෂ්ඨ වෙද්දී කළගුණයවත් නොහඳුනන්නන් වෙද්දී මේ අපූරු ගුණාංගය සත්ව සමාජය තුළ හරි අපූරුවට වැඩි වෙමින් පවතින ආකාරය දවසින් දවස වාර්තා වන කතා පුවත් ඇසුරෙන් පැහැදිලි වෙනවා.

තමන්ට කළ උදව්ව දවසින් දෙකෙන් අමතක කරන මිනිසුන් අතර, කළ උපකාරයට ජීවිත කාලයම කෘතගුණ සලකන සතුන් පිළිබඳ ඕනෑ තරම් වර්තමානයේ දැකගත හැකි වෙනවා. එවැනි හරි අපූරු කතාවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබුණා. අවාර සමයේ සිරිපා වන්දනාවට ගිය තරුණයකු විඳි ඒ අපූරු අත්දැකීම ‘අවාරේ ආදරේ’ නමින් නම්කර වචනවලට පෙරළා තිබුණේ මෙලෙසිනි.

මම හැමදාම වගේ සිරිපා කරුණා කළේ අවාරෙදි. ගිය අවුරුද්දෙත් මේ කාලෙදි මම තනිව සිරිපා තරණය කරමින් හිටියා. ඒ හැටන් පාරෙන්.

ඩෙල් හවුස් පාලම පහුකරලා ටිකක් ඉදිරියට යද්දි පාර අයිනෙ තිබුණු පාළුවට ගිය වෙන්දේසි කඩේක කඩපිලේ ඉන්නවා දැක්කා බලු පවුලක්. අම්මයි, පැටව් තුන්දෙනකුයි. එයාලගෙ යාළුවො, නෑයො කියලා හිතන්න පුළුවන් විදිහෙ දඩෝරියො කීප දෙනෙකුත් ඒ අසලම වගේ ගුළිවෙලා නිදාගෙන හිටියා.

මම සාමාන්‍යයෙන් ගමනක් යද්දි, පාරෙදි හමුවෙන මේ වගේ සුනඛ සුරතලුන්ට පොඩි සංග්‍රහයක් පවත්වනවා. ඉතින් මේ අයටත් මම විස්කෝතු, බනිස් වගේ දේවලින් සංග්‍රහයක් කළා. එයාලා ඒවා සතුටින් භුක්ති විඳින හැටි බලලා මම මගේ ගමන යන්න පිටත් වුණා.

ටික දුරක් ඉදිරියට ගිහින් සද්දයක් ඇහිලා මම හැරිලා බලද්දි අතන හිටපු පොඩී බලු පැටියෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත්. මට දෙලෝ රත් වුණා. ඒ වෙද්දිත් මම කිලෝමීටර් බාගයක් විතර ඇවිත්.

ලොකු බල්ලෙක් නම් මේ ගමන මා එක්ක ගියාට කමක් නෑ. එයාලට මේ පාර හුරුයි. ගමනත් හුරුයි. ඒත් මේ මාස දෙකක විතර බට්ටෙක් මේ ගමනට සුදුසු නෑ කියලයි මම හිතුවෙ.

මම කවදාවත් අසරණ සතකුට ගල් කැටයක්වත් විසිකරන කෙනෙක් නෙවෙයි. ඒක මහා පව්කාර වැඩක් කියලයි මම හිතන්නෙ. කාත් කවුරුත් නැති අසරණයොනෙ. පව්…

ඉතිං මම මේ පැටියව බයකරලා, අප්පුඩි ගහලා, කලබල කරලා එයාගෙ අම්මා ළඟට එළවන්න උත්සාහ කළත් එයා ඒකට කැමැති නැති පාටයි. එතකොට බිම වැතිරිලා කකුල් හතර උඩට උස්ස ගන්නවා. දුකේ බෑ.

මම තීරණයක් ගත්තා. ‘හරි. ඔයාට දැන් යන්නනෙ ඕනෙ. යමු. ඔයාට බැරි වුණොත් මම ඔයාව උස්සන් හරි එන්නම්. ගැටලුවක් නෑ. යමු පැටියෝ…’ කියලා එයාට කිව්වම, මගේ වචන තේරුණා වගේ බොහොම උද්‍යෝගයෙන් යන්න ඉස්සර වුණා. අවදානමක් තිබ්බත්, මගේ තනියට තව යාළුවෙක් මුණගැසීම පිළිබඳ මගේ හිතේ සතුටක් තිබ්බා.

මේකා, මම හිතපු තරම් පොඩිත් නෑ බලද්දි. වැඩවලින් නම් ලොකුයි. බොහොම වේගෙන් පැනගෙන පැනගෙන පඩි නැගගෙන යනවා. ගිහින්, උඩ පඩියකට වෙලා මම එනකල් බලා ඉන්නවා. හරියටම නිකන්, ‘ආපෝ… මොකද්ද අනේ, අඩිය ඉක්මන් කරලා එන්නකො…’ කියලා මට කියනවා වගේ. මම බෑග් එකත් උස්සගෙන හෙමීට හෙමීට එතැනට කිට්ටු කරද්දි එයා ආයෙත් වේගෙන් ඉහළට යනවා.

තවත් වෙලාවක මේකෙ අනිත් පැත්ත. මේ හාදයා බිම තියෙන හැම දේම සෝදිසි කරලා, ඉව කරලා, පරීක්ෂණ පවත්වලා එනකල් මට රැඳී ඉන්න සිද්ධ වුණා. හැබැයි සුන්දර අත්දැකීමක් ඒකත්.

සාමාන්‍යයෙන් වන්දනා නඩයක් යද්දිත් එහෙමනෙ. මුලින් ගිය අය, අනිත් අය එනකල් බලන් ඉන්නවා. ඉතිං අපි දෙන්නගෙ කුඩා නඩයටත් මේ සිද්ධිය අදාළයි.
කෙසේ හෝ මේ අපූරු යාළුවා මළුවට යනකල්ම මා එක්ක ගියා. මම, ගේට්ටුවට එළියෙන් ඉඳන් වැඳලා එනකල් මෙයත් ඒ ළඟ නිදාගෙන හිටියා.

ඊට පස්සෙ, මා එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. ගමන පුරාම මම එයාට විවිධ කෑම ජාති දුන්නා. දොළ පාරවල්වලින් වතුරත් බිව්වා.

ගමන නිමා කරමින් ඩෙල් හවුස් පාලම කිට්ටුව එයාලගෙ නවාතැනට ආවම එයාගෙ අම්මා ළඟ එයා නතර වුණා. මම ආයෙත් පාරක් ඒ හැමෝටම කෑම ජාති දීලා සමුඅරන් කොළඹ එන්න පිටත් වුණා.

ඉතින්, ඔයාලටත් මේ වගේ අවංක, ආදරණීය යාළුවො ඕනෙ තරම් හමුවෙලා ඇති සිරීපාදෙ යද්දි. පුළුවන් අය එයාලගෙ පින්තූර දාන්න. ඒ වගේම, ආයෙ යද්දි මේ අය වෙනුවෙන් කෑමට යමක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. ආදරෙන් වචනයක් කතා කරන්න. එයාලට ඒක මහමෙරක් තරම් දැනේවි…

සම්බුදු සරණයි…

SendShareShare
Previous Post

දෙවියන් සිටින තැන දන්නවාද?

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනු! ඉතාලියෙන් පසු ප්‍රංශයේ ලාංකිකයනුත් වීදි බහී! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.