• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සා.පෙ. ශාපයක් කරන පාප ග්‍රහයෝ

October 17, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සා.පෙ. ශාපයක් කරන පාප ග්‍රහයෝ
Share on WhatsAppShare on Facebook

මේ දෙසැම්බර්
සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවකුගේ අම්මයි, තාත්තයි දරුවාගේ කේන්දරේ දීලා කිව්වා “ළමයා මේ දෙසැම්බර් අ.පො.ස. සාමාන්‍ය පෙළ කරනවා. තව තියෙන්නේ මාස දෙකයි. ඒත් විභාගයක් ගැන වගක්වත් නැහැ. සින්දු අහනවා, ටී.වී. බලනවා, මල්ගස් ළඟ ඉඳන් සෙල්ෆි ගහනවා. ඇතිවෙන්න නිදාගන්නවා. අලුත් ඇඳුම් ලස්සනට ඇඳගෙන පැණිරස කෑම තමයි වැඩිපුරම කන්නේ. මෙයාට මොකක්ද වෙලා තියෙන්නේ?” කියලා.

ජන්ම පත්‍රයක අධ්‍යාපනය ගැන ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ පස්වැනි භාවයෙන්. පස්වැන්නේ පාප ග්‍රහයෙක් තැන්පත්ව සිටි විට ඉගෙනීමට බාධක ඇතිවෙන්න පුළුවන්. පස්වැන්නට ඉතාම නරක ග්‍රහයන් දෙන්නා හැටියට ශනි සහ රාහු හඳුන්වන්න පුළුවන්. කේන්දරයක ලග්නාධිපති ග්‍රහයා නීචව හෝ සතුරුව ශනි, රාහු වැනි පාප ග්‍රහයන් සමඟ සංයෝගව 6, 8, 12 වැනි ස්ථානයක තැන්පත් නම් කේන්දර හිමියා ඉගෙනීමට දක්වන උනන්දුව අඩුවෙන්න පුළුවන්.
ඒ වගේම තමයි, කේන්දරයක පස්වැනි භාවයේ අධිපති ග්‍රහයා පාප ග්‍රහයන් සමඟ සංයෝග වීමත්, 6, 8, 12 වැනි දුෂ්ට ස්ථානයක සිටීමත් අධ්‍යාපනයට බාධා ගෙනදෙන පිහිටීමක්. එක් එක් ලග්නයට ලග්නාධිපති සහ පස්වැන්න අධිපති වන්නේ කවුද කියන එක පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන්.
ලග්නය ලග්නාධිපති පස්වැන්න අධිපති
මේෂ කුජ රවි
වෘෂභ සිකුරු බුධ
මිථුන බුධ සිකුරු
කටක සඳු කුජ
සිංහ රවි ගුරු
කන්‍යා බුධ ශනි
තුලා සිකුරු ශනි
වෘශ්චික කුජ ගුරු
ධනු ගුරු කුජ
මකර ශනි සිකුරු
කුම්භ ශනි බුධ
මීන ගුරු සඳු
ඉගෙනීම ලබන දරුවන්ට හොඳ මතක ශක්තියක් ඇති වෙන්නේ බුධ ග්‍රහයා බලවත්ව සිටි විටයි. බුධ ග්‍රහයා මිථුන, කන්‍යා රාශි දෙකෙන් එකක සිටි විටද හොඳ මතක ශක්තියක් ඇති වෙනවා. බුධ, කටක, මීන යන රාශිවලදී දුර්වල වන නිසා එම රාශිවල බුධ තැන්පත් වූ විට කේන්දර හිමියාට ඉගෙනීමේ කටයුතුවලට බාධක ඇතිකරනවා.

ජන්ම කේන්දරයක ග්‍රහයන්ට අමතරව විභාගයට ඉදිරිපත් වන දරුවාගේ විභාගයට උත්තර ලියන අවස්ථාව වන විට පවතින දශාව ගැනද සොයා බලන්න ඕනේ. කේන්දරයක උපන් දින සිට ඉදිරියට පවතින දශාව වර්ෂ… මාස… දින… වශයෙන් සඳහන් වෙනවා. එම වර්ෂ, මාස, දින ගණන උපන් දිනයට එකතු කළ විට උපතේදී පැවති දශාව අවසන් වන දිනය ලබාගන්න පුළුවන්. ඒ ඒ ග්‍රහයාට අයත් විංශෝත්තරී දශා කාලය පිළිවෙළින් සඳහන් කළොත් රවිට අවුරුදු 6යි, සඳුට අවුරුදු 10යි, කුජට අවුරුදු 7යි, රාහුට අවුරුදු 18යි, ගුරුට අවුරුදු 16යි, ශනිට අවුරුදු 19යි, බුධට අවුරුදු 17යි. කේතුට අවුරුද 7යි, සිකුරුට අවුරුද 20යි.

සාමාන්‍යයෙන් රාහුගේ මහ දශා, අතුරු දශා ගෙවෙන දරුවන්ට පාඩම් කිරීමට සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි බවයි පෙනෙන්නේ. ඒගොල්ලො පාඩම් කරන්න වාඩි වුණාට හිත වෙන වෙන අරමුණු ඔස්සේ දුවනවා. ටික වේලාවකින් පාඩම් කිරීම නවත්වලා නැඟිටලා යනවා. සිකුරුගේ මහ දශා, අතුරු දශා ගෙවෙන දරුවන්ගේ ක්‍රියාකලාපය මීට වෙනස්. ඒගොල්ලෝ නිතරම ලස්සනට, පිරිසුදුවට ඉන්නයි බලන්නේ. ටී.වී. බලන්න, සින්දු අහන්න තමයි වැඩිය කැමැති. ලස්සන පරිසරවල ඉඳන් සෙල්ෆි අරගෙන තමන්ගේම ලස්සන බල බල සතුටු වෙනවා. මේවා කර කර විභාග පාස්වෙන්න අමාරුයි. සිකුරු සුබ ග්‍රහයෙක්. සිකුරුගේ මහ දශාවේදී සහ අතුරු දශාවලදී සැප සම්පත් ගෙන එනවා. ඒත් ඉගෙන ගන්නවා කියන්නේ සැප සම්පත් භුක්ති විඳිමින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සැප සම්පත් භුක්ති විඳීම පැත්තක තියලා කැපවීමෙන්, වෙහෙසමහන්සි වී ඉගෙනීම් කටයුතුවල නියැළෙන්න ඕනෙ. ඉගෙනීමට බාධා ඇති කරන ග්‍රහ පිහිටීම කේන්දරය තුළින් හොයා බලලා අදාළ පිළිවෙත් ඉටු කිරීමෙන්ද දරුවාගේ ඉගෙනීමට කිසියම් අනුබලයක් ලබාදෙන්න පුළුවන්.

රාහුගේ අපලවලට ශිව දෙවියන්ට, පාර්වතී දේවියට පූජා තැබීම, යකඩ මිශ්‍ර ලෝහයෙන් තැනූ මුදුවට ගෝමේද ගලක් යොදා පැලඳීම, වැටකේ ගසට සාත්තු කිරීම,
සිකුරුගේ අපලවලට පාර්වතී දේවියට පූජා තැබීම, රිදී මුදුවකට දියමන්ති මැණික් ගලක් යොදා පැලැඳීම, කරඳ ගසට සාත්තු කිරීම වැනි පිළිවෙත් තමයි පැරණි ජ්‍යොතිෂ මූලාශ්‍රවල සඳහන් වන්නේ.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

බේස් ගිටාරයේ ෆාස්ට් රිදම් එක අර්නි

Next Post

තරු පොකුරක් අතුරුදන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.