• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරු පොකුරක් අතුරුදන්

October 17, 2019
in Heart
Reading Time: 2 mins read
A A
තරු පොකුරක් අතුරුදන්
Share on WhatsAppShare on Facebook

මීට වසර ගණනාවකට උඩදි නිර්මාණය වුණු ජනප්‍රිය නිර්මාණ කිහිපයක චරිත ආයෙත් ඔබේ මතකයට රැගෙන එන්න අපට හිතුණා. ඒ නිර්මාණ තමයි ‘හිරුට මුවාවෙන්’, ‘අඹ යහළුවෝ’, ‘කිඳුරංගනා’, ‘නිසල විල’ කියන ටෙලිනාට්‍ය. එදා අතිශයින් ජනප්‍රිය වුණු එම නිර්මාණවල රඟපෑ තරු මේ වෙනකොට සැඟවී ගිහින්. අද බිහිවන නිර්මාණවල ඔවුන් දකින්න නැති තරම්. ඔන්න අපි ඔබ වෙනුවෙන් ඔවුන්ට කතා කළා. ඇත්තටම ඔවුන් සතුටට පත්වුණා මාධ්‍යයකින් ඔවුන් ගැන සොයා බලපු එක ගැන. බලන්න ඔබටත් මතකද කියලා මේ බැබලුණු තරු පොකුර.

නපුරු පුංචි අම්මා කෝ?
‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යය හරහා නපුරුකම් කළ පුංචි අම්මාට වැල නොකැඩී පසුකාලීනව ටෙලිනාට්‍යවලින් ආරාධනා ආවා. ඒත් දැන් නම් නපුරු පුංචි අම්මාව කාටවත් පේන්නෙ නැති බවයි ඇය අපට පැවැසුවේ.
“කාලෙකින් රඟපෑව. ‘පොඞ්ඩි’ මේ දවස්වල සියත නාලිකාවේ විකාශය වෙනවා.” 2002 ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණෙත් කැමැත්තකින් නොවන බවත්, දෙයක් කළ යුතු නිසා බවත් කී ඇය, එයට නොසිතූ තරම් ප්‍රතිචාර අදටත් ලැබෙන බවයි පැවැසුවේ. රඟපෑමෙන් දුරස් වන්නේ නැති බවත්, නිර්මාණවලින් අරාධනා ලැබුණොත් ඒවාට සාධාරණයක් ඉටුකරන බවත් ඇය නිහතමානීව අපට පැවැසුවා.

ටෙලිනාට්‍ය පෝලිමක් එනවා
‘අඹ යහළුවෝ’ ටෙලිනාට්‍ය හරහා ජනපිය වුණු නිමල් ඔබට මතක ඇති. ඉතින් නිමල්ගේ චරිතයට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් අදටත් ආදරය කරනවා. නිමල්ගේ චරිතයට පණ දීපු අශේන් මංජුල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙලා කාර්යබහුලව සිටින බවයි අපට පැවැසුවේ. රඟපෑමෙන් ඈත්වෙලා නැති බවත්, ඉදිරියේදී ටෙලිනාට්‍ය කිහිපයක් විකාශය වීමට තිබෙන බවත් ඔහු අපට පැවැසුවා.

මම ආයෙ ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නෑ
ළමා අවධියෙම සිනමාවට පිවිසි ඇය ‘නැව ගිලුණත් බෑන් චූන්’ චිත්‍රපටය හරහා සිනමා තාරකාවක් වුණා. ප්‍රේක්ෂක ආකර්ෂණය ඇයට නොඅඩුව ලැබුණේ ‘හිරුට මුවාවෙන්’ ටෙලිනාට්‍යය නිසා තමයි. පසු කාලීනව ඇය ගායිකාවක් වීමටද වරම් ලැබුවා.
“මම ආයෙ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ. කලාවෙන් සමුගන්නයි හිතාගෙන ඉන්නේ. මම අවසානයට රඟපෑවේ ‘ධරණි’ ටෙලිනාට්‍යයේ. මගේ අම්මා එකතැන් වුණා. ඇයගේ හැම කටයුත්තක්ම මගේ අතින් සිදුවන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ පාසලේ වැඩකටයුතුත්, දරුවන්ගේ වැඩකටයුතුත් නිසා මට කලාවට කාලය යොදවන්න බැහැ. ගොඩක් දුකයි. ඒත් මගේ යුතුකම් වෙනුවෙන් මට කලාවෙන් සමුගන්න වෙනවා. මගේ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි. ඔවුන් සමඟ අදත් හෙටත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මට දෙයක් කරන්න බැරිවෙන එක ගැන දුකයි. ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා මම මේ තීරණය හොඳට හිතල ගත්තේ. ඒ වගේම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත සියලුම දෙනාටත්, මා වෙනුවෙන් කැපවුණු සියලුම පුවත්පත් මාධ්‍යවේදීන්ටත් හදවතින්ම ස්තුතිය පුදකරනවා.”

අලුත් අය එනකොට අපි අමතකයි
‘නිසල විල’ ටෙලිනාට්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ ඇය ‘පස්සෙ ගෙනා මනමාලි’, ‘ගැහැනු ළමයි’, ‘ලොකු දුව’, ‘ඉරැස්මා’ කියන නිර්මාණවලද කතාබහට ලක්වුණා. ඇත්තටම දැන් කෝ මේ අමා කියලා හොයන්න අපි ඇයට කතා කළා. ඇය තවමත් රඟපෑමට ආශාවෙන් බලා සිටින බවත්, නිර්මාණවලින් ආරාධනා නැති බවත් තමයි අපට පැවැසුවේ. ඇය අවසාන වරට රඟපෑවේ 2013 වසරේ ‘තාරා’ ටෙලිනාට්‍යයේ බවත් වැඩිදුරටත් පැවැසුවා.
අලුත් තරු බිහිවන නිසා තමාට ආරාධනා අඩුවන්නට ඇති බවත්, යළිත් ඔක්තෝබර් 19දා ඇය වේදිකාවට එන බවත් අපට පැවැසුවා. නුදුරු දිනෙකදීම අමාගේ රැඟුම් නැවත අපට දැකබලා ගන්නට හැකි වේවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සා.පෙ. ශාපයක් කරන පාප ග්‍රහයෝ

Next Post

සිවුහෙලේ අන්තිම රජ්ජුරුවෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.