ජීවිතයේ දෙවැනි උපත වන විවාහය කනවැන්දුම් තත්ත්වයට පත්වන්නේ නම් එයට ඍජුවම කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව සිදුවෙයි. අපි කතා කරන්නට සූදානම් වන්නේ බිරියක් සහ වැන්දඹු වන ග්‍රහ පිහිටීම කවරේද යන්නයි. මෙම කනවැන්දුම් යෝග ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයටම පොදුය. පිරිමියකු කනවැන්දුම් වීම පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ වැන්දඹු බව අමතක කර නැවත විවාහයක් කරගැනීමේ අවස්ථා වැඩි නිසාය. දූදරුවන් සමඟ වැන්දඹු වන කාන්තාව අසරණ බවටද පත්වන්නීය. වැන්දඹු කාන්තාවක් සමඟ විවාහ වීමට සමහර පිරිමි අකැමැතිය. ජ්‍යොතිෂ විද්‍යාත්මක කරුණු මත මෙවැනි වැන්දඹු කනවැන්දුම් යෝග තිබෙන දෙපක්‍ෂයටම ගුප්ත විද්‍යාත්මක ක්‍රමවේද හරහා යම් යම් යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම් සහ ශාන්තිකර්ම තිබෙන බැව් සනිටුහන් කර සිටිමු.
ජ්‍යොතිෂ පැතිකඩ අනුව බලන විට ශනි 7 සිට අනෙක් පාපීන්ට පෙනීමද හත් වැන්නේ සිටින ශනිට මේෂ, කටක, වෘශ්චික නවාංශකය සටීමද, ශනි ග්‍රහයා 7 වැන්නෙහි කුජ ග්‍රහයාට පෙනීමද වැන්දඹු බවට පත්වන ග්‍රහයෝගයකි.
සිකුරු ග්‍රහයා නීචව සිටින ස්ත්‍රියට හෝ පුරුෂයාට රහස් සබඳතා තිබිය හැකිය.
7 වැන්නේ කුජ නීචව සිටින කේන්දරය හිමි ස්ත්‍රිය කනවැන්දුම් වීමෙන් පසුව අනාචාරයේ යෙදෙයි.
7 වැන්නේ සිටින ශනිට සතුරු ග්‍රහයන් පෙනීම හරහා වැන්දඹු බවට පත්වෙයි.
8 වැන්නේ ශනි නරකව දුෂ්ටි සහිත වී නම් වැන්දඹු තත්ත්වයට පත්වන්නීය.
පාපීන් ලග්නය 7 වැන්න සහ භාවවල සිටින විට වැන්දඹු වීමට ඉඩ ඇත.
කේන්දරයේ 7 – 8 භාවාධිපතියෝ ඒ අයස්ථාන මාරු කරගෙන සිටීමෙන් වැන්දඹු වෙයි.
කේන්දරයේ කාලසර්ප යෝගයෙන් හෝ විෂ යෝගයෙන් හෝ උපත ලැබීමෙන් වැන්දඹුවෙයි.
වැන්දඹු වූවන් දෙවැනි විවාහය අතිශයින්ම සාර්ථක කරගැනීමට හැකි වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ ග්‍රහ බලය ගැළපීම් මතය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











