• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

තාමත් මිනිස්සු ඉන්න අස්මඩලේ ලෙන්

October 23, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
තාමත් මිනිස්සු ඉන්න අස්මඩලේ ලෙන්
Share on WhatsAppShare on Facebook

කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති කඳු හෙල්වලින් පිරුණු පළාතක් තමයි අස්මඩල කියන්නේ. ගම පසුබිමෙන් දකින්න තියෙන්නෙ ඌරාකන්ද හා වාකිරිගල කඳු පර්වත. ගහකොළවලින් ගැවසී ගත් තුරු ගොමුවලින් හා කුඹුරු යායන්ගෙන් පිරුණු මේ ගම්මානය අදත් ඉතා සශ්‍රීක බවක් පෙන්වනවා. අස්මඩල කියන නම හැදුණු හැටි ගැන කියැවෙන ජනප්‍රවාදය ප්‍රාග් ඓතිහාසික යුගයට සම්බන්ධයි. රාවණා රජ්ජුරුවො දඩයමේ යන අතරෙ දැවැන්ත ඌරෙක් දැකලා තියෙනවා. රජ්ජුරුවො විදින්න දුනු සකස් කරන ශබ්දයෙන් බියවුණු ඌරා රජතුමාගේ පරිවාර යක්ෂයෙක් ළඟින්ම පැනලා දිව්වලු. තමන්ගෙ ළඟින්ම පැනලා ගියත් සැලකිල්ලක් නොදක්වාම ඒ දිහාව බලාගෙන හිටිය යක්ෂයා දැකපු රජතුමා කෝපයට පත්වෙලා හීයක් අරගෙන ඔහුටත් විදලා තියෙනවා. යක්ෂයා ලේ පෙරාගෙනම මඩ ගොහොරුවකට ඇදවැටුණලු- එතැන ලෙයින් තෙත්වෙලා අස්සක් මුල්ලක් නෑරම ලේ ගලාගෙන ගිය හින්දා ‘අස් මඩ ලේ’ වෙලා පස්සෙ ‘අස්මඩල’ යන නමින් හඳුන්වපු බවයි ජනප්‍රවාදය. රාවණා රජ්ජුරුවොත් යක්ෂ ගෝත්‍රයේ හින්දා ඔහුගේ සේනාවේ සෙසු අයත් යක්ෂයන් විදියට හඳුන්වලා තියෙන බවයි පෙනෙන්නෙ.
පස්සෙ කාලෙදි මලය දේශයට ආරක්ෂාව සොයාගෙන ආපු රජවරු මේ ප්‍රදේශයේ සැඟවිලා සේනා සංවිධාන කරලා තියෙනවා. ඒ විදියට ‘රණතුරඟුන්’ ඒ කියන්නෙ අශ්වයන් පුහුණු කරපු ප්‍රදේශය පස්සෙ ‘අස්මඩල’ වුණු බවයි තවත් ජනප්‍රවාදයක කියැවෙන්නෙ. ජනප්‍රවාදගත තොරතුරු වාගෙම පස්සෙ කාලෙ අධ්‍යයන මගින් සොයාගත් තොරතුරුවලට අනුවත් මේ ප්‍රදේශය අතීතයේ ඉඳන්ම මානව වාසභූමි විදියට තිබිලා තියෙනවා-

අස්මඩලට මාවනැල්ලෙ ඉඳලා කිලෝමීටර් 15ක විතර දුරක් තියෙනවා. මාවනැල්ල – අරණායක පාරෙදි මුණගැහෙන උස්සාපිටිය මංසන්ධියෙන් හැරිලා ගල්අතර හරහා අස්මඩලට යන්න පුළුවන්- එහෙමත් නැත්නම් කෑගල්ල- බුලත්කොහුපිටිය පාරෙන් ඇවිත් හෙට්ටිමුල්ල ගම්සභා හන්දියෙන් හැරිලා දීවෙල හරහා එන්න ඕනෑ- ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයින් ජීවත්වුණු ගල් ලෙන් කිහිපයක් වගේම ඔවුන්ගේ සුසානයක් පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් දැනට අවුරුදු කිහිපයකට කලින් අස්මඩලෙන් සොයාගත්තා- ඒ ගල් ලෙන් සහ සුසානය සොයාගෙනයි අද අපි මේ යන්නේ.

අස්මඩලේ පුරාණ අම්බලම ළඟින් ගම්මානය හරහා ඉහළට ඇදෙන තරමක් කඳු සහිත පාරක ටික දුරක් යද්දි අස්මඩල පුරාණ විහාරය හමුවෙනවා. එතැනින් ඉහළ ප්‍රදේශයේ ඌරාකන්ද බෑවුමේ තමයි අපි හොයාගෙන යන ගල් ලෙන් බොහොමයක් පිහිටලා තියෙන්නෙ- කඳු බෑවුමට ටිකක් පහළින් තියෙන එක් ගල් ලෙනක මෑතක් වෙනකල්ම පවුලක් පදිංචි වෙලා හිටිය බව දැනගන්න ලැබුණු හින්දා අපි මුලින්ම ගියේ ඒ ලෙන හොයාගෙන- ඒ ලෙනේ පදිංචි වෙලා හිටිය ප්‍රේමතිලක මහත්මයා අතරමඟදිම මුණගැහුණු හින්දා ඔහුගෙන් තොරතුරු දැනගන්න අපට පුළුවන් වුණා-

“පුරාවිද්‍යා එකෙන් මාස තුන හතරකට වතාවක් ආවා- දිගටම ආරක්ෂා කරන්නයි කීවෙ- උඩහ ලෙන්වලත් කට්ටිය හිටියනේ- වගකිවයුතු කට්ටිය ඇවිත් ලෙන්වල හිටපු සේරටම යන්න කීවා- ඒත් එකපාරටම යන්ට බෑනෙ. ගෙවල් හදාගන්නකල් අපි මේ ලෙනේම හිටියා. ලෙනේ තියෙන සෙල්ලිපියට දුම නොවදින විදියට උයන්ට ඉන්ට කන්ට පුළුවන් කීවා- ඒ හින්දා අපි ලෙනට පිටින් ලිපක් හදාගත්තා- මීට අවුරුදු ගානකට කලින් තමයි නිලධාරි මහත්තුරු ඇවිත් ලෙන්වලින් යන්ට කීවේ-” ඔහු කිව්වේ ඒ විදියට.

ඉන් පස්සෙ අපි ගියේ ඒ ලෙන බලන්න. ලෙන වටකරලා හදාගත්තු බිත්ති ඒ වෙනකොටත් අයින් කරලා තිබුණේ නැහැ. ලෙන ඇතුළෙ කාමර වෙන්කරලා වෙනම කුස්සියක් හදලා අපූරුවට ලෙන ප්‍රයෝජනයට අරන් තිබුණා. ලෙන් පියස්සේ ඉතාමත් අපැහැදිලි තත්ත්වයෙන් තියෙන සෙල්ලිපියත් දැකගන්න ලැබුණා- පස්සෙ පොතපතෙන් තොරතුරු හොයද්දි ඒ ලිපියේ තේරුම විදියට සඳහන් වෙලා තිබුණෙ ‘ශූම තෙරහෙ ලෙණෙ’ කියලයි- කවුරුන් හෝ ප්‍රධානියෙක් ශූම නමැති තෙරුන් වහන්සේට මේ ලෙන අතීත කාලෙදි පූජා කරලා තියෙන බවයි එයින් අදහස් කෙරුණෙ- ප්‍රාග් මානවයා ජීවත් වුණාට පස්සෙ කාලයේ ලෙන සංඝයා වහන්සේලාට පූජා කරපු බව තමයි එයින් පෙනෙන්නෙ-

අනෙක් ගල් ලෙන් බලන්න නම් ගම්මානය හරහා තවත් ඉහළට යන්න වෙනවා- තොරතුරු නොදැන ගිහින් මේ ලෙන් සොයාගැනීම හරිම අපහසුයි- ඒ වගේම සමහර ලෙන් පිහිටලා තියෙන්නෙ පෞද්ගලික ඉඩම්වල- ඒ හින්දා ගමේ හමුවෙන දන්න කියන අයගෙන් අහලා බලලා යන එක වඩාත් හොඳ බව මතක් කරන්න ඕනෑ- ගෙවල් කිට්ටුවට වෙන්න පිහිටා තියෙන සමහර ලෙන් අදටත් නොයෙක් විදියට ප්‍රයෝජනයට අරන් තියෙන බවයි අපට දැකගන්න ලැබුණෙ-
ගෙවල් පහුකරගෙන තවත් ඉහළට යද්දි එක තැනකදි පාරෙ වම් පැත්තෙන් දකින්න තියෙනවා තරමක් විශාල ගල් පර්වතයක්- එතැන තියෙන තවත් ගල් කුළක් අතරින් තියෙන කපොල්ලකින් පර්වතයේ අනෙක් පැත්තට ගියාම දැකගන්න ලැබෙන්නෙ ගල්කුළුවලින් පිරුණු භූමියක්. එතැන තියෙන සමහර ලෙන් හැදිලා තියෙන්නෙ මුදුනින් පිහිටා තියෙන ගල් පියැස්සකින්- කෙළවරේ දැකපු ඒ වගේ එක ලෙනකට දකුණු පැත්තෙන් තියෙන ගල් පව්වේ තරමක දිග සෙල්ලිපියක් දකින්න පුළුවන්- එයින් කියැවෙන්න මොකක්ද කියල නම් හොයාගන්න පුළුවන් වුණේ නැහැ.
මේ ලෙන් ළඟින් ආයෙත් පාරට ඇවිත් ටික දුරක් යද්දි දකුණු පැත්තෙන් දකින්න තියෙනවා කරාබු වගාකරපු ඉඩමක්. ඒ මැදින් තරමක් ඉහළට ගියාට පස්සේ අපූරු පිහිටීමක් සහිත තවත් අපූරු ගල් ලෙනකුයි දකින්න ලැබුණෙ- ලෙන ඇතුළෙ ගල් තලාව මැද නෙළපු පුංචි සිරිපතුලක් දැකගන්න ලැබෙනවා- කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති වරකාපොළ දොරවක ලෙනේ තියෙන ආදි මානව සිතුවම්වල රේඛා චිත්‍රවලට සමාන හැඩතල මේ ගල්තලාවෙ කොටලා තියෙනවා දැකගන්න ලැබීමත් විශේෂත්වයක්-

අස්මඩල අවට ප්‍රදේශයේ ආදි මානව ජනාවාස තිබුණු බවත්, ඒ කාලෙදි ඌරාකන්ද අවට ලෙන්වල මේ මානවයන් ජීවත්වෙලා තියෙන බවටත් හඳුනාගත්තු පුරාවිද්‍යාත්මක සොයාගැනීමට තවත් වටිනා සාක්ෂියක් ලැබුණෙ මේ කිට්ටුවෙන්ම පිහිටා තියෙන වත්තේගෙදර කියන ගමෙන්- පුරාවිද්‍යා ගවේෂණවලින් අවුරුදු 3,000ක් විතර පැරැණි සුසානයක් ඒ ගමෙන් හොයාගත්තා. මැරුණු තැනැත්තාගේ භෂ්මාවශේෂ වගේම වෙනත් දේවල් කුඩා මුට්ටියකට දමලා වළක් කපලා තැන්පත් කරලා ගල් පතුරකින් වහලා ඒ සොහොන් නිර්මාණය කරලා තියෙන බවයි සොයාගැනුණෙ- මේ සොහොන් භූමියෙන් හමුවුණු අවශේෂ දේ වැඩිදුර පර්යේෂණ සඳහා රැගෙන ගිය බව දැනගන්න ලැබුණා- කොහොම නමුත් පැරැණි මානව සමාජයේ වර්ධනීය අවස්ථාවක් මේ මානව ජනාවාස තුළින් ඉස්මතු කරන බව තමයි පුරාවිද්‍යාත්මක මතය වන්නෙ-
අස්මඩල බස් නැවතුමේ ඉඳන් කිලෝමීටර් එකහමාරක් විතර දුරින් තියෙන බෑවුම් සහිත ඉඩමකයි මේ සුසානය පිහිටා තියෙන්නෙ- ඌරාකන්ද පාමුල ගල් ලෙන් බලලා කාගෙන් හරි තොරතුරු දැනගෙන කෙටි මාර්ගවලින් එතැනට යන්න පුළුවන්- හැබැයි ගමේ අය වුණත් වැඩි දෙනෙක් මේ තැන ගැන දන්නෙ නැහැ- කොහොම වුණත් අද අපට එතැනදි දැකගන්න ලැබෙන්නෙ තැන තැන විසිරුණු ගල් කැබැලි කිහිපයක් විතරයි-

අතීත මානව යුගයෙන් පස්සෙ ඌරාකන්දේ ගල් ලෙන්වලින් සමහර ඒවා භික්ෂුන් වහන්සේලාට පූජා කරපු බව සෙල්ලිපි වගේම කටාරම් කෙටීම වගේ දේවලින් සනාථ කරගන්න පුළුවන්- මුලින් කිව්වා වගේ මෑතක් වෙනකල්ම මේ ලෙන් අතරින් සමහරක විටින් විට මිනිස්සු පදිංචි වෙලත් හිටියා- අස්මඩලේ ගල් ලෙන් අශ්‍රිතව තවදුරටත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ කරනවා නම් අතීත මානව ජනාවාස පිළිබඳ තවත් බොහෝ තොරතුරු සොයාගන්න පුළුවන් බවයි අපට පෙනුණෙ. ඒ වගේම ඇවිදින්න කැමැති අයට අපූරු අත්දැකීමක් මේ ගමනින් ලබාගන්නත් පුළුවන්.

මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

ජන්දෙට ‌පොහොට්ටුවෙන් පිටරට ‌මෙහෙයුමක්

Next Post

සැමියාට මරු ගෙනන ස්ත්‍රී යෝග

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.