ගිනි කතිරය ගැන නිරන්තරයෙන් කතා කළාට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් බොහෝ දෙනෙක්ට නැහැ. ඇත්තටම අද වෙද්දී ලංකාවෙ 80%ක්ම ගිනිකතිරය පටලවගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් වරදවා හඳුනාගෙන ඉන්නේ. අද අපි මේ පටලැවිල්ල ලිහා දමා ගිනිකතිරය නිවැරැදිව හඳුනාගෙන ගිනි කතිරය පීඩාවීමෙන් ඇති වෙන්නා වූ අහිතකර ප්‍රතිඵල පිළිබඳ විමසා බලමු.
ගිනිකතිරය යනු ඉඩමේ හරි මැද, මධ්‍ය ලක්‍ෂ්‍ය හඳුන්වන නාමයයි. වතු කතිරය ලෙස හඳුන්වනු ලබන්නේද ගිනිකතිරයයි. නමුත් නිවෙසේ හරිමැදට ගිනිකතිරය ලෙස වරදවා ව්‍යවහාර කරනු ලැබේ. තවමත් නිවෙසේ හරිමැද වූ බ්‍රහ්ම පාදය සහ ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය වෙන්කර හඳුනා ගැනීමට බොහෝ දෙනෙක්ට නොහැකිව ඇත. බ්‍රහ්ම පාදයට ගිනි කතිරය යැයි වරදවා හඳුන්වන්නේ එබැවිනි. හොඳින් මතක තබා ගන්න වාස්තු විද්‍යාවේද බ්‍රහ්ම පාදය සහ ගිනිකතිරය යනු අර්ථ දෙකක් ඇති වෙනස් ක්‍රියාකාරීත්වයන් ඇති ස්ථාන දෙකකි. නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදය මත කිසිදු ඉදිකිරීමක් කර අවහිර කළ නොහැකි වුවද, ගිනිකතිරය මත වැසිකිළි වළවල්, අප ජල වළවල්, ළිං හැර ඕනෑම ඉදිකිරීමක් සිදුකළ හැකිය. ඉදිකිරීම් කර ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය අවහිර වූවාට කිසිද ගැටලුවක් පැනනොනඟීයි. වතුකතිරය, ගිනිකතිරය නිවෙස තුළට පැමිණීම, නිවෙස තුළ පැවතීම අසුබ යැයි මතයක් පවතී. එය මිනිසුන් නිරපරාදයේ බියට පත්කිරීමට නිර්මාණය කළ මිත්‍යාවකි. ප්‍රායෝගිකව කල්පනා කර බලන කල නිවෙස තුළ ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය පැවතීම අසුබ සහගත යැයි පැවසීමද විහිළු සහගත කරුණක් වන්නේ වර්තමානය වන විට බොහෝ ඉඩම්වල ප්‍රමාණය පර්චස් හයක්, හතක් දක්වා සීමාකාරී වීම නිසාය. මන්ද පර්චස් හයක ඉඩමක පමණක් නොව පර්චස් 10ක ඉඩමක, ඉඩම මැද වූ ගිනිකතිරය නිවෙස තුළට නොඑන ලෙස නිවාස සෑදිය නොහැකි බැවිනි. ගිනිකතිරය නිවෙස තුළට නොඑන ලෙස නිවෙසක් සෑදීමට නම් අවම වශයෙන් ඉඩම පර්චස් 30ක්වත් විශාල විය යුතුය. මෙය නිෂ්ඵලකාරී කටයුත්තක් වන්නේ ඉඩමේ හරි මැද නිවෙස තුළ තිබුණාට කිසිදු වාස්තු දෝෂයක් හටනොගන්නා බැවිනි. ගිනිකතිරය නිසා ඇති වන වාස්තු දෝෂ පිළිබඳ අප උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.
එක්තරා පවුලක පවුලේ වැඩිමහල් දියණියට මහ ගෙදර සහ එම ඉඩමේම පිහිටි හාඞ්වෙයාර් ව්‍යාපාරය හිමිවුණේ ව්‍යාපාර හිමිකරු වූ පියාගේ විදේශගත වීමත් සමඟය. ඒ වන විට ව්‍යාපාරය බංකොළොත් බවට පත්ව තිබූ අතර, ව්‍යාපාර හිමිකරුට සුව නොවන බඬේ අමාරුවක් සෑදී තිබිණි. කොතරම් ප්‍රතිකාර කළත් සුවයක් නොලැබුණු හෙයින් වැඩිපුර ප්‍රතිකාර සඳහා ව්‍යාපාරිකයාගේ බාල දියණිය තමා පදිංචිව සිටි විදේශ රටට පියාව කැටුව ගියාය. වැඩිමහල් දියණියගේ සැමියා මුදල් ආයෝජනය කර නැවැත හාඞ්වෙයාර් ව්‍යාපාරය ආරමභ කළද, වැඩි කලක් යන්නට මත්තෙන් ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයට පත්ව වසා දමන්නට වුණා. ව්‍යාපාරයේ අසාර්ථක බව සහ බිරිය වරින්වර අසනීප වීම නිසා නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු විය. ඉඩම සහ නිවෙස පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ ඇදවැටීමට හේතු වූ වාස්තු දෝෂ සොයා ගැනීමට හැකි වුණා. පැවති වාස්තු දෝෂ සහ වාස්තු දෝෂ ඉවත් කිරීමට යෙදූ පිළියම් මෙසේය.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











