• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඡන්ද සටනට බැස්ස ඉන්දීය කලාකාරයෝ

October 18, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ඡන්ද සටනට බැස්ස ඉන්දීය කලාකාරයෝ
Share on WhatsAppShare on Facebook

තවත් එක් ජනාධිපතිවරණයක මත විමසීමේ සටන ආරම්භ වී ඇත. තමාට ආවේණික වූ පාට අනුව, පක්‍ෂ අනුව ජනාධිපති කිරුළ දැරීමේ ජයග්‍රාහී සිහිනය දකින නායකයන් සමඟ එක්වුණු විවිධ මට්ටමේ දරදිය අදින්නන්ද මෙවැනි ඡන්ද සටනකදී දැකිය හැකි සුලබ දසුනකි.
ජනප්‍රිය කලාකරුවන් මෙහිදී සුවිශේෂී වෙයි.
කොහොමත් තරමක් මෑත යුගයක සිට සුපිරි කලාකරුවන් දේශපාලන නායකයන් හට සහාය දීම විලාසිතාවක් තරමට ජනප්‍රියව ඇත. එහෙමත් නැතිනම් රැල්ලක්ව ඇත. තවත් ආකාරයට වැදගැම්මක් නැති වචන කිහිපයකින් කියනවා නම් එතැනදී සිදුවන්නේ “කඬේ යෑමකි.”කෙසේ වුවද අප ඔබෙන් මෙහෙම අහන්නම්.
සුපිරි තරු සටනට පැමිණි පමණින් දේශපාලන නායකයකුට තම ජයග්‍රාහී කිරුළ දිනාගත හැකිද? මෙහිදී ඔබේ උත්තරය කුමක් විය හැකි දැයි අප නොදනිමු. හැබැයි එයට සුදුසුම පිළිතුර වන්නේ,
“අපොයි ඔව්” යන සරල වචන දෙකය. ඇතැම් විට වචන දෙකකුත් අවැසි නැති තරම්ය.
මන්දයත්,
පසුගිය ඉන්දීය මැතිවරණය දෙස “තර්ඞ් අම්පයර්” විදියට බලනවා නම් ඉහත ප්‍රශ්නයට පිළිතුර වන්නේ,
“එකෙන්ම” යන්නය.
ඇත්තටම නරේන්ද්‍ර මෝදි දිනුවේ සුපිරි තරු ඔහු වටා එක්රොක් වූ නිසාමද?
නැවතිල්ලේ මඳක් සිතා බැලුවහොත් බොහෝ විට එය එහෙමය. ඕනෑ තරම් සාක්‍ෂිද ඒ සඳහා දෙන්නට පුළුවන.

දීපිකා පදුකෝන්ගේ ආදරය දිනූ රන්වීර් සිංග් මෝදිව කරේ තියාගෙන ඡන්ද සටන මෙහෙය වූ විලාසය අතිශයින්ම හැඟීම්බර විය. කැම්පේන් එකේදී නරේන්ද්‍ර මෝදි කොතැනද? රන්බීර් නැති තැනක් සොයා ගැනීම අපහසු විය. කොච්චර දරදිය ඇදීමක් මෝදි වෙනුවෙන් රන්බීර් කළාද කියනවා නම්, මිලියන 22ක් වූ ඔහුට ළැදි ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ මෝදි වෙනුවෙන් කතිරය ගසන ලෙසය. මෝදිත් තමාත් ඉතාම සමීපව වැළඳගෙන සිටින සේයාරුවක්ද සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට දැමූ රන්බීර් එහි මෙසේද සටහන් කළේය.
“ඔබ මට මනාප වන්නේ නම්, මම මනාප අයකු කෙරෙහි ඔබ අමනාප නොවනු ඇත. ධනාත්මක වූ චින්තනයකින් හෙබි මේ කදිම මිනිසා වෙනුවෙන් ඔබෙ ඡන්දය දෙන්න.”
රන්වීර්ගේ ඉල්ලීම හමුවේ මිලියන 3කට වැඩි අනුගාමිකයන් සිය සතුට සමඟ එයට අනුමැතිය පළකොට තිබිණි.

2019 ජනවාරි 10 වැනිදා නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් පැවති මහා රැස්වීම සංවිධාන කළේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක මහාවීර් ජේන්ය. ඉතා අඩුවෙන් කතාකරන අයකු වූ මහාවිර් ජේන් වේදිකාවට පැමිණ මෝදි වෙනුවෙන් කතා කළේ වචන කිහිපයකි.
ඔබේ නායකයා විය යුත්තේ මේ අපූරු මිනිසාමය, ඒ ඇයිද? නරේන්ද්‍ර මෝදි නම් ඔහු ඉන්දීය සංස්කෘතියටත්, සාරධර්මවලටත් ගරු කරන නිසාය.

මම එතුමාගෙන් ඇහුවා ඔබට මගෙන් ඕනෑ මොනවාදැයි කියා. එවිට මේ දේශප්‍රේමියා මා හා කීවේ “මා වෙනුවෙන් කිසිවක් අවශ්‍ය නැහැ… හැකිනම් ඉන්දියානු චිත්‍රපට තුළ හැකි පමණ සාරධර්ම, සංස්කෘතිය සහ දේශප්‍රේමය හුවා දක්වන නිර්මාණ කරන්නට” යැයි කියාය.
“ඉතින් නරේන්ද්‍ර මෝදි මහතා ගැන තව කයිවාරු කතා කුමට පවසන්නද?”
මහවීර් තම කතාවට එතැනින්ම නිමාව තැබුවේය. එයට ලැබුණු “හුරේ පාර” සහ ඔල්වරසන් හඬම මෝදි දිනන බව එදා සනාථ කළේය.

ඉන්දියාවේ සති අග පුවත්පතක පළවූ එක් ප්‍රවෘත්තියක් තුළ ලියැවුණේ මැතිවරණයට සති තුන හතරකට පළමුව මෝදි සුපිරි උතුරු ඉන්දීය කාන්තාවක් සමඟ පෞද්ගලික ජෙට් යානයක ගොස් ඔවුන්ගේ සමීපතම ප්‍රේක්‍ෂකයන් හමුවී කතාබහ කළ ආරංචියකි.
එලෙසම හැකි සෑම අවස්ථාවකම මෝදි, තමාව හමුවීමට නිතර පැමිණෙන සුපිරි තාරකාවන් වෙනුවෙන් කාලය වෙන්කර තැබුවේය. ඒ විතරක් නොවේ ගැටවර කොල්ලකු සේ ඔවුන් හා සෙල්ෆිවලටද සතුටින් පෙනී සිටියේය. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඒවා පළ වූයේ දසදහස් ගණන් “ඛසනැ” සමගය.

වැඩි වෙහෙසක් නැතිව එතැනින්ද මෝදිට විශාල ඡන්ද ගණනක අනුමැතිය ලැබිණි.
ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් මෝදි හමුවේ ඉතා ප්‍රියජනක මෙහෙවරක් දියත් කර තිබිණි.
සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි කරන් සටහන් කළේ,
“නව ඉන්දියාවක් පරිවර්තනය කිරීමට තිබෙන කැමැත්ත හේතු කොටගෙන අප මහා වෘක්‍ෂයක් බඳු වූ මේ ධනාත්මක මිනිසා සමඟ පෙළගැසුණෙමු” යන්නයි.
ඒ සමගම සුපිරි තරුවලට මැදිව ජයග්‍රාහී ලෙස සිනාසෙන නරේන්ද්‍ර සිං මෝදිගේ සෙල්ෆියක්ද දැමුවේය.
මෝදිට ජය පතමින් මිලියනයකටත් වැඩි මනාප තොගයක් ඒ සුන්දර සෙල්ෆියට “ඛසනැ” කර තිබිණි.

කිසිදුම ප්‍රතිවාදියකු සමඟ තමාට ගේමක් නැති බව මෝදිට නොහිතුණා නම් පුදුමය.
සුපිරි තාරකාවන් වෙනුවෙන් මෝදි යම් වේතනයක් ගෙවූවද නොගෙව්වද සුපිරි තාරකාවන් ඡන්ද සටන නිමවන තුරු ඔහුව මුරුංගා අත්තෙන් බිමට කඩාවැටෙන්නට දුන්නේ නැත.
අවසානය සුබදායක විය. නරේන්ද්‍ර මෝදි සිය ප්‍රතිවාදීන්ට දවල් තරු පෙන්වන තරමේ ජයග්‍රහණයකට පියවර තබා තිබිණි.
ඒ සුපිරි තාරකාවල අනුහසින්ද?
ඒක නම් කියන්නට දන්නේ නැත. හැබැයි බොහෝ සමාජ ජාල වෙබ් අඩවිවල පළවූයේ වයස අවුරුදු 35ට අඩු ඡන්දවලින් කොටසක් මෝදිට ලැබුණේ සුපිරි තාරකාවල ආකර්ෂණය හෝ අනුමැතිය නිසාම බවය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇවන්ගාඩ් සේනාධිපති 08 දක්වා රිමාන්ඩ්

Next Post

ගින්දර දෙන ගිනි කතිරය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.