සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රී ලංකාවේ අංක එකේ ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි ගිණුම් සඳහා, අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වාදී තිබේ. පවතින වාතාවරණය යටතේ ගනුදෙනුකරුවන්ගේ පහසුව හා ආරක්ෂාවට මුල්තැන දීමේ වැදගත්කම අවධාරණය කිරීමේ පියවරක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. මෙම නව පියවර මගින් අවම සම්බන්ධතා පවත්වා ගනිමින් බැංකු කටයුතු සිදුකළ හැකි වන අතර, පවතින තත්ත්වය යටතේ පවා බාධාවකින් තොරව දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට මෙය මහෝපකාරී වනු ඇත.
මේ ආකාරයට තම දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුමක් විවෘත කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/භාරකරුවන් www.seylan.lk වෙත පිවිස අයැදුම් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. තමන්ට කැමති ශාඛාවකදී ගිණුමට අදාළ අස්සන යෙදීම සහ ගිණුම් පාස් පොත ලබාගැනීම සිදුකළ හැකිය.











