• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ කේන්දරේ ඔබ නොදන්න කතාව…

September 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ඔබේ කේන්දරේ ඔබ නොදන්න කතාව…
Share on WhatsAppShare on Facebook

කේන්දර ගැන දැනගෙන හිටියට ඔබ එහි කොටු දොළහෙ තිබෙන බලය දැනගෙන හිටියෙ නෑ නේද? මේ තියෙන්නෙ ඒ ඒ කොටුවලට අදාළව කේන්දරේ ඔබට බලපාන විදියයි.

  1. භාවකාරකක්වය ලග්න භාවය
    ජීවිතය, ශරීරය, ශරීර සෞඛ්‍යය, කායික පෙනුම, තරාතිරම, හිස, මුහුණ, ගුණධර්ම, පෞරුෂය, ගෞරවය, ජන්ම පත්‍රයේ ශක්තිමත් බව, ආත්මය, කීර්තිය, දැනුම, මොළය, නළල, රවිකාරක වේ.
  2. ධන ස්ථානය
    පොහොසත්කම්, බැංකුවල මුදල්, ආහාර, දකුණු ඇස, පවුල, කතාව, ඉවසීම, ලාභ, නියපොතු, කම්මුල, නිකට, දිව, උරුමයෙන් ලැබෙන දේ, අධ්‍යාපනය, කථිකත්වය, ජීවිතය පවත්වාගෙන යෑමේ ශක්තිය, උගුර, කන්, කට, ගුරුකාරක වේ.
  3. වික්‍රම ස්ථානය
    නුවණ, ලිපි ගනුදෙනු, කෙටි ගමන්, තැපැල්, දුරකතන, සන්නිවේදන, කටකතා, හැකියාව, සහෝදරයන්, ධෛර්යය, කුඩා වාහන, බලය, පරාක්‍රමභාවය, ශිල්ප, ජීවිතය ගෙන යෑමේ ශක්තිය, බාහු සහ අත දරන්නා වූ කරුණු, පෙනහලු, කුජකාරක වේ.
  4. මාතෘ ස්ථානය
    නිවාස, ඉඩම්, මව, රථවාහන, ධන සම්පත්, කුලියට, බද්දට දීම හෝ ගැනීම, ගෘහ ජීවිතය, උරුමය, පදිංචිය, සිතේ සැනසීම, ලේ ඥාතීන්, චරිතය, ගෘහ නිර්මාණ ශිල්පිය, අධ්‍යාපනයට නැඹුරුතා, නව නිවෙසක පදිංචි වීම, සොර බඩු සඟවා තබන ස්ථානය, තෘෂ්ණාව මැඬපැවැත්වීමේ හැකියාව, ප්‍රාථමික ඉගෙනීම, පපුව, හෘදය, සඳුකාරක වේ.
  5. පුත්‍ර ස්ථානය
    දරුවන් පිළිසිඳගැනීම, ගබ්සා වීම, අධ්‍යාපනය, ආදර සබඳතා, ක්‍රීඩා, කලා නිපුණත්වය, විනෝද කටයුතු, නිර්මාණ, ව්‍යාපාර කොටස්, සූදුව, පරතෙරට ඉගෙනීම, මන්ත්‍ර, ශිෂ්‍යත්ව, තානාපතිවරුන්, ඇමැතිවරු, නාභියෙන් ඉහළ, පපුවෙන් පහළ, ගුරුකාරක වේ.
  6. සතුරු ස්ථානය
    සතුරන්, රෝග, මෙහෙකරුවන්, මාමාවරු, කුලී නිවැසියන්, සොර බිය, අසනීප පැවැතීම හෝ සුවවීම, ණය දීම හෝ ගැනීම, සුරතල් සතුන්, දුක්වීම, යමක් භාරගැනීමේදී ඇතිවන බාධා, ලෙඩුන්ට උපස්ථාන කිරීම, සැරව සහිත ගෙඩි, අයුතු චෝදනා, වෛර කිරීම, විෂ, බඩේ අමාරු, ඉගෙනී මඳ බව, බලාපොරොත්තු කඩවීම, ශ්‍රමය, යටි බඩ, ගර්භාෂය, ශනිකාරක වේ. (සතුරන් වනුයේ අප සිත තුළ පවත්නා ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මත්වීම, කාමය, ලෝභය, මෝහය.)
  7. කලත්‍ර ස්ථානය
    විවාහය, සැමියා, බිරිය, ගිවිසුම්, හවුල්කරුවන්, නඩුවලට සම්බන්ධ වීම, නඩුකීම, මිලට ගැනීම, විකිණීම, ශුක්‍ර ධාතුව, විදේශ රටවල්, පදිංචිය වෙනස් වීම, තෘෂ්ණාව, ආත්මාර්ථකාමිත්වය, සැපසම්පත්, තාඩන පීඩන, තුනටිය, වකුගඩු, කාම ශක්තිය, සිකුරුකාරක වේ.
  8. ආයුෂ ස්ථානය
    අඳුරු බව, විනාශය, දීර්ඝායුෂ, මානසික වේදනා, ශෝක වීම, බාධා, අවහිර, අන්තිම කැමැති පත්‍ර, දෑවැද්ද, ලක්ෂණය, කතාව ගොතගැසීම, මැරණු අයගේ උරුමයන්, උපයා නොගත් ධනය, අවමානය, කළ පව්, රාජ දඬුවම්, ධන හානි, අවාසනාවන්ත සිදුවීම්, නපුරු ක්‍රියාවල නිරත වීම, ආශාව, හිසගසා දැමීම, අත් පා කැපීම, අනතුරු, කල් පවත්නා රෝග, සියදිවි නසාගැනීම, දියේ ගිලී මරණය, පූර්ව භවයන්හි කරන ලද අකුසල්, ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය, රහස් ප්‍රදේශය, මුත්‍රාශය, මළ මාර්ගය, ශනිකාරක වේ.
  9. ධර්ම ස්ථානය
    ආගම දහම, වාසනාව, සමෘද්ධිය, ඉගෙනීමට දරන උත්සාහය, සංචාර, පියා, දීර්ඝ ගමන්, දර්ශනවාදය, විදේශ රටවල කරන ගුවන් ගමන්, නීතිය, ආගමික ස්ථාන, පොත්පත් ප්‍රකාශනය, ධාර්මික මිනිසුන් ඇසුර, උසස් අධ්‍යාපනය, පෙර භවයන්හි කරන ලද කුසල්, කළවා ප්‍රදේශය, ගුරුකාරක වේ.
  10. කර්ම ස්ථානය
    ගෞරවය, ප්‍රසිද්ධිය, සම්මාන, රජයේ වෘත්තිය, රජය, නිලය, බලය, පිළිගැනීම, ජනප්‍රියත්වය, රාජ්‍ය අනුග්‍රහය, වෛද්‍යවරයා, දණහිස්, ඇට, රැකියාව, දියුණුව, බුධ-ගුරු-ශනි-රවිකාරක වේ.
  11. අය ස්ථානය
    මිත්‍රයන්, බලාපොරොත්තු, සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්, ලාභ, පොදු සේවා, අසනීපයෙන් සුවය ලැබීම, වාසනාව උදාවීම, අහිමි වී ගිය ධනය, වැඩිමහල් සොහොයුරන්, කර්මයන් ගෙවා ලබාගත් දෙය, කෙන්ඩා, නහර, වළලුකර, ගුරුකාරක වේ.
  12. වැය ස්ථානය
    දෙපා, සතුරන්ට බියවීම, සතුරන්, මෝක්ෂය, වම් ඇස, රැකියාව, අවසන් කිරීම, චිත්ත පීඩා, ණයවලින් මිදීම, නින්දට බාධා, ප්‍රීතිය අහිමි වීම, ශරීරය තුවාල වීම, අංගවිකල බව, හිංසාවලට ලක්වීම, සීමාකිරීම, පණිවුඩ හුවමාරුවට ඇති බාධා, භාවනා ක්‍රම පුරුදු වීම, යාඤා කිරීම, වංචාව, සැකය, ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීම, රෝල්ගත වීම, පදිංචි ස්ථානයෙන් වෙනත් තැනකට යෑම, බන්ධනාගාරගත වීම, බැඳීම් අතහැරීම, දෙවියන් අවබෝධ කරගැනීම, මමත්වය දුරුකිරීම, යටිපතුල, සෙනසුරුකාරක වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

මල්වර නැකත දන්නවානම් මෙන්න අනාවැකි…

Next Post

CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි! (VIDEO)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.