• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ශෛලමය රයිනේසරයෙක් රතුගල කන්දෙන් හමුවෙයි

October 18, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ශෛලමය රයිනේසරයෙක් රතුගල කන්දෙන් හමුවෙයි
Share on WhatsAppShare on Facebook

රයිනෝසිරස් අද ශ්‍රීලංකාවෙ දක්නට නොමැති සත්වයෙකි. මඩොල්සිම කඳු වැටියට යාබදව පස්සර අඩාවත්ත ප්‍රදේශයෙන් පුරාණ කාලයට අයිති පොසිලයක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2005 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද පුරාතණ ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. එහි මෙසේද සඳහන් කර තිබේ. තනි අඟක් දරන වඳවී ගිය රයිනෝසිරස් හෙවත් කඟවේන විශේෂයකි. ඉහළ හනුවේ චාර්වක දත් උසින් අඩුවන අතර (anteerochct) නම් නෙරීම නොදරයි. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයෙන් හමුවූ උසින් අඩු දත් බොහෝ දුරට අද ජීවත් වන ජාවානු කඟවේනාට සමාන වේ. කෙසේ වෙතත් (R sondaicus) ගේ පාෂාණිභූත කොටස් (R sondaicus) ට සෑම අතින්ම සමානවේ. ලුණුගල අඩාවත්ත කඟවේනා දත් තාප උද්වීප්තතා (thermoluminescence) ක්‍රමයට කාලනීර්ණ කළ අතර එය අදින් වසර 80000 – 20000ක් පැරැණි බව අනාවරණය විය. S’Deraniyagala 2004 ජාවානු කඟවේනා වර්ෂා වනාන්තර වාසියෙකි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජීවත්ව වඳවීගිය (R Sinhaleyus) කඟවේනාද වර්ෂා වනාන්තර වාසියෙක් බව ප්‍රකාශ කළ හැක.

එබැවින් ආදිකාලයේදි මෙම පලාත්වල රයිනෝසිරස් වැනි දැවැන්තයන්ට ගැළපෙන ආහාර, දේශගුණික වැනි පරිසර පද්ධතියක් තිබෙන්ට ඇතැයි උපකල්පනය කළ හැකිය. මඩොල්සිම කඳුවැටියේ හේවාඑළිය නමැති ස්ථානයට පතිත වන අහසින් වැටෙන දිය බිඳු දෙකට කැඩී කොටසක් මහවැලි ගංගාවටත් කොටසක් ගල්ඔයටත් වැටෙන පිහිටිමක් දක්නට තිබේ. ඒ ආසන්නයේ ඩී.ඇස්. සේනානායකයන්ගේ උඩු කයට සමාන හැඩ රුවැති, ශ්‍රී පාදස්ථානය දෙසට මුහුණ යොමුවී ඇති විශාල ගල්පර්වතයකි. මෙම කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 4300ක් පමණ උසකින් යුක්තය. ගල්ඔය ගංගාව ආරම්භ වන්නේ මෙම ස්ථානයෙනි. මෙසේ දිය බිඳු එකතු වී නිර්මාණය වන දිය උල්පත කඳුවැටියේ දොරබොද කන්දේ ඇලිය දිගේ නැඟෙනහිර දිසාව බලා ගමන් ගනී. ගල් දෙබොක්කා අතරින් ගලන ගංගාව බිබිල කොටගම සමීපයේදී තැනිතලාවට වැටේ. ඉන්පසු වටරවුම් මාර්ගයක් ඔස්සේ ගලන ගංගා තොමො පසුකරන ගම්මාන රැසකි. මෙම ගම්මාන අතුරින් මල්හෑව ගම්මානය විශේෂ ස්ථානයක් ගනී. මෙම ප්‍රදේශයේ කඳේ මල් පිපෙන රත්මල් ගස් බහුලව තිබේ. එසේම අධික ලෙස කූඩැල්ලෝ සිටිති. සීතල දේශගුණයකින් යුක්තය. බිබිල කොටසර පියංගල විහාරස්ථානය අසලින් ගමන් කොට බිබිල පස්සර මාර්ගයේ පාලමක් යටින් ගලන ගල්ඔය ගඟ ඉන්පසු පුරාණ ගම්මාන රාශියක් පසුකරමින් මකරෙට ඇදීයයි. ඊට පෙර අතු ගංගා රාශියක් ගල්ඔයට සම්බන්ධ වෙයි. අවසානයේදී මෙම ජල ධාරාවන් සියල්ල ඩී.ඇස්. සේනානායක සමුද්‍රයට එකතු වෙයි.

මකරෙ සිට රතුගලට යන්නෙකුට රතුගල ආදිවාසී නායක සුදා වන්නියලැ ඇත්තෝ හදි ගැසිය හැකිය. රතුගල සිට නාමල්ඔය දෙසට එන විට රතුගල මායිම්වී ඇති උස් කඳුවැටිය අප්‍රිකානු රයිනෝසිරසයෙක් මෙන් පෙනෙන අතර ස්වභාව ධර්මයා විසින් රයිනෝගේ අං දෙක සහ ඇස් නිර්මාණය කර ඇති අන්දම පැහැදිලිව දැකිය හැකිය. (ඡායාරූප අංක 02) එසේම රතුගල අවට ඇති කඳුවැටි සියල්ලකගේම පාහේ රයිනෝ වැනි සත්වයන්ගේ හැඩ රුව දකින්නට ඇති නිසා ආදී හෙළයන් මෙම ප්‍රදේශය සත්තුගල යැයි හැඳින්වූවා විය නොහැකිද? පසුකාලීනව සත්තුගල, සත්තුගල, රතුගල වූවා විය හැකිය. රතුගල සිට නාමල්ඔය දෙසට එන විට හමුවන පායිලේ ගම් පියසේ දකුණු දෙසින් හමුවන තවත් කඳුවැටියකි. එය කුලල්කන්ද නම් වෙයි. රයිනෝවන්ද එකිනෙකා සමග පොර බඳිමින් ඇනකොටා ගන්නා සත්ව විශේෂයකි. අපි එය කුලල්කෑම යනුවෙන් හඳුන්වමු. කුලල් කාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රත් පැහැති ලේ වැගිරේ. එම නිසා එම ස්ථානය පායිලේ වූවා විය හැකිය. අපේ ඉතිහාසයට අනුව පායිලේ නම්වූ ස්ථානය අපට සුවිශේෂ වූ ස්ථානයකි. ලන්දේසි අද්මිරාල්වරයකු වූ විලියම් ජේකොබ් කෝස්ටර්ගේ මරණය සිදුවී ඇත්තේ පායිලේ ගම්වරයේදීය. කෝස්ටර් එවකට පායිලේ ගම් පියසේ ගම්මුලාදෑනිවරයාට වේවැලකින් පහරදී තිබේ. එහිදී ගම්මුලාදෑනියාගේ සිරුරින් ලේ වැගිරී ඇත. එය දුටු කෝපයට පත් ගම් වැසියෝ ලෙයට ලෙයින් පලිගැනීමටදෝ පහර දී කෝස්ටර් මරාදැමූ බව ඉතිහාසය පෙන්වා දෙයි.
බණ්ඩාරදූව කැලෑ ගම්මානය ආසන්නයේ පුරාණ ගල් පතුරු සොහොන් කිහිපයක් ඇති බවට ලැබුණු ආරංචියක් අනුව නඬේගුරු හේන්ගොඩගේ මහතාගේ උපදෙසින් අපි බණ්ඩාරදූව කැලෑ ගම්මානය බලා ගමන ආරම්භ කළෙමු. අධිරාජ්‍යවාදී පීඩනයෙන් හෙම්බත් වූ මුල්ලේගම ගම්වාසීන් උපන් ගම්බිම් අත්හැර දමා බණ්ඩාරදූවට පැමිණ පදිංචි වීම පිළිබඳ කදිම විස්තරයක් පියසේන කහඳගමගේ සූරීන්ගේ “වනේ ඇදුන පිය සටහන්” තුළින් කදිමට විස්තර කෙරෙයි. අපි දැන් එම විස්තරයට ඇස් යොමු කරමු.

බණ්ඩාරදූව මුලින්ම ජනාශ්‍රිත වූයේ 1915දී පමණ යැයි කියැවේ. ඉන් පෙර වැද්දන් විසූ බව සඳහන් වේ. මුලින්ම බණ්ඩාරදූව ගමක් බවට පත් කළෝ පවුල් තුනකි. එක් තැන වාසය නොකළ ඔවුහු හේනෙන් හේනට පදිංචිය මාරුකරමින් සංචාරක ජිවිතයක් ගත කළහ. ඉලුක් සෙවිලි කළ ගස් පොතු ආවරණවලින් යුත් පැල්පත් ඔවුන්ගේ නිවෙස් විය. අදත් ඔවුන් විසූ ඇතැම් තැන් හඳුනාගත හැක්කේ දෙහි, අඹ, කජු කොස් වැනි ගස් ඉතිරිවී ඇති බැවිණි. 1942දී පමණ බණ්ඩාරදූවට පැමිණි මුල්ලේගම වැසියෝ කළුගල්ඔය හා අමංගල ඔය අසල පදිංචි වී හේන් ගොවිතැන් කරමින් ජීවත් වූහ. වෙල්ලාවලි, සම්මාන්තුරේ, කල්මුණේ ආදී ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මරක්කල මිනිස්සුද වාඩි ඉදිකරගෙන හරකුන් ඇති කළහ. 1956 ජාති භේදවාදී කෝලහල නිසා බොහෝ දෙනෙක් සිය ගම්බිම් කරා ගියහ.

නවගිරියාව වැව ගොඩනැගීමෙන් පසු බණ්ඩාරදූව දිය යට රාජ්‍යයක් වූයෙන් ගේ දොර අහිමි වූ මුලලේගම සිට ආ වැසියෝ වැව ඉහත්තාවේ ගම ගොඩනගා ගත්හ. මුල් ගම වැවට යට වුවද ඔවුන්ට කිසිම වන්දියක් නොලැබිණි. 1957 මහා ගංවතුරින් බලගල වැව බිඳී එහි ජලය කළුගල්ඔය ඔස්සේ දෙගොඩතලා පැමිණියේය. නවගිරියාවේ ජල මට්ටම ඉහළ නැඟ ගම ගිලගත්තේය. වරිච්චි ගෙවල් සේදී වැවට දිය විය. දෙවැනි වරට පිහිටුවාගත් ගමද නවගිරියාව ගිලගත් පසු ඔවුහු අමංගල ඔයෙන් උඩු පැත්තට ගොස් ගම පිහිටුවා ගත්තේය.

ගොනාගොල්ල හන්දියෙන් වමට හැරී සැටල් හන්දිය පසුකර බණ්ඩාරදූවට යන පාරේ ගමට කි.මී. 3 – 4ක් තිබියදී වම්පස සමන්ගල කන්ද දෙසට වූ අතුරු පාරේ යනවිට ඉපැරැණි ගල් පතුරු සොහොන් බිම් හමුවෙයි. මෙහි ගල් පතුරු හතරකින් වට කළ සොහොන් 23ක් පමණ හඳුනාගෙන තිබේ. මෙම ප්‍රදේශය අවට නවගිරියාව ප්‍රදේශයේදී මැටි බදාම (ටෙරා කොටා) වස්තු හමුවී තිබේ. අනතුරුව රජගල බලා ගිය අපි රජගලකන්දේ පාමුල පහසුවෙන් ගොඩවිය හැකි ගල්තලාව මුදුනට ගියෙමු. එහි නැඟෙනහිර දිසාවට ප්‍රපාතාකාර බෑවුමකි. දකුණු දෙසට ඈතින් පාම්බුනිමලේ කන්ද සහ සමන්ගල කඳු වැටිය දිස් වෙයි. තවත් ගල් ගිගිරානක් (ගල් කුට්ටි කිහිපයක්)ද වෙයි. අපි එදෙස ඇස පිය නොහෙළා බලා සිටියෙමු. මෙහිදී අපට දැනුමට වඩා වැදගත් වන්නේ චින්තනය යැයි සාපේක්ෂතා වාදයේ පියා යැයි විරුදාවලිය ලැබූ ඇල්බට් අයින්ස්ටයින් විද්වතාගේ ප්‍රකට කියමනක් සිහිපත් විය. අපි එම කියමනට අනුව ගල්කුල නිරීක්ෂණය කළෙමු. එවිට මෙම ගල්කුලේ ඉහළ කොටසේ ඇසක් වැනි නිර්මාණයක් දැකගත හැකි විය. ඒ ඔස්සේ තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එම ඇස අසල සිට පහළට විහිදුන ගල් පැල්මක් වැනි රේඛාවක් දක්නට ලැබිණි. ඇසට පිටුපසින් තවත් ගල් කුට්ටි කිහිපයකි. ඇස පිහිටි ගල් කුලේ ඉදිරි පස කොටස මහ පොළොව හා ස්පර්ශ නොවන බවද දිස් විය. ඒ තුළ කිහිප දෙනකුට පහසුවෙන් වාඩි වී සිටිමට තරම් ඉඩ ප්‍රමාණයක්ද තිබේ. අනතුරුව අපි එම ගල් කුලේ ඡායාරූප කිහිපයක් ගෙන පරික්ෂා කළෙමු. පුදුමයකි! පුදුමයෙනුත් පුදුමයකි. ඡායාරූපයෙන් දිස්වන්නේ තනි අඟක් සහිත රයිනෝසිරස් සත්වයාගේ මුහුණට සමාන රූපයකි. (ඡායාරූප අංක 02) එතැන සිට බටහිරින් පෙනෙන වාළිඹේ හෙල කන්දද රයිනෝගේ තනි අඟ මෙන් උල්වී දිස්වීම අහම්බයක් විය හැකිද?

ගල්ඔය නදිය පටන් ගන්නා මඩොල්සිම කඳුවැටියේ පහළ පස්සර ලුණුගල අඩාවත්ත ප්‍රදේශයෙන් රයිනෝසිරස් පාෂාණිභූත කොටස් හමු වී ඇති බව ඉහත පෙන්වාදී ඇත. එතැන් සිට පහළට ගල්ඔය හුදකලා කඳු හැරුණු විට ඇත්තේ ජල ගැලුම් නිම්න තලාවකි. මේ විශාල සීතල වන්නි භූමි භාගය තුළ ප්‍රාග් ඓතිහාසික යුගයේදී රයිනෝසිරස් වැනි දැවැන්ත සත්ව විශේෂයන් සිටියා වන්නටද බැරි නැත. ඔවුන් දුටු ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි මානවයා මේ අපූරු සත්වයා රජගල වැනි ස්ථානයක නිරිමාණය කර තබන්නට කටයුතු කළා නොවිය හැකිද? මේ ආසන්නයේ කි.මී. කිහිපයකට නොදුරින් ගල් පතුරු සොහොන් හමුවී තිබීමෙන් මේ මානවයා ශිලා යුගයේ සිටි මානවායාට වඩා දියුණු, යපස් උණුකර යකඩ භාණ්ඩ තනාගත් බව තහවුරු වන සාධක ගල්පතුරු සොහොන් අවට යකඩ බොර තිබීමෙන් තහවුරු නොවන්නේද? යැයි පරිසර ගවේශක හේන්ගොඩගේ මහතා අපෙන් ප්‍රශ්න කර සිටියහ.

රැග් විජයසිරි

SendShareShare
Previous Post

ගින්දර දෙන ගිනි කතිරය

Next Post

සිස්ටම් චේන්ජ් කරන කෙල්ල

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.