• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහය දික්කසාදයක්ද? කෙටි කසාදයක්ද?

September 5, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
විවාහය දික්කසාදයක්ද? කෙටි කසාදයක්ද?
Share on WhatsAppShare on Facebook

විවාහය දික්කසාද වෙනවා යැයි කට වචනයට කිව්වාට එම අර්ථ දැක්වීමේ යම් අඩුවක් තිබේ. විවාහය දෙදරා යෑම දික්කසාදයක් විය නොහැකි අතර, එය හරි නම් කෙටි කසාදයක් ලෙස නිවැරැදි විය යුතුය. ඒ කෙසේ නමුත් මෙලෙස විවාහක යුවළක් යළි දෙපසට වීමට බලපාන්නේ කුම ග්‍රහචාර තත්ත්වයක්ද යන්න වටහාගත යුතුය.
අඹුසැමි යුවළකගේ කේන්දර ඉතා බුද්ධිමත්ව විමසා බැලීමේදී මේ අයහපත් තත්ත්ව පැහැදිලිව හඳුනාගත හැකිය.

යම් විවාහ දිවියක් දෙදරා යෑම වෙනස් වීම ගැන විමසීමේදී කේන්දරයක 1,2,7,8 සහ 12 වැන්නට විශේෂ තැනක් හිමිවේ. මෙම ස්ථාන ගැන වැඩි අවධානයකින් බැලීමෙන් අනාගතයේ සිදුවිය හැකි යුගදිවි ගැටුම්වලට විසඳුම් සපයා ගන්නටද පහසු වේ. කේන්දරයක හත්වැන්නාධිපති සහ අටවැන්නාධිපති පරිවර්තනය වීම විවාහයට අශුභය. හත්වැන්නාධිපතියා හයවැන්නේ තැන්පත්ව ඇත්නම් විවිධ බාධක කම්කටොලු හේතු කොටගෙන යුගදිවිය අසාර්ථක වීමට ඉඩ තිබේ. හත්වැන්නාධිපතියා සහ එකොළොස්වැන්නාධිපතියාගේ සංයෝගය පාප දෘෂ්ටියට හසුවීම විවාහය නීරස කරන පිහිටීමකි. යම් ජන්මියකුගේ කේන්දරයේ හත්වැන්නාධිපතියා පාපියකු වී දොළොස්වැන්නේ ප්‍රබලව පිහිටා ඇත්නම් එයින් විවාහයේ අඩු ආයුෂ ගැන ඉඟි කෙරේ.

විවාහයක එක් පාර්ශ්වයක් දුකට පත්කරවන්නට සමත් ග්‍රහ පිහිටීමක් ලෙස ගුරු හත්වැන්නේ පිහිටා තිබීම පෙන්වා දිය හැකිය. මෙමගින් ටික කාලයකදී ලිංගික ආශාව දුරුවී යෑමක් සිදුවිය හැකි අතර, ඉන් අනෙකාගේ සිත තුළ අතෘප්තිකර හැඟීම් ඉහළ දමයි. විවාහයක පැවැත්ම තීන්දු කරන ප්‍රධානතම සාධකයක් ලෙස අඹුසැමියන්ගේ ලිංගික ජීවිතය සැලකේ. එහි තෘප්තිමත්භාවය ගිලිහී ගිය කල්හි අවසානය ඛේදවාචකයක් බවට පත්වීම සරල සාමාන්‍ය සිද්ධියකි.

එමෙන්ම යුග දිවියක් කෙතරම් දුර පවත්වාගෙන යන්නේද යන්න තීරණය කෙරෙන අනෙක් ප්‍රධානතම කාරණය වන්නේ දරු සම්පත්ය. දරු සම්පත් අහිමි අඹුසැමියන්ගේ යුගදිවි විශාල ප්‍රමාණයක් අසාර්ථක වී ඇති බව විවිධ පර්යේෂණ මගින්ද ඔප්පු වී ඇත. මේ හේතුවේදී මෙම කරුණු අවබෝධය ඉතා වැදගත්ය.
යම් ලෙසකට තමාගේ කේන්දරය තමාටම බලාගත හැකි සාමාන්‍ය දැනීමක් ඔබටත් වේ නම් අදම පහත සඳහන් ග්‍රහ පිහිටීම් කේන්දරයේ තිබේද යන්න පරීක්ෂාවෙන් බලන්න.

සෙනසුරු රාහු ග්‍රහයා සමග එක්ව ලග්නයේ හෝ හත්වැන්නේ තැන්පත්ව ඇත්නම් එම අඹුසැමියන්ට හදිසි වෙන්වීමක අවසානයක් ඇති බව වටහාගත යුතුය.
සඳු රාහු යෝගය 2,7,8 හෝ 12 යන ස්ථානයක තැන්පත්ව ඇත්නම් එම අඹුසැමියන්ටද වෙන්වීමක් උරුම වේ. එසේ කුජ-සෙනසුරු යෝගයද සෙනසුරුගේ දෘෂ්ටිය කුජට හසුවීමද හත්වැන්න අධිපතියා නීචවී කුජගේ දෘෂ්ටියට හසුවීමද විවාහය කඩාකප්පල් වෙන පිහිටීම්ය.

ගුරු සමග කුජ හෝ ගුරු සමග ශනි හෝ ගුරු සමග සිකුරු හත්වැන්නේ සංයෝගයත් විවාහයකට එතරම් හිතකර නොවේ.

මේ ආකාරයට බොහොමයක් කරුණු දෙදෙනකුගේ විවාහය දෙදරා යෑමට හේතුවන අතර, ඔබ අවිවාහක අයකු නම් විවාහයට පෙර ඒ ගැන ඔබේ ජ්‍යොතිෂවේදියාගෙන් අසා දැනගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ සිසු දිරිය වාර්ෂික චිත්‍ර හා කවි තරගය ඇරැඹේ

Next Post

රන්ජන් ජනපතිගේ ‌’වේටින් ලිසිට්’ එකේ!

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.