• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පියා අහිමි දරුවාව ආරක්ෂා කළ ඇසට නොපෙනෙන අමුත්තා…

September 6, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පියා අහිමි දරුවාව ආරක්ෂා කළ ඇසට නොපෙනෙන අමුත්තා…
Share on WhatsAppShare on Facebook

සමීරා සිටියේ මුළුතැන්ගෙයි කුමක්දෝ වැඩක නියැළෙමිනි. සවස් කාලයේ සිය බිළිඳා නිදාගන්නා නිසා ඇය දරුවා ඉහළ මහලේ කාමරයේ තබා පැයක පමණ කාලයක් සිය දෛනික රාජකාරි කරගත්තාය. එය දිනපතා සිදුවන්නක් හෙයින් දරුවා අවදි වූ විගස නඟන හඬ ඉතා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව සමීරා සතු විය. එදිනද වෙනදා මෙන්ම දරුවා අවදි වූ හඬ තේරුම් ගත් ඇය අතෙහි වූ දැළි කුණු සෝදාගෙන කලබලයෙන් ඉහළ මහලට දිව ගියද එදින ඇයට වෙනදාට වඩා කාලයක් ගතවිය. එනිසාදෝ දරුවා කලබල වී හඬන අයුරු ඇසීමෙන් කලබල වූ සමීරා තරප්පු පෙළ නැග්ගේද කාමරය දෙස බලමිනි.

සුළඟට සෙලවෙමින් තිබූ දොර රෙද්ද අතරින් ඇය දුටුවේ සිය දරුවා යහනෙන් බිමට වැටෙන ආකාරයයි. ඒ සැණින් දරුවාගේ හැඬීමත් වැඩිවිය. සමීරා කෑගසාගෙනම කාමරයට දිව ගියාය. එහෙත් කාමරයට පිවිසි පසු ඇයට දක්නට ලැබුණේ හැඬීම නතර කළ දරුවා සිනාසෙමින් යහන මත දඟලමින් සිටින ආකාරයයි.

ඇයට මීට මාස කිහිපයකට පෙර මියගිය සිය පියාව සිහිපත් වූයේ දැනුණු අසරණකම නිසාමය. පියෙක් නැති දරුවෙක් සමග තනි වූ තමාට සිටි එකම ශක්තිය ඔහුය. එහෙයින් පියාගේ වෙන්ව යෑමෙන් සමීරා, දරුවා සමග තනි වූවාය. පියා සතු ඉඩකඩම්වලින් අවශ්‍ය තරම් මුදල් ලැබුණද ඇගේ සිතේ තනිකම මැකුණේ නැත. වරක් රැවටුණු ඇය යළිත් පිරිමියකු ගැන විශ්වාස කරන්නටද අකැමැති විය. මේ නිසාම කෙසේ හෝ දරුවා හදාවඩාගෙන ජීවත් වීම සමීරාගේ එකම අරමුණ බවට පත්ව තිබුණේය.

මේ අතර ඇය දන්නා හඳුනන කිහිප දෙනකුටම පවසා තිබුණේ නිවෙසේ තමාගේ තනි නොතනියට සිටින්නට කාන්තාවක සොයා දෙන ලෙසය. ඒ අනුව සමන්ලතා ඇයට හමුවන්නේ හිතවතියක මාර්ගයෙනි. ඇය සමීරාට මවක මෙන් උදව් වූවාය. දරුවාගේ කටයුතුද නොපිරිහෙළා ඉටුකර දුන්නාය.

මේ ආකාරයට කාලය වේගයෙන් ගෙවී ගියේය. දරුවාට වසර තුනක් වෙද්දී සමීරාගේ සිතෙහි බර තරමක් සමබර වූයෙන් ඇය එතෙක් කලකට මඟහැරී තිබූ වතුපිටිවල වැඩ සොයා බලා කරන්නට පටන් ගත්තාය. පලදාව අඩුවෙමින් තිබූ පොල් ගස්වලට පොහොර දැම්මෙව්වාය. වතුපිටි එළිපෙහෙළි කරවූවාය. පියාගේ කාලයේ ඒ ඒ කටයුතු කළ පිරිස් යළිත් ගෙන්වා ගත්තාය.

දිනක් ඇය වත්තේ ඇවිද යනු සමන්ලතා සමග ඉහළ මහලේ සිටි දරුවා බලාගෙන සිටි අතර, දරුවා ඇය සමග යන්නට කැමැත්තෙන් හඬන්නට පටන් ගත්තේය.
‘නෝනා දරුවා එන්න අඬන්නේ…’ සමන්ලතා උස් හඬින් එසේ කියද්දී සමීරා දරුවා රැගෙන එන්නැයි අතින් සන් කළාය. දරුවාගේ කලබලය නිසාම සමන්ලතා දරුවා වඩාගෙන තරප්පු පෙළ බැස්සේ අපහසුවෙනි. එක් වරම ඇගේ පය පටලැවී විසිවී ගියේ නොසිතූ අයුරිනි.

‘අනේ නෝනා…’

සමන්ලතාගේ හඬට සමීරාද කලබලයෙන් දිව ආවාය.

‘මොකද වුණේ…’

දරුවාද වැලඳගෙන වේගයෙන් හුස්ම ගන්නා සමන්ලතාගෙන් සමීරා ඇසුවේ කලබලයෙනි.

‘මං දරුවා එක්ක වැටෙන්න ගියේ. ඒත් කවුරුහරි මාව හයියෙන් අල්ලා ගත්තා…’

‘අල්ල ගත්තා… කවුද…?’

‘දන්නෙ නෑ… මට හොඳටම දැනුණා මාව අල්ලගත්තා…’

එම සිදුවීම සමීරා එතැනින් අමතක කළද සමන්ලතාට එය අමතක නොවන කාරණයක් බවට පත්ව තිබුණේය.

ඔය අතර කාලයේ තවත් දිනක් උදාවිය. එදින දරුවා නිවෙසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී සමීරා මුළුතැන්ගෙයි සිට එද්දී දරුවා සිටියේ නැත. ඉරිදාවක් බැවින් වත්තේ පිටියේ වැඩ කරන අය සිටියේද නැත. සමන්ලතාද වෙළෙඳපොළට ගොසිනි. සමීරා නිවෙස පුරා දුවපැන සොයා බැලුවද දරුවා ගැන හෝඩුවාවක් නොවීය. කළ යුත්තක් ගැන සිතාගන්නට නොහැකි වූ ඇය සිය ජංගම දුරකතනය ගෙන පොලිස් හදිසි ඇමතුම් අංකය සටහන් කළේ ඊට දැනුම් දී සහාය පතන සිතුවිල්ලෙනි. එහෙත් දුරකතනය අතට ගෙන වටපිට බැලූ ඇයට දක්නට ලැබුණේ නිවෙසට ඇතුළු වන දොරටුව අබියස පඩිය මත සිටින දරුවාය.

මෙවැනි සිදුවීම් ගැන සමන්ලතා සිටියේ තරමක් කල්පනාකාරීවය. ඇය මේ බව සමීරාට පැහැදිලි කරදී බණ්ඩාර කපු මහතා ළඟට ඇයව කැඳවාගෙන ගොස් සියලු තතු පවසා සිටියාය. සිය ගුප්ත ඥානය උපයෝගී කරගනිමින් කාරණාව දෙස සාධාරණව බැලූ හෙතෙම, ‘මේ නෝනගෙ තාත්තා මේ දරුවට ගොඩක් ආදරෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ. තව කාලයක් එයා මේ රාජකාරිය කරලා නිහඬ වෙයි. මේක නෝනටවත්, දරුවටවත් මියගිය තාත්තටවත් අයහපතක් වෙන දේකුත් නෙවේ. හැම තාත්තම නොවුණත් දරුවන්ට ආදරේ තාත්තලා එහෙම තමයි නෝනේ…’

බණ්ඩාර මහතාගේ කතාව අසා සිත සන්සුන් කරගත් සමීරාත් සමන්ලතාත් නිවෙසට ආවේ සැහැල්ලුවෙනි. නිවෙස ඉදිරිපිට තබා තිබූ සිය පියාගේ හාන්සිපුටුව අසල කුඩා ස්ටූලය මත සෑම දිනෙකම උදෑසනට පියාගේ ලොකු අඬු කෝප්පයට කිරි එකක් උණු උණුවේ ගෙනැවිත් තැබීමට තරම් සමීරාගේ සිත උණුවී තිබිණි. පියා තමන් සමග නිතරම ඉන්නවා යැයි ඇය අදටත් විශ්වාස කරන්නීය.

සත්‍ය කතාවකි. නම් ගම් මනඃකල්පිතයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්!

Next Post

සෙලාන් ටිකිරි වෙතින් දැන් අන්තර්ජාලය හරහා ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.